සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත.
ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් බ්ලොග් සින්ඩිකේටර වල මගේ බ්ලොග්අඩවිය දෝශ රහිතව පෙන්වීම ඔවුනට පිළිතුරක් යැයි සිතමි.
තවදුරටත් මම අලුත් බ්ලොග් පෝස්ට් එකක් ලියූවිට recently updated යටතේ මගේ බ්ලොග් අඩවිය දිස්වීම වැලැක්විය හැකිනම් වැඩේ අතේ පත්තු නොවන ලෙසට ගෙන යාහැකි බව මගේ විශ්වාසයයි. ( තිර පිටපත ) මෙම සිංහල බ්ලොග් සංසදය විවේචනයෙන් අරුම පුදුම තාක්ෂණික දෝශ උරුම වූ එකම බ්ලොග්කරුවා මම නොවන වගද ආරංචි විය.
අවසාන වශයෙන්,
අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.
යන ඉල්ලීම පිළිගෙන අතන මෙතැන කමෙන්ට් දැමීම නවතා මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමි.


අනේ ඕකට කුද ගහගන්න කියහං. බබාසින්ඩිය නැති උනාට උඹේ එව්වා කියවන්න අපි ඉන්නේ…!!!!
අයියා වගේ කෙලින් කතා කරන්න කොන්ද පණ තියෙන එක් බ්ලොග් ලියන්නෙක් හරි දකින්න ලැබීම සතුටට කරුණක්… කැමති නම් අනිත් සින්ඩියට එක් වෙන්න
http://www.anuradhapurazone4.co.cc/2010/03/blog-post_21.html බබාලගේ කින්ඩියෙන් මට අයිති හිමිදිරිය අයින් කරාට දාපු ලිපිය බලන්න ඔයත් බබ්බුනේ බන් ගනන් ගන්න එපා අතන මෙතන ලිව්වට මටත් ඔහොමයි බබ්බු නේ ගනම් ගන්න එපා
උඹ දෙන ගොන්පාට් වල හැටියට උඹව අයින් කරන එක පුදුමයක්යැ බං? උඹෙ http://anunet.blogspot.com/ එක ලංකීය සිතුවිලි එකෙනුත් අයින් කරලනේ.
මෙන්න දාලා සිරා පාට් එකක්
. මොකක් කිව්වා ඔහොම බ්ලොග් එකක් ඇත්තෙත් නෑ නෙව. හීනයක්වත් දැක්කද
මැටි ටෝක් දෙන්න කලින් මේක බලන්න
http://blog.inetlanka.com/removeindexBlogList.php
“Blog not found
Sorry, the blog you were looking for does not exist. However, the name anunet is available to register!”
http://anunet.blogspot.com/ වෙනුවට ඔහුගේ නව බ්ලොග් අඩවිය http://www.anuradhapurazone4.co.cc/ ලාංකීය සිතුවිලි වල ඇතුලත් කර ඇති බව දන්වන්න කැමතියි.
දේශපාලනය නොමැති, පුවත් නොමැති, පහන් නොමැති, ආගන්තුකයා නොමැති, සිංහල නොමැති, බ්ලොග් නොමැති, මොනවා නැතත් යුනිකෝඩ් ඇති, සුජාත සදාචාරවාදී, නොකා නොබී කැප වී වැඩ කරන හවස ප්ලේන්ටිය පවා වැය කර පවත්වා ගන්නා සින්ඩියට අපහාස කර කඩා කප්පල් නොකරනු මැන.
//අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.//
රුචිරාණනී අහන්න…. එකපාර මා මරන්න.
your page is still displayed in blogroll
http://blogs.sinhalabloggers.com/blogroll
How ever updates are not coming to main page.
Meka Komputar Jilmart ekak
http://andirisapoo.blogspot.com/
කොම්පීටර් ජිල්මාට් :p
හික්z
හරි දේ කරන්න සහෝදරය…
අපි ඉන්නව…