දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. හත්මාළුවෙ ඇප්රූව් කරන්න තියෙන බ්ලොග් ලිස්ට් එකත් සෑහෙන්න දිග වෙලා. බ්ලොග් එකක් ඇප්රූව් කරන්න වැඩි වෙලාවක් නොගියත් ගොඩක් බ්ලොග් ඇඩ්කරන අය හරියට බ්ලොග් එකේ feed ලිපිනය ලබාදෙන්නෙ නැහැ. feed කියන එක දන්නෙ නැති නිසා වෙන්න ඇතිනෙ වැරදියට දාන්නෙ ඒ නිසා ඒ වැඩෙත් හත්මාළුවෙ අපිම නිවැරදි කරලා දානවා. ඒ වැඩේ නම් ටිකක් වෙලාව යන වැඩක්. මේකට පිළියමක් මට වෙලාවක් ලැබුණු වෙලාවක සයිට් එකට ඇඩ් කරන්නයි හිතාඉන්නේ. ගිය අවුරුද්දෙ බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තිබුනට මේ අවුරුද්දේ ලියලා තියෙන්නේ 31ක් විතරයි. බ්ලොග් ලිවිල්ල විනෝදාංශය කරගන්නවට වැඩිය එක එක ගැජට් කෑලි හදන එක මගේ විනෝදාංශය වේගෙන එන නිසා වෙන්න ඇති. ආසාවෙන් පටන් ගත්තු python වැඩකුත් ඔන්න දැන් කොට උඩ.
. යලට මහට පෝස්ට් එකක් දැම්මත් මගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියන්න පටන් අරගත්තු අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ ගොඩක් අය මට වඩා හොඳට ලියනවත් එක්ක.
.
මේ අවුරුදු 2 ඇතුලතදී බ්ලොග් ලිවිල්ල වැඩකට නැති දෙයක් කියලා ගොඩක් උන් මට බණ කිව්වත් බ්ලොග් ලිවිල්ලෙන් ලැබුනු දේවල් ගොඩයි. කැම්පස් එකේ projects විතරක්ම කරපු මම , ඉගෙන ගත්තු දේවල් යොදාගෙන අලුත් අලුත් දේවල් කරන්න පටන් ගත්තෙ බ්ලොග් ලිවිල්ල නිසා වෙන්න ඇති. මම සිංහල බ්ලොග් නොලිව්වා නම් සිංහල සමඟින් Firefox portable හැදෙන එකක් නැහැ. මේක හදපු හැටිත් මේ බ්ලොග් එකේම ලියල තියෙනවා. කියල දුන්නොත් අයියෝ ඕක මොකක්ද කියලා හිතෙන ජාතියේ ගැජට් එකක් උනත් තව තව දේවල් හදන්න ආරම්භයක් ලබා ගන්න ඒකෙන් පුළුවන් උනා. Firefox portable දියුනු කරලා ඉසුරු qsfox හැදුවත් තවමත් firefox portable එකට downloads තියෙනවා. (දැන් නම් firefox portable එකටත් qsfox තමයි දාලා තියෙන්නේ. සෑම අතින්ම qsfox සාර්ථක නිසා.)
මේ වෙලාවෙ මට බ්ලොග් කෙරුවාව කාලෙක එපාම වෙලා තිබුණු කාලෙක මාව දිරිමත් කරපු කට්ටියට ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. ගතඋන අවුරුද්දෙ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුනු බ්ලොග් පොස්ට් ටිකක් මෙතැන තියෙනවා.
firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න (25)
ensitip for google chrome – censitip – popup dictionary (43)
CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.(26)
qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.(38)
qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් …. (48)
සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com (21)
මිල්ග්‍රම්, ඇෂ් සහ හිට්ලර් | Milgram , Asch and Hitler (26)
බ්ලොග් ලිවිල්ලට උදව් කරපු හැමෝටම මේ අවස්තාවෙ ස්තුතිවන්ත වෙනවා.


පිස්සු කොර! අවුරුදු දෙකත් හරි…
තව අවුරුදු ගාණකට මේ “වැඩකට නැති බ්ලොග් ලිවිල්ල” කරගෙන යන්න සුබ පැතුම්.
එළ එළ.. අවුරුදු 2 කුත් ගියා එහෙනං. සුභ පැතුම්
තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න අවස්ථාවක් ලැබේවා
සුබ පැතුම් ලොක්කා… මොන වැඩ තිබ්බත් ලියපන්… ජය ශ්‍රි…
මෙන්න අපෙනුත් සුභ..! තවදිගටම ලියන්නයි තියෙන්නේ “මේ වගේ ම වැඩක් නැති” ඒවා..!
))))
සුභ පැතුම් මචන්..!
ජය..!
දිටම බ්ලොග් ලියන්න ලැබෙවා සුභ පැතුම්. මගෙන්.
සුබපැතුම් !!!
@පහන්,
අපේ සන්නිවේදනය ඊ-මේල් වලට පමණක් සීමා වුවත් සිංහල බ්ලොග්කරණයේ චිරස්ථිය පිණිස ඔබේ දායකත්වය ඈත සිට බලා සිටියෙමි. තව බොහෝ දුර යන්ට සුභ ගමන් ප්‍රාර්ථනා කරමි.
- Taboo
සුබ පැතුම් !! මචං
දිගටම ලියපන්.
ෂැහ්.. අවුරුදු දෙකකුත් ගියා එහෙනං
එල එල. ඔහොම යං.. තව ටිකක් ලියන එක වැඩි කලොත් තමා හොඳ
වසර දෙකක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් !!!!!
අවුරුදු දෙකක්!
කොට උඩ තියෙන වැඩ පටන් ගන්නත් බ්ලොග් ලිවිල්ල දිගටම කරන්නත් සුබ පැතුම්!
I also use you ensitip extension. Its great !.
Good Luck Bro !
නියමයි..! මෙන්න මගෙත් සුභ පැතුම්..! වැඩිය ලියන්නේ නැති උනත් මම වැඩිය කියවන්නේ නැති උනත් අළුත් දේවල් ගොඩක් තියන තව බ්ලොග් ලියන්නත් අළුත් දේවල් හොයාගන්නත් සුභ පැතුම්!
ජය වේවා සහෘදයා!
හප්පේ, මම සෑහෙන්න පරක්කුයි සහෝදරයා.. මෙන්න මගෙනුත් සුභ පැතුම..
හප්පේ මම සෑහෙන්න පරක්කුයි සහෝදරයා.. මෙන්න මගෙනුත් සුභ පැතුම්..!!
හප්පා, මාත් මේක දැනුයි දැක්කේ. පහන්ගේ දින සටහන් දැකලා බ්ලොග්කරණයට ආපු තවත් එක්කෙනෙක් තමයි මම. මෙන්න මගෙනුත් උණූසුම් සුබ පැතුම්!