ඊයෙ ලියපු මේ බ්ලොග් පෝස්ට් එකේ පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවලා ආවොත් හොඳයි. ඊයෙ නැවැත්තුවේ Peter Mozelius ගැන කියලනෙ. workshop ඉවරවෙලා project එක හැටියට ලැබුනේ python ගේම් එකක් හදන්න . ඕක කරන එක නං අනිවාර්ය උනේ නැහැ. ඒත් මම ගේම් එකක් වෙනුවට හත්මාළුව වගේ feed agregator එකක් හදන එක ගැන Peter Mozeliusගෙන් ඇහුවා. අපිට python එක්ක web අඩවි හදන එක නොකරපු නිසා ඕක කරන්න සෑහෙන්න අලුතෙන් ඉගෙන ගන්න වෙයි කියලා පොඩි අනතුරු ඇඟවීමක් දැම්මා. කොහොමහරි මෙහෙම හරි project එක ඉවරකරපු එකා මම විතරද කොහෙද. කොහොමහරි මම වැඩට බැස්සෙ google web app framework ඉගෙනගන්න පටන්ගැනිල්ලෙන්. google app engine පාවිච්චි කරන්න හේතුව උනේ සයිට් එක google servers වල free host කරන්න පුළුවන් වීම.
පයිතන් වල ලොකුම වෙනස තමයි කෝඩ් සඳහා indentation නිවැරදිවම තිබිය යුතු වීම. සඟල වරහන් භාවිතා වෙනුවට indent කිරීම තමයි පාවිච්චි වෙන්නේ. ඉතිං මේක මුලදී හෙන වාතයක් උනා. මොකද indent වැරදි සමහර විට පෙන්නෙ නැති වීම. ඒත් eclipse වලට pydev plugin එක install කරගත්තට පස්සේ වැඩේ ගොඩක්ම ලේසි උනා. ඊළඟට ගැටලුවකට කියලා ආවේ google app engine වල පාවිච්චි වෙන අමුතු database වර්ගය. mysql වලට හුරුවෙලා හිටපු මට නිකං කරකවලා අතෑරියා වගේ. mysql වල ඉඳලා google data store එකට බ්ලොග් වල විස්තර අරගෙන යන්න මම script එක ලියන්න හදපු එක තමයි මම මුලින්ම කරන්න හැදුවේ. google documentation එක බලාගෙනම කීප සැරයක් ලිව්වත් වැඩේ හරිගියෙත් නැහැ. මාස ගානක් වැඩේ අතෑරලා දාලා හිටියා මේ නිසාම ආව කම්මැලිකමට.
ඔය දවස්වල මට අවස්තාවක් ලැබුනා සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයට දෙවැනි සම්බන්ද වෙන්න. තිබුනු මුල අවුරුද්දෙ නිකං ගිහින් ආවා. ඒත් දෙවැනි පාර ඒකෙ ඉදිරිපත්කිරීමක් කරන්න මට අවස්තාවක් ලැබුනා. කතා කරන්න මම අවස්තාව අරගෙන තිබුනේ නම් මම හදපු google chrome extensions ගැන. කලුතර රාමදා හෝටලේ තමයි මේක තිබුනෙ. මගේ presentation එක තිබුනේ දෙවැනි දවසේ. ඒත් පළවෙනි දවසේ වෙලාව ඉතිරි උන නිසා කැමති කෙනෙකුට කැමති මාතෘකාවක් ගැන කතාකරන්න අවස්ථාවක් ලැබුනා. සාමාන්‍යෙන් මම පැන පැන කතා කරන කෙනෙක් නෙවෙයි. ටිකක් පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒත් මට හිතුනා මේක හොඳ අවස්තාවක් කියලා. ඒනිසා බ්ලොග් කියවන ගැන මාතෘකාව ඇදලා අරගෙන හත්මාළුව ගැනත් කිව්වා. audience ආව ප්‍රශ්න හොඳ ප්‍රශ්න ටිකකුත් ආවා. “ බ්ලොග් එකක් ලියන නොලියන එකට බලපෑම් කරන්න බ්ලොග් කියවනයක් තීරණය කරන එක සාධාරණ නැහැ නේද?” ඔය වගේ ඒවා. අනිත් බ්ලොග් කියවන කෙසේ වෙතත් හත්මාළුවේ බ්ලොග් එකක් නොලිව්වා කියලා ඉවත් නොකරන බව කිව්වා. ඇත්තටම අදටත් ඒක එහෙමමයි. තවත් භාෂා ප්‍රශ්ණයක් ඇහුවා සිංහල ඉංග්‍රීසි කවලම් ලියන බ්ලොග් වල වෙන වෙනම feed ලබාදිය යුතු වීම හා බ්ලොග් ලියන අයගේ ඒ පිලිබඳව තාක්ෂණික නොදැනුවත් බව ගැන එහෙම. ඒකටත් පිලිතුරක් දෙනවා කියලා මම එදා පොරොන්දු උනා.
අපේ training ඉවරවෙලා රස්සාවකට interview එකකට ගියාමත් මම හත්මාළුව සයිට් එක කරපු බව කිව්වා. මාව interview කරපු කපිල සර්, ශ්‍රීනාත් සර් එවෙලේම සයිට් එකට ගිහින් බැලුවා. මොනව හිතුවද දන්නෙ නං නෑ. ඒත් මට ජොබ් එක නං ලැබුනා.
කොහොම උනත් ආයෙත් google app වැඩේ පටන් අරගත්තා. මේ පාර අර මුලින් කියපු script එක මඟඇරලා වෙන තැනකින් පටන්ගත්තා. පොඩි form කෑල්ලක් අටවලා ටෙස්ටින් වැඩ වලට google buzz එකක් දාලා බ්ලොග් ටිකක් ඇඩ් කරව ගත්තා. එක එක ජාතියේ python feed libraries පාවිච්චි කරලා බැලුවා. feedparser, BeautifulSoup ඒ වගේ කීපයක්. මීට අමතරව YQL python version එකත් google feed api python version එකත් අත්හදා බැලුවා. මුලින් කියපු feedparser, BeautifulSoup කියන දෙක සෑහෙන්න resources අරගත්තා. google app එකේ cron script එකට performance warnings එන්න පටන්ගත්තා. ඒ දෙකම අමතක කරලා YQL පාවිච්චි කලා. ඒත් YQL වල එක එක feed වර්ග වලට ලබාදුන්නේ වෙනස් වෙනස් responses. ඒකත් අතෑරලා කලින් සැරයක් අසාර්ථක උන google feed api පාවිච්චි කරන්න පටන් ගත්තා. මුලින් අසාර්ථක උන හේතුව මම feed ලිපිනය යවද්දී හරියට url encoding කරපු නැති නිසා හොයාගත්තා. කලින් වැරදුන තැන දන්න නිසා බය නැතුව google feed api පාවිච්චි කලා. අන්තිමේදී අර පොරොන්දුවත් ඉටු කරන්න http://langid.net/ පාවිච්චි කරන්න බැලුවා. ඒත් කරුමෙට මම මේක ට්‍රයි කරපු දවසෙම ඒ සයිට් එක ඩවුන්. ඒ නිසා එදාම විකල්පයක් විදියට google language api එකෙන් විසඳුමක් හොයාගත්තා. ඒ විදියට බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙන භාෂාව සොයන කෝඩ් එකක් හත්මාළුවට එකතු උනා.
අර වැඩ නොකරපු එපා කරපු script එක google documentation එකේ වැරැද්දක් නිසයි ඒ වැරැද්ද මමත් එහෙමම කරපු නිසයි වැඩ නොකලේ කියලා පස්සේ හොයාගත්තා. ඒක තේරුනේ http://stackoverflow.com/ තිබුනු කෝඩ් එකක් දැක්කාම. ඔහොම යද්දි ආයෙත් ප්‍රශ්ණයක් ආවා ඒ බ්ලොග් ගාන වැඩි වෙද්දි cron script එකට performance warnings දෙන්න පටන් ගැනීම. මේකට පිළියමක් විදියට google app task queue පාවිච්චි කලා. බරසාර processing වැඩවලට තමයි task queue තියෙන්නේ. ඒවා process වෙන වේගය අපිට තීරණය කරන්න පුළුවන්. memcached පාවිච්චි කරලා තවත් optimize කලා.. වියදම අවුරුද්දකටම රුපියල් දාහක් විතර. ඒකත් ඩොමෙන් එකට. ඒ වියදමින්ම හත්මාළුවට කිසිම කරදරයක් නැතිව සක්‍රීය බ්ලොග් අඩවි 5000ක් උනත් දරන්න පුළුවන් කියලා කියන්න පුළුවනි.
. මදිඋනොත් google quota එකක් සල්ලිවලට ගන්න පුළුවන්.
පහුගිය අප්‍රේල් නිවාඩුවේ සහ සිකුරාදා, සෙනසුරාදා දවස්වල මම නිදාගත්තේම නැති තරම් hosting package එක expire වෙන්න කලින් වැඩේ ඉවර කරන්න ඕන නිසා. ලිෂාන් ලස්සන ඩිසයින් එකක් දාලා දුන්නා. හත්මාළුව තාමත් code කරලා ඉවර නැහැ හැමදාම අලුත් මොනවා හරි එකතු වෙවී ඉස්සරහට යයි.


මොනවා උනත් කලින් එකට වඩා මේක හොදයි, බරත් අඩුයි සරලයි, පයිතන් වලට සිංහලෙන් ටියුටෝරියල් තියෙනවද, එහෙම නැත්නම් ඉගෙන ගන්න ලේසි ටියුට් එකක් දෙකක් දෙන්න පුලුවන්ද
කතාවෙ බාගෙකට වඩා මට තේරුණේ නැතත් අමාරුවෙන් ගොඩ යැම ගැන සටහනක් කියල කියන්න පුළුවන්. ඔය සුද්ද කිව්ව ‘ට්‍රයි ඇන්ඩ් ට්‍රයි’ මෙතඩ් එකනේ පාවිච්චි කරල තියෙන්නේ… බැරි වෙලාවත් දේශීය ‘බැරි වැඩ නොකරන් අබරෝ’ මෙතඩ් එක පාවිච්චි කලා නම් දැනටත් documentation බල බල ඉන්න තිබුණා
ඒ කියන්නේ දැන් ඔයා ගුගල් වල හදපු එක simpale වලින් නෙමෙයිද හැදුවේ.? මම හිතුවේ එවාගෙන් කියලා. මොනවා උනත් වැඩේ එල.
සුබ පැතුම් මච්න්…කරල හිතේ තියන් ඉන්නවට වඩා කියල අනෙකෙක්ව ඒ පාරෙ යන්න තල්ලුවක් දෙන එක මාර වටිනව.මටත් ආසයි පයිතන් ඉගන ගන්න. තව තව රට වෙනුවෙන් යමක් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
සිරා programmer කෙනෙක් හැදීගෙන ඇවිත් හත්මාළුව එක්ක!
නියමයි.. කතාව දැනගන්න ලැබුන එක සතුටක්.. මටත් ආසයි පයිතන් ඉගන ගන්න.. තවම පටන් ගන්න තැනක් සෙට් උනේ නෑ :/
අර උබුන්තු වල වගේ තියෙන ලෝගෝ ඒක හැදුවේ ලිෂා ද ?
හත්මලුවේ මම දැකපු දෙයක් තමයි හෝම් පේජ් එකේ ෆීඩ්ස් වලට තියෙන ගුගල් Gadgets එකේ “Read more” කියන ලින්ක් ඒක හරිහැටි ක්‍රියා නොකිරීම.
අනිත් කාරණය තමයි si.hathmaluwa.org , ta.hathmaluwa.org වගේ ලින්ක් ටිකක් ලොකුවට පේන්න තියන්න පුලුවන්නම් මුල් වරට පැමිණෙන කෙනෙක්ට උනත් ලේසියෙන් සින්ඩිය රිවීව් කරන්න පුළුවන්.
කොහොම උනත් අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු ! ජය වේවා !
ඔව් ලෝගෝ එක හැදුවෙ ලිෂාන්. google gadget වැරැද්ද නිවැරදි කලා. ස්තුතියි.
ඔහොම යං… ඔහොම යං….
මම නම් දුන්න සප් එකක් නෑ.. කරපු ටිකත් උඹ නිසා කරපු ඒවා. කොහොමත් ඔය වගේ අළුතෙන් ඉගෙන ගත්තු දේවල් ගැන ඔය වගේ කතා දෙක තුනක්ම උඹට ලියන්න පුළුවන්. අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකත් ඒ වගේනේ.. PHP echo එකක් ගහගන්න බැරුව හිටපු අපි දෙන්නා තනියෙන් ෆයිනල් ප්‍රොජෙක්ට් එක කලේ. ඒකත් උඹ හිටපු නිසා තමා. නැත්නම් අල්ලලා දානවා. නියමයි.
ඒ ගැන ලියනවා නං මෙහෙම ලියලා හරියන්නෙ නැහැ බං.
. group එකේ අනිත් එවුන්ට පින්සිද්ද වෙන්න අපි php ඉගෙන ගත්තා. client ගැන, එතන වැඩ කරන අය ගැන, project supervisor ගැන, project coordinator ගැන ආදී වසයෙන් කතා ගොඩයි.
Best of luck
තෝ ඉතින් යකා විත්තිය අපි ඉස්සර ඉඳන් දන්නවා! නියමයි මචං.. ඔය මගුල් කෝඩ් ගගහා නොයිඳ ඔය උනන්දුව කෑමකට බීමකට යොදාගනින්. [එකෙක් හරි වෙනස් දෙයක් කියන්නත් එපැයි]
Google Translate API v1 මේ දෙසැම්බර් වල නවත්වනවලු,
Google Translate API v2 වල සල්ලි ගන්නවලු
අම්මා පට්ට ගේමක් නේ දීලා තියෙන්නේ….