මොකෝ මේ උඩ බිම බලන්නෙ. ඒක තමා සැප්තැම්බරේ තාම අහලකටවත් ඇවිත් නෑ. මේ පහනා සැප්තැම්බරයක් ගැන කියවන්න හදනවා. මේකයි සින්කෝන්ස් එක. ඉන්ටනෙට් එක එහෙමත් නැත්තම් world wide web එක සීන් එකට එන්ටාර් වෙන්න කලින් 1980-90 කාලෙදි usenet කියලා අටමගලක් කවුදෝ සෙට් එකක් අටවගෙන ඉඳලා තියෙනවා. වැඩි විස්තර මේ මුකුත් හරියට දන්නෙ නැති අහිංසක මගෙන් නාහා ඉන්ටර්නෙට් ඉටුදෙයියා ගූගල්ට කන්නලව් කරලා හොයාගන්න. (මම මෙතෙක් දැකපු ටෙක් ලොකෙ තමුන් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන කවුරුහරි ඇහුවොත් බුවාලගෙ ඉමර්ජන්සි එක්සිට් එකට එන්නේ ගූගල් උන්නැහැ තමා.
ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ
)
ඕං කොල්ලා කතාව පැත්තකින් තියලා රෝන්ග් සයිඩ් ගිහින් ආයෙ ට්‍රැක් එකට ආවා. ඉතිං ඔය කියන usenet එකට යන්න වාසනාව ලැබිලා තියෙන්නේ කීප දෙනෙකුට විතරයි. ගොඩක් දුරට විශ්ව විද්‍යාල කොනෙක්ට් වෙලා තියෙන්නේ. හැම අවුරුද්දෙම යුනි වලට අලුත් බැච් අරන් තියෙන්නෙ සැප්තැම්බර් මාසෙදි. හැබැයි usenet එකට යන්න කලින් තෙල හෙම ගහලා (යකෝ!!! තෙල් කිව්වෙ පොල්තෙල්වත් භුමිතෙල්වත් නෙවෙයි දේශනාවක් දෙනවට) තමයි යන්න දීලා තියෙන්නේ. ඒ කිව්වට ඉතිං usenet එකට ගියාට පස්සේ usenet එකේ පිස්සු නටන්න පටන් අරගෙන.(ගොඩයින්ට මැජික් කියනවලුනෙ.) පස්සෙ කට්ටියම මැජික් එක එපා උනාම තත්වෙ කූල් ඩවුන් වෙලා. ඒ නිසා පරන usenet කට්ටියත් එච්චර මේක ගැන ගනං ගෙන නෑ. මොකද සැප්තැම්බරේ ඉවර උනාම සේරම ෂේප්.
කොහොම හරි 1993 දි AOL හෙවත් America Online කොම්පැනියෙන් නොමිලේ usenet එකට යන්න පැය ගානක් දීලා තියෙනවා. දැන් ඉතිං ඕන එකෙක්ට usenet යන්න පුළුවන් . ඒත් මේගොල්ලන්ට අර වගේ usenet එකේ අනිත් අයට කරදරයක් නොවී ඉන්න එක ගැන පොඩ්ඩක්වත් දැනුවත් කරලා නැහැ. ඉතිං usenet එකට ඒ ආපු සැප්තැම්බරය කවදාවත් ඉවර උනේ නැතිලු.
. මොකද අලුත් අය හැමදාම එනවා. හුරුවෙන්න වෙනදාටත් වැඩිය කල්ගන්නවා.
ඉන්ටනෙට් එකටත් හැම මාසයක්ම සැප්තැම්බරයක් නැද්ද මං අහන්නෙ? (spam කාරයෝ, වදකාරයෝ, බොරුකාරයෝ-සැබෑ ලෝකෙටත් වැඩිය පිරිලා ). අනේ වරදක් කියනවා නෙවෙයි. අපි කැමති උනත් අකමැති උනත් internet එක එහෙම තමයි.
මේ ගැන ඔත්තුව දුන්න බුද්ධික සිද්දිසේන අයියාට මගේ ස්තුතිය.
- වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Eternal_September
- ගූගල් කරලා හොයාගන්න එකයි ඇත්තෙ
මේ පෝස්ට් එක ඇත්තටම ලිව්වේ ඊයෙ. ඒත් හොස්ටින් වලට මුදල් ගෙවන්න ප්‍රමාද උන නිසා බ්ලොග් එක ඇණහිටියා. බ්ලොග් පෝස්ට් එක ලියලා ආයෙ අකුලගත්තට සොරි වෙන්න ඕන.



එදා තෙල තමයි තෙල!!!
මේ දැන් ඉන්ටර්නෙට් එකේ සමාජ සේවකයොත් පිරිල බන්!!! මාර සිරා!
සමාජ සේවකයො කිව්වමයි මතක් උනේ | පහන් අය්යත් සින්ඩියක් හදනවා කියන්නේ
එල එල නොදන්න දෙයක් දැනගත්තා. තොරතුරට ස්තුතියි !
Usenet වචනෙ අහල තිබුණට දැන් තමයි තේරුම දැනගත්තෙ.
සැහ් මොන මගුලකට ඕක කාටත් විවෘත කරාද මන්දා. දැන් අපි වගේ කොල්ලයි බල්ලයි ඔක්කොම මේකට රිංගලනෙ. නිකං පාර්ලිමේන්තුව වගේ.
අඩේ පහන්!!! ඇත්තද බං උඹත් සින්ඩියක් පටන්ගන්න යන්ව කියන්නෙ.
ඒක නෙවෙයි, කාලයක් තිස්සෙ කල්පනා කර කර ඉඳල මමත් ගිය සතියෙ බ්ලොග් එකක් පටන් ගත්ත. පුලුවන්නං අඳුරගනින් මම කවුද කියල.
අමාරු වෙන එකක් නෑ.
බ්ලොග් එක කියෙව්වාම තේරුනා කවුද කියලා. හැබැයි උඹ කියන කල් මම හිතුවෙ නැහැ. රෝද කඩේ ගැනත් ලියල තිබුන නිසා නිකමට හිතුනා මම දන්න එකෙක් වෙන්න ඇති කියලා.
. උඹලට නරකයි නිකම්වත් gtalk ඉන්න ගමන් අපිට ලින්ක් එක දුන්න නං.
සමා වෙන්න සමා වෙන්න. ටික දවසක් පරක්කු උනාට.
;P
usenet එක පාවිච්චි කරන්න සල්ලි ගන්නවද?
මුල්කාලෙ සැර ගානක් ගෙවෙන්න වෙලා තියෙනවා. ඒකයි හැමෝටම ගන්න බැරිවෙලා තියෙන්නෙ.
ඇ අයියේ ඔයා සිංඩියක් හදනවද ?
පිස්සුද බං. දේශද්‍රෝහියෙක් වෙන්න මට කිසිම උවමනාවක් නැහැ
RSS බ්ලොග් සින්ඩිකේටර් එකක් හදන එකා දේශද්‍රෝහියෙක් වෙන්නෙ කොහොමද බං ^^ ? හොඳවෙලාවට දැනගත්තේ නැත්තම් මාත් නොදැනුවත් කම නිසා දේශද්‍රෝහියෙක් වන්නට ඉඩ තිබුනා.. LOL!
එහෙම තමයි මචං. තියෙන සින්ඩියේ එවුන් කොච්චර පීචං වැඩ කලත් ඒ වැඩ වලට විරුද්දව කතා කරලා ඒක දාලා ගිය එකා ද්‍රෝහියා. සමාජසේවකයන්ගෙ සමාජසේවය කරගන්න දෙන්නෙ නැතිව කොල්ලයි බල්ලයි සින්ඩි පටන් ගත්තහම සමාජසේවකයට ඒක කරගන්න බැරිවෙනවනෙ. රටට සේවය කරන එකාට අකුල් හෙලන එකා දේශද්‍රෝහියෙක් නෙවෙයිද?
එළ එළ කට්ටිය Internet ගැන විතරයිනේ දන්නේ. වැදගත්
මේකද මේ usenet කියන්නෙ එතකොට. මම පහු ගිය කාලෙ පොඩි වැඩකට UK freedom of information laws ගැන කියවනකොට usenet communities කියල හැමතැනම තිබුනා. තාම uk වල සමහර නීති රෙගුලාසි වල ඉන්ටෙර්නෙට් එකට වෙන්න ඇති එහෙනම් යූස්නෙට් කියලා තියෙන්නෙ නේද? මේක ලිව්වට මල්ලිට ස්තූතිය.
ඔව්ව ඔහොම තමයි බං.
හැබයි සැප්තැම්බර් කියන්නේ මං ආසම මාසෙ