අන්තර්ජාල සේවා සපයන්නෙක් තෝරාගන්නේ කෙසේද? | broadband ගැන සරලව -2

මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක්

අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා. අපේ කතාබහට round trip latency ප්‍රමාණවත්.

අන්තර්ජාල සපයන්නෙක් තෝරා ගැනීමේදි පහත අනුපිළිවෙලට සලකා බැලීම සුදුසුම ක්‍රමයයි.
1. ADSL
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
3. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)

ජංගම පුළුල් පරාස සබඳතාවක් (mobile broadband) නම් භාවිතා කරන්න යොමු විය යුත්තේ වෙනත් විකල්පයක් නොමැතිම තැන බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. ADSL සඳහා පළමු තැන දෙන්නට හේතුව උනේ බොහෝ ADSL සබඳතාවල ඇති ස්තාවර බව හා latency අතින් අඩුවීම . (මෙය අනිත් සබඳතාවලට සාපේක්ෂව බලා ගත් නිගමනයක්). අනිත් හේතුව ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) මත පැටවෙන බදු ප්‍රමාණය වැඩි වීම. 15%ක පමණ වැඩිපුර බද්දක් ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා අය කරනවා.
දැනට ADSL සඳහා සේවා සපයන්නෙකුට ඉන්නේ SLT පමණයි. wireless සබඳතා සඳහා lanka bell wimax, Dialog wimax තිබෙනවා. සබඳතා වර්ග දෙකේදීම බොහෝ පාරිභෝගිකයන්ට සේවා සපයන්නා ප්‍රචාරය කරන වේගයෙන් 80% – 90% ක් පමණ ලැබෙනවා.එහෙත් ප්‍රචාරය කරන අගය ඉක්මවා යන අවස්තා නම් ඉතාම දුර්ලභයි. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් අඩු නැතිව පාරිභෝගිකයාට ලබාදෙන අන්තර්ජාල සේවා සපයන්නන් ලංකාවේ නැති බව මතක තබා ගැනීම ඉතාම වැදගත්. මේ අනුව 80%ත් ඉතා හොඳ අගයක් හැටියට කියන්න පුළුවන්. එහෙත් ස්තාවර අන්තර්ජාල සබඳතාවයක ප්‍රචාරය කරන වේගය නොලැබේ නම් සේවා සපයන්නාට පැමිණිලි කිරීම ඉතාම වැදගත්. ඔබ ගෙවන මුදලට සරිලන සේවාවක් ඔබට ලැබිය යුතු බව මතක තබා ගන්න.
ඊඟළට අපි ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) ගැන කතාකරමු. ටිකක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න අමාරු ක්ෂේත්‍රයක්. හේතුව ඉක්මනින් වෙනස්වන සුළුවීම. ජංගම පුළුල් පරාස සබඳතා සඳහා සීමාරහිත සබඳතා අඩුවීමත් එක්තරා විශේෂත්වයක්. මේ දුර්වලතා දෙකටම හේතුව දී ඇති අවස්තාවක එක් සම්ප්‍රේෂණ කුළුනක් සමඟ සම්බන්ද වී සිටින පාරිභෝගිය සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබෙන සේවාවේ ගුණාත්මක බව තීරණය වීම සහ මේවායේ සේවා සපයන ජංගම දුරකතන සමාගම් දත්ත සම්ප්‍රේෂණයට වඩා හඬ සම්ප්‍රේෂණයට(voice calls transmission) ප්‍රමුඛත්වය ලබාදී තිබිම.
ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා දැනට සේවා සපයන්නන් 3දෙනෙක් ඉන්නවා. ඩයලොග්, මොබිටෙල් සහ එයාටෙල්. ඇතැම් විට ළඟදීම මොවුන් අතරට තවත් සේවා සපයන්නෙක් ළඟදීම එකතු වේවි. mobile broadband සබඳතාවයක් මිලදී ගන්න පෙර අනිවාර්යෙන්ම පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.
1. සිග්නල් ප්‍රමාණය.
2. ඔබේ අසල්වැසියෙකු ජංගම පුළුල් පරාස සබඳතා භාවිතා කරනවා නම් ඔහු එහි සේවා ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත්වනවාද?
3. ඔබ සිටින්නේ ළඟම සම්ප්‍රේෂණ කුළුනෙන් කොපමණ දුරකින්ද?(කිලෝමීටරයකට වඩා වැඩිදුරකින් සිටිනවා නම් එය එතරම් සුභ ලකුණක් නෙවෙයි)
4. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් නොව ඇත්ත වශයෙන්ම ලැබෙන වේගයන්.(ඇතැම්විට ඇත්ත වේගය ප්‍රකාශිත අගයෙන් 10%කටත් අඩු අගයක් විය හැකියි)
5. සීමාරහිත mobile broadband පැකේජ අඩුයි. එම නිසා මෙහිදී ඔබ මුදල්ගෙවන්නේ ඔබ භාවිතා කරන දත්ත ප්‍රමාණයට. ඔබගේ දත්ත භාවිතාව මැන බැලීමට නිශ්චිත, විශ්වාසදායී ක්‍රමවේදයන් සේවා සපයන්නා ලබාදෙනවාදැයි සොයා බලන්න.(ඩයලොග් හා මොබිටෙල් අන්තර්ජාලය ඔස්සේ දත්ත භාවිතාව පිළිබඳ විස්තර ලබාදෙන අතර එයාටෙල් සඳහා එසේ දැනගැනීමේ එකම ක්‍රමය පාරිභෝගික සේවාව ඇමතීම පමණයි.)
6. ඔබ නිතර ගමනාගමනයේ යෙදෙමින් මෙම සබඳතාව භාවිතා කරනවා නම් ඒ ඒ ප්‍රදේශ වලින් බහුතරයක ඉහත කී අවශ්‍යතා 5 සපුරාලනවාද?

Related Posts
Leave a comment ?

10 Comments.

  1. ඔයාගේ ලිපිය හොදයි එත් ඔයාගේ ලිපියේ තියෙනවනේ අපේ සම්බන්ධතාවයේ ගැටලුවක් නම් පරිභෝගික සේවාවට කතා කරන්න කියලා ඒ අදහස වැඩක් නැ මම හැමදාම මොබි එකට කතා කරනවා උන් හැමදාම උන් හරි මම වැරදි බයිලේ ගහනවා එතකොට කටට එන ඒවාගෙන් හොදට උන්ට බැනලා හදා ගන්නේ ‍මෙබි පරිභොගික සේවය වැඩක් නැහැ ඩයලොග් එයාටෙල් Etisalt හොදයි එයලා අපි කියන එක අහනවා මේ ටිකත් ලිපියට ඇතුලු වුනානම් එල බායි

  2. හා මට ඉස්සල්ලා කියන්න බැරි වුනා ටිගෝ වල නොමිලේ ඉන්ටනෙට් යන්න ඔනම් A.P.N Web විදියට හදා ගන්න මරැ ඩයලෙ‍ාග් එකෙනම් මම රැ 50 දාගන්නේ දවස්3 දවස් 3ම කොච්චර ඩවුන්ලෝඩ් කරත් සල්ලි කැපෙන්නේ නැ මම පැය 24 ඉන්ටනෙට් එකේ මරැ කොම්පැනියට හොරා මගේ සිම් දැන් මාස 3 වැඩ බායි

  3. Mobile Broadband කියන තරම් නරක නෑ.
    Mobitel එක ගත්තම 128 kbytes/sec විතර සාමානයෙන් එනවා. ඒ කියන්නෙ More than 1 MB/s speed.

    I’m pretty impressed.
    but Dialog එක නම් දැන් චාටර් (ඉස්සර නම් සිරා)

  4. Wi-Max වලදීත් HSDPA වගේ USB DONGLE එකක්ද හම්බ වෙන්නේ?

  5. මගේ මොබිටෙල් හැබැයි මම සෑහීමකව පත්වෙනවා මට උපරිම සෟපීඩ් එනටා කිසි අවුලක් නෑ

  6. මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">