අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා.
අපි කැමතිම ලින්ක් කිහිපයක් එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension
chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම කොටසක් තමයි manifest.json file එක. (JSON කියලා තියෙන්නේ අපි file එක ලියන්නේ JSON format එකට වීම නිසා. )
manifest.json file එකේ තමයි අපි අපේ extension එකේ නම, හදපු කෙනාගෙ නම, වෙබ් සයිට්, option pages තියෙන්නෙ කොහෙද, content scripts වල නම් මොනවද, extension එකට chrome browser එකේ ඇතුලෙ permissions ආදිය ගැන විස්තර ලබාදෙන්නේ.මෙන්න අපේ වැඩේට මම ලියපු manifest.json එක.
{
"name": "My Favorite Links",
"description": "My Favorite Links- Easy Access to your favorite web sites.",
"version": "1.0",
"icons": { "128": "icon_128.png" },
"permissions": [
"tabs", "http://*/*", "https://*/*"
],
"browser_action": {
"default_icon": "icon.png",
"default_title": "Click Here to Access your links",
"popup": "popup.html"
}
}
මුලින්ම name, description,icons වලින් දක්වලා තියෙන්නේ extension එකට අදාල විස්තර නම හා එකෙ අයිකන.
browser_action ගැන අන්තිම පෝස්ට් එකේ කතාකලා. ඒකට අදාල අයිකන් එක හා popup page එකේ නම් ටිකයි එතැන දක්වලා තියෙන්නේ.
popup.html එක මම ලිව්වෙ මෙහෙමයි.
<html>


පහන් අය්යට දිවැස් එහෙම තියෙනවද? O.o Gtalk එකෙන් අහන්න හැදුව කොටස තමා ඔය යටින්ම දාලා තියෙන්නේ
| දැනගන්නත් එක්කම අහන්නේ Developer mode යටතේ තියෙනවනේ තොරගැනීම් 3ක්
1. load unpacked extension
2. packed extension
3. update extension කියලා..
දැන් ඔය demo එක .zip ගොනුවක්නේ ඉතින් අපිට බැරිද packed extension යටතේම දාන්න ? [ නොදන්න නිසයි ඇහුවේ | මමත් ටෙස්ටින් එකක් කරන්න ගිහින් බ්‍රව්සරය ක්‍රැශ් වුනා ඒ විදියට කරලා]
ෂා..අයියේ මරුනේ..ස්තුතියි!
මරු..බොහෝම ස්තුතියි ලිපියට
ජය වේවා…………….
ඉතිරි ටිකත් දාන්න
දැන් ඉතින් එකක් හදන්න ඔන බලන්න
නියමයි දිගටම ලියන්න