බ්ලොග් එකකට එන්නේ.
කැල්කියුලේටරයක්වත් නැති එවුන් නිසා කැල් එකක්.
වෙලාව ගැන හැගීමක් නැති උන් නිසා වෙලාව තියෙන ගැජට් එකක්.
බ්ලොග් එක බලන එකම මෝඩයා තමන් නොවන බව පෙන්වීමට විසිටර්ස් විස්තර සහිත ගැජට් එකක්.
පම්පෝරිය පෙන්වීමට හිට්ස් ගනන සහිත ගැජට් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ.
මීට අමතරව බල්ලෝ, පූසෝ ඔටෝ පේලේවෙන රේඩියෝ/සිංදු බ්ලොග් අඩවියකට නැතුවම බැරි අංගයන්ය.
තවත් කියනවා නම්..
හිම වැටෙන ඒවා.
චැට් බොක්ස්/ෂවුට් බොක්ස්
facebook, twitter, buzz එක
මීට අමතරව තමන්ගෙ බ්ලොග් එක කොපි කිරිමට තරම් සිරාබව පෙන්වීමට රයිට් ක්ලික් කිරීම අහුරන්න පුළුවන්. බ්ලොග් හොරා javascript disable කිරීමටවත් නොදන්නවා යැයි උපකල්පනය කරන්න.
පසුව ලියමි: බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් තාම බ්ලොග් කියවනවා. බලා ඉඳලා බැරිම තැනයි මෙහෙම ලියන්නේ. බ්ලොග් එකකට මිනිස්සු එන්නේ එකෙ අන්තර්ගතය බලන්න මිසක් ඒකෙ තියෙන ගැජට් බලන්න නෙවෙයි. සද්දයක් නෙවෙයි ඉල්ලීමක්.



ඕං බලමු මෙච්චර කාලෙකට මට මේ බ්ලොග් එක පලෝ කරන්න බැරිවෙලානේ
නියම කතාව
+1
+1
මම නං යන්නේම මවුස්පොයින්ටරේ වෙනස් කරන බ්ලොග් වලට විතරයි.
අනිත් එවුංගෙ කට විතරයි වැඩ නෑ; වැරදුනා, අත විතරයි වැඩක් නෑ. මවුස්පොයින්ටරයක්වත් වෙනස් කරගන්න ඇහැකිද උන්ට? අනිත් එක ලෝඩ් වෙන්න අනිවා තප්පර 45ක්වත් යන්න ඕන. නැත්තං එන උං හිතාවි තුට්ටු දෙකේ බ්ලොග්ගෙකක් කියලා. විජට් ගොඩාරියක් නැති බ්ලොගයක් පරිප්පු නැති හෝටලේ වගේ.
අයිය මං කියන්න ඕනෙ එව්ව ඔක්කොම කියල නෙව. XD
කෙලින්ම කිව්වා ඕං..
මේක නම් පට්ටම කතාවක්,,පූසා කිවුවත් වගේ මමත් අද නේ උබව පලෝ කරන්නේ
අපේ ඔය ගැන කතා කරලා වැඩක් නෑ ඔහොම සයිට් වලට මමනම් යන්නේ නෑ. පුලුවනම් Rss වලින් බලනවා. එකටත් එක එක කොලන් කරලානම් නොබලම ඉන්නවා.
facebook, twitter, buzz රිශෙයාර් කරන කෑල්ල තිබ්බාට කමක් නෑනෙ. විසිටර් ගැජට් එකත් තිබ්බට කමක් නෑ ඔන්න. අනිත් ඒවා කරන්න මට තේරෙන්නෙ නැති නිසා හොදයි. ආ කැලැන්ඩර් එකක් තිබ්බට කමක් නෑනෙ. දවස මතක නැති එවුනුත් එනවානෙ.
සිරාවටම ඔය සයිට් වලට ගිහින් මේ ලින්ක් එක දැම්මනම් හරි.
ලෝඩ් වෙන්න විනාඩි ගනං ගන්නේ නැත්තං, බ්ලොග් එක කියවන එකට බාදාවක් නෙවෙයි නං ඕන එකක්.
මගේ බ්ලොග් එකේ මට ඕනි අර ෆරන එච් ටී ඇම් ඇල් ක්‍රමේට මුලු ස්ක්‍රින් එකේම පෝස්ට් එක දාන්න..
අර ඉතිරි කෑලි ටික ඕනි එකකුට බලා කියා ගන්න ක්ලික් කලාම විතරක් එන සයිඩ් පේන් එකක තිබුනත් ඇති..
එහෙම කරගත්තොත් පෝස්ට් එකේ දිග අඩු වෙනව..නැත්නම් මාගල වගේ ස්ක්‍රොල් කරල ම එපා වෙනව..
මම ගූගල් බ්ලොගර් කෙනෙක්..
ආ..! ඔය කියලා තියෙන්නෙ..
සහතික ඇත්ත…..
අනේ මේ ## නොදී ඉදපං.. උඹ කියන විදියටද අපි බ්ලොග් කරන්නෙ ? ඔය ටික නැත්නම් බ්ලොග් එකක්ද ? අනික ලියන්න කියලා මගුල් තියෙනවායැ.. ? ගැජට් ටික ඔබාගත්තාම මදැ..
මාත් ඉස්සර හිතන් හිටියේ බ්ලොග් එකකට හිට්ස් එන්නේ අන්තර්ගතය නිසා කියලා..මොන පිස්සුද…අර බනියා ලියල තිබ්බේ එල පොස්ට් එකක් කට්ටිය එන්නේ මොනවා බලන්නද කියලා
“ලෝඩ් වෙන්න විනාඩි ගනං ගන්නේ නැත්තං, බ්ලොග් එක කියවන එකට බාදාවක් නෙවෙයි නං ඕන එකක්”
මෙන්න මේක ශෝක් කතාව….
ප. ලි. මම ඊයේ මගේ බ්ලොගේ තිබ්බා ජාවා කෑල්ලක් පොඩ්ඩක් වෙනස් කළා. දැන් ලෝඩ් වෙනවද බලන්න පුලුවන්ද ?
මම නම් තවත් ආසයි බ්ලොග් එකට ගිය ගමන් සිංදුවක් එහෙම ප්ලේ වෙනවනම් එහෙම බ්ලොග් වලට ආයි ආයි යනව. එතකොට ක්ලික් කරපු ගමන් පොප් අප් එකක් එනවනම් මාව ෆුල් ගොල්මන් වෙලා සතුට දෝරගලනවා. වෙසක් එකටත් තොරන් බලන්න යන්නේ නැති නිසා හැම තනම නිවෙන පත්තුවෙන කෑලි තියේ නම් මරු ඈ
හදපන්කො බං ඔය සයිඩ් බාර් ඩිසේබල් කරන්න පුළුවන් ගැජට් එකක් ප්ලගින් එකක් විධියට! නැත්තං මේ එන එන එව්ව අනුව ඉස්සරහට බ්ලොග් එකක් කියවනව නම් බොරු…