එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති. අම්බානෙක පරක්කුයි. 138 බස් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා. හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා.
“මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ කොහෙද?” කියලා ඇහුවා. පේන දුර නිසා අන්න අතන කියලා පෙන්නුවා. එතකොටයි මම දැක්කෙ එතැන අන්ධ ජෝඩුවක් ඉන්නවා අත්අල්ලගෙන.
මාත් එක්ක කතා කරපු කෙනා ත්‍රීවිල්කාරයට කතාකලා.
“රුපියල් දෙසීයක් දෙන්න මහත්තයා.”
“රුපියල් දෙසීයක්????? එහෙම කරන්න එපා මම මේ දෙන්නට උදව්වක් කරන්නේ. මට වැඩට යන්න පරක්කුවෙනවා. ඒකයි මේලොගලන්ව ත්‍රීවිල් එකක යවන්නෙ.”. ඒත් ත්‍රීවිල් කාරයා සද්ද නැහැ.
කැම්පස් එක ඉස්සරහා පාර one way නිසා ආර්ට් එකට කැම්පස් එක මැදින් යන්නෙ නැතිනම් පොඩි වටයක් ගහන්න වෙනවා. ඒත් රුපියල් 200ක් වැඩියි කියලයි මගේ ඔළුවට ආවෙ. බොර දියේ මාළුබාන්න ආපු ත්‍රීවිල් කාරයත් එක්ක මට දැන් මල. මෙහෙම මනුස්සයෙක් ත්‍රීවිල් එක කැම්පස් එක හරහා ත්‍රීවිල් එකෙන් ගිහිල්ලත් මේ දෙන්නව කොහේ ගිහින් දායිද දන්නෑ. අනික ආර්ට් එකේ ගේට්ටුව ගාවට දානව මිසක් හරියටම යන්න ඕන තැන හොයලා බලලා එක්කරගෙන යන්නෙ නැහැනෙ.
“හරි, අයියෙ ප්‍රශ්ණයක් නෑ. මමත් කැම්පස් එකට යන්නෙ මම මේ දෙන්නව එක්කරගෙන යන්නම්. ”
එහෙම කියලා මම එක අන්ධ මනුස්සයාගෙ අතින් අල්ලගත්තා එයාගෙ අතින් අන්ධ ගෑනු කෙනා අල්ලගත්තා. ඇත්තටම එක්කරගෙන යන එක ලේසි උනේ නැහැ. මම දෙන්නම ගැන බලන්න ඕන. වාහන යනවා, පාරෙ වලවල් තියෙනවා ඒ සේරමගෙන බේරගෙන මේ දෙන්නව එක්කරගෙන යන්න ඕනි. ඔය අතරෙදි මට කියවුනා “ඔන්න, වාහනයක් එනවා බලාගෙන .”. ඒ දෙන්න මොනව හිතුවත් දන්නෑ. මට නං මාර අප්සට් බලන්න පුළුවන් නම් මෙහෙම වෙන්නෙ නෑනෙ. මම මටම බූරුවා කියාගෙන ඒ දෙන්නව ආර්ට් එක ගාවින් පාර පැන්නුවා.
“ඔයගොල්ලොන්ට ආර්ට් ෆැකල්ටියෙ කොතනටද යන්න ඕන” මම ඇහුවා. (මොකක්ද නමක් කිව්ව මට ඒ නම මතක නෑ. disable අයට උගන්නන වගේ තේරුමක් තිබුනෙ) . ආර්ට් එකේ කීපදෙනෙක්ගෙන අහලා එක්කරගෙන ගියා හරි තැනට. කිට්ටුවට යනකොටම දෙන්නම හිනාවෙලා “හරි හරි මල්ලි මෙතැන තමයි. බොහොම ස්තුතියි. ”
ළඟට ගිහින් බෝඩ් එකත් ආයෙ කියවලා මම ආයෙ හැරුනා.
දවස ගානෙ වගේ මෙතැනින් ගිහින් මෙහෙම තැනක් තියෙනව දැකලා නෑනෙ. බූරුවා. දකින්න පුළුවන් වෙලත් අන්ධයි. ආයෙත් මම මටම බැනගත්ත.


පොඩ්ඩකට කලින් සිරසෙ ප්‍රවෘත්ති වලින් කියපු විදියට ලංකාවේ පලවෙනි වරට දරුණු ලෙස ශ්‍රවණාබාධිත සිසුවෙක්/සිසුවියක් මේ අවුරුද්දෙ කොළඹ සරසවියෙන් උපාධිධාරියෙක් විදියට පිට වෙනවා. සමාජයෙ වෙන්වුන විශේෂ කොටසක්. උඹෙ බ්ලොග් එකේ ඒ අයට සටහනක් වෙන්වුන එකට ස්තුතියි.
අපිත් දකින්න පුලුවන් වුනත් අන්ධයි.
නම විතරක් නෙමෙයි. ඇඩ්‍රසුත් නෑ..
මම නම් ඔතනට ගිහින් තියෙනව.. දවසක් ඔය වගේම මමත් එක්කරගෙන ගියා හතර වටන්ම අහ අහ.. මොනා කරන්නද බන්.. අපි කොච්චර අන්ධද කියල හිතෙන්නෙ මෙහෙම දේවල් අපිටම වෙනකොට
ආබාධිත මනුස්සයෙක් තියා තමන්ට එහා පැත්තේ වාඩිවෙලා ඉන්න එකා මැරිලා වැටුනත් තමන්ගෙ පාඩුවේ යන කාලයක උඹ කෙරපු වැඩේ ඉස්තරම්..කාලය රත්තරන්, ආත්මාර්ථය සාර්ථකත්වය ලෙස හුවා දක්වන සමජයක ඉන්න ඇස් පේන කන් හොඳට ඇහෙන අපි අපිම ගැන දරුණු ලැජ්ජාවක් ඇතිවෙනවා…
අගය කල යුතු ක්‍රියාවක් පහන්..
අර පිටස්තරයා කියලා තියෙනවා වගේ..
“අපිත් දකින්න පුලුවන් වුනත් අන්ධයි.”
අගෙයි මිත්‍රයා..ක්‍රියාව ඉතාම වටිනවා!මෙහෙම තැනක් තියෙනවා කියලා දැන් තමා දන්නෙ,බලාගෙන ගියාම ඇස් පෙනෙන අපිත් අන්දයි නොවැ!
ලොවෙත් නෑ. හොද වැඩක් නෙව කරල තියෙන්නේ.