පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ බ්ලොග්කරුවන්.(සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි.)
අන්තර්ජාලය කියන්නේ නීතිරීති දාලා පාලනය කරන්න අපහසු දෙයක් මොකද ඒක තියෙන්නේ මෙන්න මෙතැන, ඒක පාලනය වෙන්නේ, තියෙන්නේ මෙතැන කියලා අදහසක් ප්‍රකාශ කරන්න බැරි වීම. හදන නීති සමහරවිට ප්‍රායෝගිකව පිළිපදින්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ප්‍රචාරක ප්‍රයෝගවලට නම් වැට බැඳීම නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. මෙම තත්වය ලංකාවේ පමණක් සිදුවන්නක් නොවෙයි. ඇතැම් දියුණු රටවල් වලඇතුලු බොහෝ රටවල්වල මේ ප්‍රචාරක ප්‍රයෝග යොදා ගැනීම සිදුවෙනවා. ලංකාවේ 7.2Mbps හා 14.4Mbps යනුවෙන් පහුගිය දිනවල දැන්වීම් පලකල එක සමාගමක්වත් එහි හරි අඩක් වන 3.6Mbps හෝ 7.2Mbps වත් හරියාකාරව ලබාදෙන්නේ නැහැ. ඒත් පාරිභෝගිකයන් විදියට අපිට පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අන්තර්ජාල සබඳතාවයේ තත්වය ගැන තොරතුරු හැමෝම එකක් බෙදා ගැනීම. එහෙම උනාම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නා හොඳ නැතිනම් අපිට වෙන හොඳ අන්තර්ජාල සේවා සපයන්නෙක් වෙත යා හැකියි. අන්තර්ජාල සේවා සපයන්නා හොඳ සේවාවක් ලබාදුන්නේ නැතිනම් පාරිභෝගිකයා වෙනත් අන්තර්ජාල සේවා සපයන්නෙකු වෙතට යොමුවෙන නිසා නිසැකයෙන්ම හොඳ සේවාවක් සපයන්න හැකි උපරිමයෙන් කටයුතු කරයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. lirneasia ආයතනය සම්බන්ද වෙන්නේ මෙන්න මේ කාර්යයට ඒ කියන්නේ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ හොඳ නරක කියන්න අවස්තාවක් ලබාදීම. ඒ අනුව සිදුවන වඩාත් හොඳ සේවාවක් සේවාවක් සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් පෙළඹවීමේ වාසිය ඔබටමයි. දැනට කරගෙන යන වැඩ පිළිවෙල වන්නේ විවිධ පාරිභෝගිකයන්ගෙන් තමන්ගේ අන්තර්ජාල සේවාව පිළිබඳ දත්ත එකම ස්තානයකට එකතු කිරීමෙන් ඒහා සම්බන්ධ තීරණ ගැනීම සහ ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පරදි සකස්කිරීමයි. මෙම දත්ත එකතුකිරීම සඳහා ඔබත් දායකවීමට කැමතිනම් AT-Tester මෘදුකාංගය බාවිතා කර ඔබේ අන්තර්ජාල සබඳතාව පිළිබඳ දත්ත ලබාදෙන්න පුළුවන්.(වැඩි විස්තර සඳහා http://www.broadbandasia.info/ වෙත පිවිසෙන්න.). දැනට එකතු කරන ලද දත්ත පරීක්ෂා කර බැලීම http://www.broadbandasia.info/ වෙබ් අඩවියට පිවිසීමෙන් කරන්න පුළුවන්. මෙම මෘදුකාංගයේ ජංගම දුරකතන සඳහා වෙළුමක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඉදිරියේදි ඔබට ජංගම දුරකතනයෙනුත් මේ සඳහා දත්ත ලබාදීම සිදුකිරීමට පුළුවන්. විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා ඒතමයි මේ දත්ත සියල්ල අන්තර්ජාල සේවාවක් නිර්ණායක කිහිපයකින්ම මැනීම සහ සේවාසපයන්නා, දේශීයව, අන්තර්ජාතිකව යනුවෙන් මට්ටම් සළකා බැලීම. මෙම මට්ටම් මඟින් දෝශයක් තිබේ නම් සැබෑවටම එය ඇත්තේ කොතැනද යන්න ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. නිර්ණායක බොහොමයක් මත පදනම්වීම ගුණාත්මක භාවය නිවැරදිව නිර්ණය කරන්න පිටුවහලක් වේවි.
broadband ගැන සරලව -3 | පොරොන්දු වූ පරදි සේවාව ලබාදීමට සේවා සපයන්නා අපොහොසත් නම්?
Related Posts
Leave a comment ?



wow this is cool tool. දැන් දෙන්නම් ජම්බු…
ලිපිය හොදයි
Mmm… great info…
ha. Uba kiyanakal hitiye
හයියෝ ඒක මම දැනං හිටියෙ නෑනෙ. කලින් දැනුම් දුන්නානම් මම කලින්ම ලියනවනෙ
අයියෝ මට ඕක මිස් උනානෙ..
වැදගත් ලිපියක්..
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.
අන්තිමට කතා කරලා කිව්ව,
මට මේක එපා.කැන්සල් කරන්න කියල.
කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.
SLT BroadBand- 512 KB – RS: 2200/=
My Speed Test
http://www.speedtest.net/result/779511999.png
මොන මගුලකටද කෑන්සල් කරන්න 6000 ක් ගෙවන්නේ ! ඕක මචං කෙලින්ම ගිහිල්ලා උබලෑ පෑත්තේ ” ප්‍රාදේශීය වීදුලීසංදේශ නීයාමක ” එක්ක කෙලින්ම කතා කරහන් !
කෙලීන්ම කියපන් 1. එක්කෝ හදලා දෙන්න (512 ම එන්න )
2. නෑත්තම් කෑන්සල් කරලා දෙන්න ( උබ පලවෙනිපාරට SLT එකට report කරපු දවසේ ඉදන් බිල් වල වන්දීමුදලකුත් ඉල්ලලා )
තව දෙයක් . අපි යම්කිසී පරිගනක ජාලයකට සම්බන්ද වෙනවා නම් එම ජාලයෙන් අපීට ලබාදන ජාල වේගය (Committed Information Rate CIR ) යම් නියත අගයක් තියෙන්න ඕනේ . මම හිතන විදිහට 80% ක් ද කොහෙද (512*80/100) . ඉට වඩා අඩුනම් කෙලින්ම නීතිමය පියවර ගන්න පුලුවන්. ඔයා SLT Complaint එකට කරන හෑම වෙලාවෙම දෙන Complaint number එක සටහන් කරගන්න. මේ පිලිබදව ලිඛිතව ප්‍රාදේශීය වීදුලීසංදේශ නීයාමකට සහ පාරිභෝගික සේවා අධිකාරියට දෑනුම් දෙන්න.