මිල්ග්‍රම්, ඇෂ් සහ හිට්ලර් | Milgram , Asch and Hitler

ආයෙත් ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා.  මේ පෝස්ට් එක කියෙව්වාම සමහරවිට හිතේවි තමුන්, තමුන් ගැනම හිතාගෙන ඉන්න විදිය වැරදියි කියලා. එහෙම හිතුනොත් අනේ සොරිවෙන්න ඕන කනට ගැහුවට.

මිල්ග්‍රම් පරීක්ෂණය.

ස්ටැන්ලි මිල්ග්‍රම් කියලා මහාචාර්යවරයෙක් 1961 දි විතර කරපු පරීක්ෂණයක්. හිට්ලර් කරගෙන ගිය සමූල ඝාතනවලට නැවතීමේ තිත තිබුවාට ටික දවසකට පස්සේ.  මම අහල තියෙන විදියට මේ  පරීක්ෂණය කලේ හිට්ලර්ගේ සහායකයන් ඔවුන්ගේ සමූල ඝාතනයේ මූලික අරමුණු වලට අමතරව මේවාට සහය දෙන්න තවත් හේතු තිබුනාද කියලා හොයලා බලන්නයි. Adolf Eichmann කියලා නාසි හමුදාවෙ නායකයෙක් නඩු විභාගයකදී  කියලා තිබුනේ .

“I never did anything, great or small, without obtaining in advance express instructions from Adolf Hitler or any of my superiors.” (“මම කිසිවක් කලේ නැහැ. මම කලේ ඉහලින් එන උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණයි. “).

පරීක්ෂනය පැවැත් උනේ මෙහෙමයි.

පුවත්පත් දැන්වීමක් දැම්මා. මෙන්න ඒ දැන්වීම . වැදගත්ම දේ  මේ පරීක්ෂණයට සහභාගී උනේ සාමාන්‍ය ජනතාව. ඒ අය අතුරින් ගුරුවරයෙකු ලෙස හා සිසුවෙකු ලෙස කාණ්ඩ වෙන් කලා(ඇත්ත කතාව සිසුවන් ලෙස පෙනී සිටියේ පරීක්ෂණ කණ්ඩායමේම අය. මේ ගැන අනිත් අය දැනගෙන හිටියේ නැහැ.) ගුරුවරුන්ගේ අතට අහන්න ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඒ අහන ප්‍රශ්න වලට වැරදි උත්තර දුන්නොත් දඬුවමක් විදියට විදුලි සැරයක් දෙන්න නියම කලා.  ගුරුවරයාට පේන තැනක නෙවෙයි සිසුවා හිටියේ. වැරදි පිළිතුරු ගාන වැඩි වෙන්න වැඩිවෙන්න විදුලි සැරයේ ප්‍රභලතාවය වැඩි කරන්න නියම කලා. 135v සිට 450v දක්වා විදුලි සැර තමයි දෙන්න නියම කලේ. (අර බොරුවට සිසුන් විදියට පෙනී හිටපු පරීක්ෂන කණ්ඩායමේ අය උවමනාවෙන්ම වැරදි උත්තර දීලා විදුලි සැර වැඩි කරගෙන විදුලි සැර වැදුන විදියට විදියට රඟපෑවා.) ගුරුවරයා දිගටම වැඩේ කරගෙන යන්න අදිමදි කලොත් පිලිවෙලින්

  1. Please continue.‍
  2. වෙනි වතාවේදි අදිමදි කලොත් … The experiment requires that you continue. ආදී වශයෙන්….
  3. It is absolutely essential that you continue.
  4. You have no other choice, you must go on.

ලෙස කිව්වා.

වැඩි විස්තර සඳහා මේ video  එක බලන්න.

ප්‍රතිඵල

40 කින් 26 (65% ක්)උපරිම වෝල්ටීයතාවය වන  450 ලබාදීලා තිබුනා. 300ට අඩු වෝල්ටීය තාවයක් ලබාදීලා වැඩෙන් ඉවත් උනේ එක් පුද්ගලයෙක් පමණයි. අමතක කරන්න එපා මේ ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. ඉතිං නාසි හමුදාව ගැන කතාකරලා වැඩක් නැහැ. මේ පරීක්ෂණය කිහිප වතාවක් කලත් ප්‍රතිඵල නම් එච්චර වෙනස් වෙලා නැහැ.

වැදගත්: හිට්ලර්ගේ සමූලඝාතනයට උදව්උන හේතු සියල්ල මිල්ග්‍රම් පරීක්ෂණයෙන් පැහැදිලි කරන්න බැහැ. තවත්‍ හේතු තියෙනවා. (පුලුවන්කමක් තියෙනවා නම් Zygmunt Bauman ගේ modernity and Holocaust  හොයාගෙන කියවලා බලන්න. හම්බඋනොත් මටත් කියවන්න දෙන්න. ඒක හොයාගන්න අමාරුයි. :( )

ඈෂ් පරීක්ෂණය

උපුටාගැනීම:විකිපීඩියා

මේ පරීක්ෂනය සොලමන් ඈෂ් විසින් සිසුන් පිරිසක් සහභාගී කරවාගෙන පවත්වපු එකක්. ඔවුන්ව දැනුවත් කලේ ඇස් පෙනීම පිළිබඳ පරීක්ෂණයක් ලෙසයි. ඈෂ් යොමු කරපු ප්‍රශ්නය උනේ වම් පැත්තේ ඉරි කෑල්ලට දිගින් සමාන මොන ඉරිකෑල්ලද කියන එක. ඔව් 100%ක් දෙනා C කියලා පිළිතුරු දේවි. ඒත් මේ පරීක්ෂණයේදි පර්යේෂකයන් විසින් කලින් සූදානම් කරපු පිරිසක් හිටියා. වැරදි උත්තරයක් දෙන්න. (A කියලා හිතමුකෝ) මුලින් බොරුකාරයින්ගෙන් ඇහුවා ‍පිලිතුර, ඔවුන් A ලෙස පිලිතුරු දුන්නා. පසුව ඇත්තටම පරීක්ෂනයට මුහුණ දුන් අයගෙන් පිළිතුර ඇහුවා. පුදුමයට වගේ ඔවුනුත් දුන්නේ අර වැරදි උත්තරේමයි.(හරියට කියනවා නම් සහභාගී  උන අයගෙන් 75%ක්ම ). වැඩි විස්තර සඳහා මේ වීඩියෝ එක බලන්න.

ඇයි ඒ?

මේකට හේතුව conformity හෙවත් අනුකූලතාවය ලෙසයි ඈෂ් පැහැදිලි කරන්නේ.  හැමෝම එකම උත්තරේ දුන්නු නිසා එයාට හිතෙනවා තමන් වැරදි ඇති. අනිත් අය හරි ඇති. අනික මෙච්චර ගානකට වරදින්නෙ කොහොමද?. මම මේකට වෙනස් උත්තරයක් දුන්නොත් අනිත් අය මොනවා කියයිද දන්නෑ. අනිත් අය මාව විවේචනය කරාවී වගේ දේවල් නිසා එයා වැරදි උත්තරය දෙනවා.

මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. බලලා ටිකක් හිනාවෙන්න. හැබැයි ඒ හිනාවෙන්නේ තමන්ටම වෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න.

අපි හිනා උනාට මේ conformity එක නිසා ඕනෑම කෙනෙක්ට වරදින්න පුලුවනි.

උදාහරණ:-

  1. බුද්ධිමතුන්ට විතරක් පේන ලස්සන සළුපිළි ඇන්දුවා කියලා හෙළුවැල්ලෙන් පාරෙ ගිය රජතුමාගේ කතාව.
  2. ඊට වඩා ප්‍රායෝගික උදාහරණයක් දෙනවා නම්… ඇයි ළමයෙක් ඉපදුනාම දෙමව්පියෝ තොටිල්ලක් මිලදී ගන්නේ.
  3. 1. හැමෝම කියන නිසා

    2. හැම අම්මා තාත්තාම කරන දෙයක් නිසා

    3. එහෙම නොකර ඉන්න දෙමාපියන්ට හේතුවක් නැති නිසා.

    4. පොඩි එකාව ඇඳක නිදි කෙරෙව්වොත් මිනිස්සු මොනවා කියයිද කියලා දෙමව්පියෝ බය නිසා

    5. දෙමව්පියොත් පොඩිකාලෙ තොටිල්ලෙ නිදාගෙන තිබෙන නිසා එ‍හි ඇති ආතල් එක දන්නා නිසා??? :D

    උත්ත‍රේ 1,2,3, 4 නම් ඔබත් අනුකූලතාවයේ ගොදුරක් වෙන්න පුළුවනි.

  4. කෑමට පසු අතුරුපස කෑම (කෑමට ඉස්සෙල්ලා අතුරුපස කෑවොත් අනිත් අය මොනව හිතයිද දන්නෑ නේද?. එහෙම නැතුව දෙන්න පුළුවන් තර්කානූ‍කූල උත්තරයක් අපි බොහෝ දෙනෙකුට නෑනේද?.)
  5. ඇඳක නිදාගැනීම(පොඩි කාලෙ ඉඳන්ම මම කැමතියි මෙට්ට රෙදි මොකක්වත් නැතිව ‍ටයිල් පොල‍වේ හෝ සිමෙන්ති පොළවක නිදාගන්න. ඒත් අපේ අම්මා තාත්තා ඒකට ඉඩ දෙන්නෙ නෑනෙ. අපේ අම්මා තාත්තා මොනවා කියයි දන්නෙ නැති නිසා අපි ඇ‍‍ඳේ නිදාගන්නවා )
  6. බඳින එක(සමහරු කසාඳ බඳින්නේ අම්මා තාත්තා නෑදෑයෝ මොනවා කියයිද කියන බයට. )
  7. වයසක කෙනෙක් බස් එකකට නගිනවා. විනාඩි ගානක් යනකල් සීට් එකක් කවුරුවත් දෙන්නෙ නැති නිසා දැන් කොන්දා කෑගහනවා. ඒත් හදිස්සියෙ කවුරු හරි නැගිට්ටොත් තවත් දෙතුන් දෙනෙක්වත් නැගිටිනවා.

මේ මාතෘකාව කිට්ටුවෙන්ම යන bystander apathy ගැනත් ඉඩක් ලැබෙන විදියට ලියන්න බලන්නම්.

Related Posts
Leave a comment ?

27 Comments.

  1. මාර ලිපියක් කාලකින් නේද අයියේ පොස්ට් දැම්මේ

  2. ෂහ්..!! ඉතා හොඳ ලිපියක්. මේ කියලා තියෙන එක අඩුම තරමේ 80% ක් වත් මම අත්විඳලා තියෙනවා සත්‍යයි කියලා. අයියෝ, මගේ ජංජාලේ අවුල් අප්පා, වීඩියෝ ටික හරියට බලන්න ආයෙත් එන්න වෙනවා.
    :)

  3. නියමයි.. උපරිමයි.. අගේ වැඩියි!

  4. වීඩියෝ ටික පේන්නෙ නෑනෙ. මගෙ browser එකේ මොකක් හරි අවුලක්ද දන්නෙ නෑ. බොහෝම වැදගත් ලිපියක්

  5. Good post. I think the third experiment true ONLY if the subject is alien to the environment. For an example, if this particular scenario applies to you while you were in the lift, which you used to take many times in the past, you will not follow the others.

  6. ඔබ හරි. ඔය විදිහට තමයි අපි හුඟක් අය හුඟක් දේවල් තරන්නෙ. ගැඹුරු මාතෘකාවක් ගැන හොඳ ලිපියක්.

  7. ඔය වගේ ගොඩක් එව්වා අපි අතරෙ තියෙනවා නේද? ගෙදරකට ගියාම තේ බොන කෝප්පෙ ඉතිරි වෙන මණ්ඩි බොන්න බැරි නිසා කෝප්පෙ අඩියෙ තේ ඉතුරු කරනවා වගේ වෙන මොනව හරි මණ්ඩි නැති බීම බීලත් අඩියෙ සෙන්ටිමීටරයක් විතර බීම ඉතුරු කරන එක. (එව්වා සිරිලංකාවෙ ඈයින්ගෙ මැනර්ස්නේ ;) )
    තව.. ගෙදරකට ඇතුල් වෙද්දි සපත්තු ගලවන එක..
    එතකොට මත්වීම් වලට සෙට් වෙන ගොඩක් විට තමන් ඒකට ගොඩක් පුරුදුයි කියල කියන්න ආධුනිකයන් ප්‍රවීණයන්ගෙ ක්‍රම අනුගමනය කරන එක. මම කියන්නෙ බෝතලේ අරින එක, දාගන්න විධිය. එතකොට දුමක් පත්තු කරන එක වගේ දේවල්…
    තවත් මම දැකපු දෙයක් තමයි කොසෙල් ගෙඩි කාල පොත්තට කරන දේ. කවුරු හරි මුල් ‍වෙන කෙනා පොත්ත විසිකලොත් කට්ටියම විසි කරනවා. මුල් වෙන කෙනා කොසෙල් බන්දේසියෙම ලෙල්ල තිබ්බොත් කට්ටියම කරන්නනෙ ඒක.
    මේ වගේ ගොඩක් මේ කියල තියෙන තියරි වලට දාල හිතන්න පුළුවන් දේවල් අපි අතරෙ තියෙනවා. හොඳ හොඳ එව්ව ගොඩක් පහුගිය දොහේ තිබුණ නෙව.
    නියම සටහනක් මචෝ…

  8. මේ කතාව ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් වෙන බව මට කලින්ම තේරිලා තිබුණෙ. ඒ නිසා මේකෙන් මිදෙන්න මම උත්සාහ ගත්තා.

    තව හොඳ උදාහරණයක් කියන්නම්. අපි බ්ලොග් පෝස්ට් එකක් කියවනවා. කොමෙන්ට් එකක් දාන්න හිතලා පහළට එනකොට අනිත් අයගේ කොමෙන්ට් දකිනවා. ඒ කොමෙන්ට්වල තියෙන්නෙ අපි නොහිතපු පැත්තක්. මේ නිසා ඔබ දාන්න හදපු කොමෙන්ට් එක ගැන දෙවරක් හිතනවා. මේ නිසා මම මේ වෙලාවෙ මේ කොමෙන්ට් එක දාන්නෙ කලින් කොමෙන්ට් කියවන්නෙ නැතුව.

    බොහොම වැදගත් ලිපියක්.

  9. conformity වලට තවත් උදාහරණයක් තමයි, හැමෝම බැඳෙනවාට සින්ඩියට බැඳෙන එක. :-)

  10. නියමයි ම්චො….
    දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.
    ඉස්සරහටත් ලියන්න……..

  11. ඔව් මචං, ඕකම වෙළඳපොළේදී වැඩි වංශයෙන්, විශේෂයෙන්ම ප්‍රකට වෙළඳනාම වල භාවිතා වෙනවා.
    උද්‍රාහරණයක් විදිහට Coca Cola, Weed :D , Viva, Canon, Sony, Nokia, CoverGirl වගේ ප්‍රකට වෙළඳනාමයන් බහුලවම ප්‍රකට පුද්ගලයින්, නළුවන් වගේම ඒ ඒ භාණ්ඩ හා වෙළඳනාමය හැමතැනම දකින්නට සලස්වනවා. ඒ වගේම භාවිතා කරන අය වැඩි වෙද්දී Models වැඩි වෙද්දී ඒ එක්කම මිලදී ගන්නා අය වැඩි ඒ නිසායි.
    *****
    මෙහෙම කිව්වට මට දැන් ළඟදී ඉඳං කොහේද හැදී ගෙන එන්න අරං!

  12. නියම ලිපියක් . . බොහොම වටිනවා . . . ස්තූතියි මේ වගේ වැදගත් දේවල් . . වැදගත් මාතෘකා ගැන ලියලා අපිව දැනුවත් කරන එක ගැන

  13. තුන් වැනි උදාහරණය “the power of conformity” නම් හරිම සුලබයි ! නේද? බලන්නකෝ මැතිවරණ ප්‍රතිඵල දිහා! :P

  14. තවත් උදාහරණයක්, දවසක් මමයි මගේ ප්‍රියම්බිකාවයි(අර එදා උඹට මාට්ටු උනේ) කඩේකට කන්න ගියාට පස්සේ වතුර බොන්න බෝතලයක් ගත්තා.හේතුව උනේ හැමදාම කොහේ යතත් වතුර බෝතලයක් ගෙනියන අපි දෙන්නට එදා එකක් ගේන්න අමතක වීම.මෙන්න අපි ගත්තා විතරයි අනිත කෑම කකා හිටපු ඔක්කොම උන් වතුර බෝතල් ගත්තා.අපිටත් හිනා.මොකද ඒ කඩේ වතුර දෙන්න සල්ලි අය කරන්නේ නෑ.

  15. wath සොඳුරු සිත

    හරිම අගෙයි. මම කවදාවත් හිතපු නැති. කියවල නැති කරුණු ගොඩයි…
    bystander apathy ත් ඉක්මනින් ලියන්න. අපි බලා ඉන්නව෴

  16. ෂා මරු ලිපියක්.. මෙහෙම ඒවා තියේ කියලා දැන ගත්තේ අද :)

  17. මරු ලිපියක්…නියමයි…

  18. හොඳ හොඳ එව්ව ගොඩක් පහුගිය දොහේ තිබුණ නෙව.
    නියම සටහනක් මචෝ

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong> <pre lang="" line="" escaped="" highlight="">