මෙච්චර කාලයක් පහනා ලිව්වෙ google ගැනමනෙ. අද යාහු සේවාවක් ගැනයි ලියන්න යන්නෙ. YQL හෙවත් yahoo query language. මමත් YQL පාවිච්චි කරන්න පටන් අහන් සතියකට දෙකකට වැඩිය නෑ. ඒ නිසා එක එක ඕන නැති පණ්ඩිත ප්‍රශ්න අහල අමාරුවෙ දානව එහෙම නෙවෙයි.
.
මොකක්ද YQL කියන්නෙ.
සාමාන්‍යයෙන් අන්තර්ජාල සේවාවක්(web service) එකක් සමඟ අපිට වැඩ කරන්න උනොත් ඒක කරන්න ඒ සේවාව හා සම්බන්ද API එක ඉගෙන ගන්න වෙනවා. මේක ටිකක් කල්ගතවෙන එපාකරපු වැඩක්. YQL කරන්නේ අපි දන්න web services ගොඩක් එක්ක අපිට හුරුපුරුදු sql query එකක් වගේ එකක් යොමු කලාම අපේ වැඩේ කරගන්න පුළුවන් තත්වයට පත්කරන එක.
උදාහරණයක්
හත්මාළුවට පහුගිය දවස්වල අලුත් අංගයක් එකතු උනා මතක ඇති. server resources කියන ප්රශ්නය නිසා comment සෙවීම/ගබඩා කරගැනීමට සර්වරය බාවිතා නොකර මේක හදන්න උවමනා උනා.(කුණු ලෝබයා
). විසඳුම උනේ javascript මගින් comments තියෙන rss එක සොයාගෙන ඒක කියවලා කමෙන්ට්ස් ටික පෙන්වන එක.
ගැටලු.
මේ හේතුව නිසා මට මගේ ඩොමේනයෙන් පිටත තියෙන url එකක දත්ත කෙලින්ම ගන්න බැහැ. (ඉතිං comment rss feed එක මට කෙලින්ම කියවන්න බැහැ.) එහෙම කලත් ඒක වෙබ් අඩවියේ ආරක්ෂාව අනතුරේ දැමීමක්. (vulnerable)
2. RSS ලිපිනය සොයා ගැනීම.
මම මෙච්චර javascript -feed වැඩ කරගත්තෙ google feed api මඟින්. ඒත් ඒකෙ feed ලිපිනය දුන්නාම data ටික දෙනවා විතරයි. link එකකින් ඒකට අදාල feed ලිපිනය ගන්න බැහැ.(ඉස්සර නම් එහෙම එකක් තිබුනා. lookupfeed කියල එකක් තියෙනව ඒක සාර්ථක නැහැ.)
ඔය හේතු නිසා YQL වලින් වැඩේ කරන්න තීරණය කලා.
කොහොමද අපි පටන් ගන්නේ
YQL console එකෙන් පටන්ගන්න. අපේ query එක realtime අත්හදා බලන්න පුළුවන් console එකේ.
select * from html where url="http://blog.pahans.com/" and xpath='//link[@type="application/rss+xml"]'
console එකේ ගහල බැලුවොත් පෙනේවි මගේ feed ලිපිනය <results> </results> කියන tag දෙක ඇතුලෙ මගේ feed ලිපිනය තියෙනවා.
මේවගේ එක එක විදියේ queries භාවිතා කරලා අපිට වැඩ කරගන්න පුලුවන්.
javascript විතරද?
නැහැ. php, python භාවිතා කරන්නත් පුළුවන්.(දැනට මම දැක්කේ මෙච්චරයි මම වැරදිනම් නිවැරදි කරන්න.)



ආ එක තමයි හත්මාලුවට යනකොට වෙනම ලෝඩ් වෙනවා Yahoo එකත් එක්ක. මම බැලුවා මොකද්ද කියලා yahoo එකෙන් කරලා තියෙන්නේ දැනුයි තේරැනේ
සිරා! මෙහෙම එකක් තියෙනව කියල දන්නෙ අදයි.
සිරාවටම!
අලුත් දෙයක් ගැන පහන් නිතරම අපව දැනුවත් කරනවා. අලුත් අවුරුද්දේ අලුත් වැඩේට සුබ පතනවා.