සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.). හ්ම් ඒකත් කමක් නෑ කියමු.
අවශ්‍ය මූලික දැනුම
HTML , javascript ගැන ටිකක් දැනගෙන ඉන්න ඕන. HTML5 දන්නවා නම් ලේසියි.( ඒත් දන්නෙ නැතිනං HTML5 වලින් වැඩ දාන්න ඉගෙන ගන්න හොඳම තැනක් මේක. මොකද browser compatibility ගැන වද වෙන්න ඕන නැති නිසා.)
තව මොනවද ඉගෙනගන්න ඕන?
google chrome extension හදන්න API එකක් තියෙනවා. ඒකෙ documentation බලන්න ඕන වෙනවා. ( http://code.google.com/chrome/extensions/getstarted.html )
දැන් ඉතිං මේ documentation එක උඩ ඉඳලා පල්ලෙහාට කියවන්න පටන් ගන්න එපා. (වැඩේ එතැනින්ම එපාවෙනව ෂුවර්.
) . උඩින් පල්ලෙන් දෙපාරක් විතර කියවන්න.
chrome extension එකක ප්‍රධාන කොටස්
extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි සබ් කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි. (මේවා බාවිතා කලයුතු ආකාරය extension එකේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.)
පින්තූරෙන් පැහැදිලි ඇතිනේ. ඔය වගේ අයිකන් එකක් එක්ක popup එකක් දානවට browser actions කියලා කියනවා.

මේක API එකට අලුතින් ලබාදුන්නු පහසුකමක්. මම නං තාම මේක බාවිතා කරලත් නැහැ එහෙම බාවිතා කරලා හදපු extension එකක් දැකලත් නැහැ.(මගේ නොදැනුවත්භාවය පිලිබඳව කණගාටුව
) .
chromed bird, conwitter වගේ extension පාවිච්චි කරලා තියෙන අය දැකලා ඇති extension එක customize කරන්න පහසු කම් ලබාදීලා තියෙනවා. මේවගේ දේකට option page එකක් දාන්න ඕන වෙනවා.
අපි හිතමු අපිට අවශ්‍යයි chrome වල ඇතුලෙන් එන page එකක් වෙනුවට අපිට කැමති page එකක් දාගන්න. chrome වල history බලන්න ගියාම එන page එක වෙනස් කරන්න ඕන කියමු. ඒ වගේ දේකට override pages ගැන ඉගෙන ගන්න වෙනවා.

සමහර extensions දාගත්තාම සමහරවෙලාවට address බාර් එකේ අයිකන් එකක් එකතුවෙනවා. ඒක ක්ලික් කරලා extension එකේ script එකක් ක්‍රියාත්මක කරවා ගන්න පුළුවනි.
chrome වල Themes ත් වැටෙන්නෙ extensions වර්ගයටමයි. Themes හදන්න උනන්දු අය මේ ටික බලන්න.
පටන් ගනිමු.
මුලින්ම extension එක ප්ලෑන් කරගන්න ඕන. ප්ලෑන් කරත්දි දැනට තියෙන extension ටිකක් අතපත ගාලා බලන්න. පොඩි පොඩි අදහස් අරගන්න. මුලින්ම කට්ටිය UI එක එහෙම ප්ලෑන් කරගෙන ඉන්නකො මම ඊළඟ පෝස්ට් එක දානකල්.
(මොකද කියන්නෙ ඊළඟ පෝස්ට් එකෙන් පස්සෙ coding පටන්ගමුද?
)
පසුව ලියමි :
එකක් කියන්න අමතක උනා. page Actions හා Browser Actions දෙකම එක extension එකක පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ.



මැක්සා පෝස්ට් එක..
එල එල. මටත් ඉගෙන ගන්න ආසයි.
එළකිරි සහ ජලය. නරකද කස්ටියටම පේන්න එක එක්ස්ටෙන්සොමක් හදල පෙන්නුවොත්, ස්ටෙප්-බයි-ස්ටෙප්? ඊට පස්සෙ බැරියැ කස්ටියට තනියම ප්‍රැක්ටිකල් කරන්න!
අහ් මේ තියෙන්නේ මටත් ඔනේ කරපු දේ !! මමත් වැඩේ අනාගත්තා නොදන්න කමට දැන් සිංහල ගයිඩ් එකකුත් තියෙනවානේ
වැඩේ හොදයි දිගටම දාන්න මේ ලිපි ටික
වැදගත් ලිපියක් . දිගටම මේ ගෙන ලියන්න