සින්ඩි කුමන්ත්‍රණ විහිළුව

මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.

From: tharindu thushara <tharinduthushara@gmail.com>
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com

සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.

කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.

ඉතිරියත් කියවන්න සින්ඩි කුමන්ත්‍රණ විහිළුව (…)

මිල්ග්‍රම්, ඇෂ් සහ හිට්ලර් | Milgram , Asch and Hitler

ආයෙත් ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා.  මේ පෝස්ට් එක කියෙව්වාම සමහරවිට හිතේවි තමුන්, තමුන් ගැනම හිතාගෙන ඉන්න විදිය වැරදියි කියලා. එහෙම හිතුනොත් අනේ සොරිවෙන්න ඕන කනට ගැහුවට.

මිල්ග්‍රම් පරීක්ෂණය.

ස්ටැන්ලි මිල්ග්‍රම් කියලා මහාචාර්යවරයෙක් 1961 දි විතර කරපු පරීක්ෂණයක්. හිට්ලර් කරගෙන ගිය සමූල ඝාතනවලට නැවතීමේ තිත තිබුවාට ටික දවසකට පස්සේ.  මම අහල තියෙන විදියට මේ  පරීක්ෂණය කලේ හිට්ලර්ගේ සහායකයන් ඔවුන්ගේ සමූල ඝාතනයේ මූලික අරමුණු වලට අමතරව මේවාට සහය දෙන්න තවත් හේතු තිබුනාද කියලා හොයලා බලන්නයි. Adolf Eichmann කියලා නාසි හමුදාවෙ නායකයෙක් නඩු විභාගයකදී  කියලා තිබුනේ .

“I never did anything, great or small, without obtaining in advance express instructions from Adolf Hitler or any of my superiors.” (“මම කිසිවක් කලේ නැහැ. මම කලේ ඉහලින් එන උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණයි. “).

පරීක්ෂනය පැවැත් උනේ මෙහෙමයි.

ඉතිරියත් කියවන්න මිල්ග්‍රම්, ඇෂ් සහ හිට්ලර් | Milgram , Asch and Hitler (…)

නිමා නොවූ සැප්තැම්බරය | September that never ended

මොකෝ මේ උඩ බිම බලන්නෙ. ඒක තමා සැප්තැම්බරේ තාම අහලකටවත් ඇවිත් නෑ. මේ පහනා සැප්තැම්බරයක් ගැන කියවන්න හදනවා.  මේකයි සින්කෝන්ස් එක. ඉන්ටනෙට් එක එහෙමත් නැත්තම් world wide web එක සීන් එකට එන්ටාර් වෙන්න කලින් 1980-90 කාලෙදි usenet කියලා අටමගලක් ක‍වුදෝ සෙට් එකක් අටව‍ගෙන ඉඳලා තියෙනවා. වැඩි විස්තර මේ මුකුත් හරියට දන්නෙ නැති අහිංසක මගෙන් ‍නාහා ඉන්ටර්නෙට් ඉටුදෙයියා ගූගල්ට කන්නලව් කරලා හොයාගන්න. (මම මෙතෙක් දැකපු ටෙක් ලොකෙ තමුන් වැඩිය දන්නෙ නැති දෙයක් ගැන කවුරුහරි ඇහුවොත් බුවාලගෙ ඉමර්ජන්සි එක්සිට් එකට එන්නේ ගූගල් උන්නැහැ තමා. ;)  ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ :D  )

ඕං කොල්ලා කතාව පැත්තකින් තියලා රෝන්ග් සයිඩ් ගිහින් ආයෙ ට්‍රැක් එකට ආවා.  ඉතිං ඔය කියන usenet එකට යන්න වාසනාව ලැබිලා තියෙන්නේ කීප දෙනෙකුට විතරයි. ගොඩක් දුරට විශ්ව විද්‍යාල කොනෙක්ට්‍ වෙලා තියෙන්නේ. හැම අවුරුද්දෙම යුනි වලට අලුත් බැච් අරන් තියෙන්නෙ සැප්තැම්බර් මාසෙදි. හැබැයි usenet එකට යන්න කලින් තෙල හෙම ගහලා (යකෝ!!! තෙල් කිව්වෙ පොල්තෙල්වත් භුමිතෙල්වත් නෙවෙයි  දේශනාවක් දෙනවට) තමයි යන්න දීලා තියෙන්නේ. ඒ කිව්වට ඉතිං usenet එකට ගියාට පස්සේ usenet එකේ පිස්සු නටන්න පටන් අරගෙන.(ගොඩයින්ට මැජික් කියනවලුනෙ.)   පස්සෙ කට්ටියම මැජික් එක එපා උනාම තත්වෙ කූල් ඩවුන් වෙලා. ඒ නිසා පරන usenet කට්ටියත් එච්චර මේක ගැන ගනං ගෙන නෑ. මොකද  සැප්තැම්බරේ ඉවර උනාම සේරම ෂේප්.

කොහොම හරි 1993 දි AOL හෙවත් America Online කොම්පැනියෙන් නොමිලේ usenet එකට යන්න පැය ගානක් දීලා තියෙනවා. දැන් ඉතිං ඕන එකෙක්ට usenet යන්න පුළුවන් . ඒත් මේගොල්ලන්ට අර වගේ usenet එකේ අනිත් අයට කරදරයක් ‍නොවී ඉන්න එක ගැන පොඩ්ඩක්වත් දැනුවත් කරලා නැහැ. ඉතිං usenet එකට ඒ ආපු සැප්තැම්බරය කවදාවත් ඉවර උනේ නැතිලු. :D . මොකද අලුත් අය හැමදාම එනවා. හුරුවෙන්න වෙනදාටත් වැඩිය කල්ගන්නවා.

ඉන්ටනෙට් එකටත් හැම මාසයක්ම සැප්තැම්බරයක් නැද්ද මං අහන්නෙ? (spam කාරයෝ, වදකාරයෝ, බොරුකාරයෝ-සැබෑ ලෝකෙටත් වැඩිය පිරිලා ). අනේ වරදක් කියනවා නෙවෙයි. අපි කැමති උනත් අකමැති උනත් internet එක එහෙම තමයි.

මේ ගැන ඔත්තුව දුන්න බුද්ධික සිද්දිසේන අයියාට මගේ ස්තුතිය.

මේ පෝස්ට් එක ඇත්තටම ලිව්වේ ඊයෙ. ඒත් හොස්ටින් වලට මුදල් ගෙවන්න ප්‍රමාද උන නිසා බ්ලොග් එක ඇණහිටියා. බ්ලොග් පෝස්ට් එක ලියලා ආයෙ අකුලගත්තට සොරි වෙන්න ඕන.

broadband ගැන සරලව -3 | පොරොන්දු වූ පරදි සේවාව ලබාදීමට සේවා සපයන්නා අපොහොසත් නම්?

පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ බ්ලොග්කරුවන්.(සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි.)
අන්තර්ජාලය කියන්නේ නීතිරීති දාලා පාලනය කරන්න අපහසු දෙයක් මොකද ඒක තියෙන්නේ මෙන්න මෙතැන, ඒක පාලනය වෙන්නේ, තියෙන්නේ මෙතැන කියලා අදහසක් ප්‍රකාශ කරන්න බැරි වීම. හදන නීති සමහරවිට ප්‍රායෝගිකව පිළිපදින්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ප්‍රචාරක ප්‍රයෝගවලට නම් වැට බැඳීම නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. මෙම තත්වය ලංකාවේ පමණක් සිදුවන්නක් නොවෙයි. ඇතැම් දියුණු රටවල් වලඇතුලු බොහෝ රටවල්වල මේ ප්‍රචාරක ප්‍රයෝග යොදා ගැනීම සිදුවෙනවා. ලංකාවේ 7.2Mbps හා 14.4Mbps යනුවෙන් පහුගිය දිනවල දැන්වීම් පලකල එක සමාගමක්වත් එහි හරි අඩක් වන 3.6Mbps හෝ 7.2Mbps වත් හරියාකාරව ලබාදෙන්නේ නැහැ. ඒත් පාරිභෝගිකයන් විදියට අපිට පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අන්තර්ජාල සබඳතාවයේ තත්වය ගැන තොරතුරු හැමෝම එකක් බෙදා ගැනීම. එහෙම උනාම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නා හොඳ නැතිනම් අපිට වෙන හොඳ අන්තර්ජාල සේවා සපයන්නෙක් වෙත යා හැකියි. අන්තර්ජාල සේවා සපයන්නා හොඳ සේවාවක් ලබාදුන්නේ නැතිනම් පාරිභෝගිකයා වෙනත් අන්තර්ජාල සේවා සපයන්නෙකු වෙතට යොමුවෙන නිසා නිසැකයෙන්ම හොඳ සේවාවක් සපයන්න හැකි උපරිමයෙන් කටයුතු කරයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. lirneasia ආයතනය සම්බන්ද වෙන්නේ මෙන්න මේ කාර්යයට ඒ කියන්නේ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ හොඳ නරක කියන්න අවස්තාවක් ලබාදීම. ඒ අනුව සිදුවන වඩාත් හොඳ සේවාවක් සේවාවක් සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් පෙළඹවීමේ වාසිය ඔබටමයි. දැනට කරගෙන යන වැඩ පිළිවෙල වන්නේ විවිධ පාරිභෝගිකයන්ගෙන් තමන්ගේ අන්තර්ජාල සේවාව පිළිබඳ දත්ත එකම ස්තානයකට එකතු කිරීමෙන් ඒහා සම්බන්ධ තීරණ ගැනීම සහ ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පරදි සකස්කිරීමයි. මෙම දත්ත එකතුකිරීම සඳහා ඔබත් දායකවීමට කැමතිනම් AT-Tester මෘදුකාංගය බාවිතා කර ඔබේ අන්තර්ජාල සබඳතාව පිළිබඳ දත්ත ලබාදෙන්න පුළුවන්.(වැඩි විස්තර සඳහා http://www.broadbandasia.info/ වෙත පිවිසෙන්න.). දැනට එකතු කරන ලද දත්ත පරීක්ෂා කර බැලීම http://www.broadbandasia.info/ වෙබ් අඩවියට පිවිසීමෙන් කරන්න පුළුවන්. මෙම මෘදුකාංගයේ ජංගම දුරකතන සඳහා වෙළුමක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඉදිරියේදි ඔබට ජංගම දුරකතනයෙනුත් මේ සඳහා දත්ත ලබාදීම සිදුකිරීමට පුළුවන්. විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා ඒතමයි මේ දත්ත සියල්ල අන්තර්ජාල සේවාවක් නිර්ණායක කිහිපයකින්ම මැනීම සහ සේවාසපයන්නා, දේශීයව, අන්තර්ජාතිකව යනුවෙන් මට්ටම් සළකා බැලීම. මෙම මට්ටම් මඟින් දෝශයක් තිබේ නම් සැබෑවටම එය ඇත්තේ කොතැනද යන්න ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. නිර්ණායක බොහොමයක් මත පදනම්වීම ගුණාත්මක භාවය නිවැරදිව නිර්ණය කරන්න පිටුවහලක් වේවි.

බබාලාගේ සින්ඩියට ස්තුතියි….

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත.

ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ  නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් බ්ලොග් සින්ඩිකේටර වල මගේ බ්ලොග්අඩවිය දෝශ රහිතව පෙන්වීම   ඔවුනට පිළිතුරක් යැයි සිතමි.

තවදුරටත් මම අලුත් බ්ලොග් පෝස්ට් එකක් ලියූවිට recently updated යටතේ මගේ බ්ලොග් අඩවිය දිස්වීම වැලැක්විය හැකිනම් වැඩේ අතේ පත්තු නොවන ලෙසට ගෙන යාහැකි බව මගේ විශ්වාසයයි. ( තිර පිටපත ) මෙම සිංහල බ්ලොග් සංසදය විවේචනයෙන් අරුම පුදුම තාක්ෂණික දෝශ උරුම වූ එකම බ්ලොග්කරුවා මම නොවන වගද ආරංචි විය. :D

අවසාන වශයෙන්,

අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.

යන  ඉල්ලීම පිළිගෙන අතන මෙතැන කමෙන්ට් දැමීම නවතා මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමි.

අන්තර්ජාල සේවා සපයන්නෙක් තෝරාගන්නේ කෙසේද? | broadband ගැන සරලව -2

මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක්

අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා. අපේ කතාබහට round trip latency ප්‍රමාණවත්.

අන්තර්ජාල සපයන්නෙක් තෝරා ගැනීමේදි පහත අනුපිළිවෙලට සලකා බැලීම සුදුසුම ක්‍රමයයි.
1. ADSL
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
3. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)

ජංගම පුළුල් පරාස සබඳතාවක් (mobile broadband) නම් භාවිතා කරන්න යොමු විය යුත්තේ වෙනත් විකල්පයක් නොමැතිම තැන බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. ADSL සඳහා පළමු තැන දෙන්නට හේතුව උනේ බොහෝ ADSL සබඳතාවල ඇති ස්තාවර බව හා latency අතින් අඩුවීම . (මෙය අනිත් සබඳතාවලට සාපේක්ෂව බලා ගත් නිගමනයක්). අනිත් හේතුව ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) මත පැටවෙන බදු ප්‍රමාණය වැඩි වීම. 15%ක පමණ වැඩිපුර බද්දක් ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා අය කරනවා.
දැනට ADSL සඳහා සේවා සපයන්නෙකුට ඉන්නේ SLT පමණයි. wireless සබඳතා සඳහා lanka bell wimax, Dialog wimax තිබෙනවා. සබඳතා වර්ග දෙකේදීම බොහෝ පාරිභෝගිකයන්ට සේවා සපයන්නා ප්‍රචාරය කරන වේගයෙන් 80% – 90% ක් පමණ ලැබෙනවා.එහෙත් ප්‍රචාරය කරන අගය ඉක්මවා යන අවස්තා නම් ඉතාම දුර්ලභයි. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් අඩු නැතිව පාරිභෝගිකයාට ලබාදෙන අන්තර්ජාල සේවා සපයන්නන් ලංකාවේ නැති බව මතක තබා ගැනීම ඉතාම වැදගත්. මේ අනුව 80%ත් ඉතා හොඳ අගයක් හැටියට කියන්න පුළුවන්. එහෙත් ස්තාවර අන්තර්ජාල සබඳතාවයක ප්‍රචාරය කරන වේගය නොලැබේ නම් සේවා සපයන්නාට පැමිණිලි කිරීම ඉතාම වැදගත්. ඔබ ගෙවන මුදලට සරිලන සේවාවක් ඔබට ලැබිය යුතු බව මතක තබා ගන්න.
ඊඟළට අපි ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) ගැන කතාකරමු. ටිකක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න අමාරු ක්ෂේත්‍රයක්. හේතුව ඉක්මනින් වෙනස්වන සුළුවීම. ජංගම පුළුල් පරාස සබඳතා සඳහා සීමාරහිත සබඳතා අඩුවීමත් එක්තරා විශේෂත්වයක්. මේ දුර්වලතා දෙකටම හේතුව දී ඇති අවස්තාවක එක් සම්ප්‍රේෂණ කුළුනක් සමඟ සම්බන්ද වී සිටින පාරිභෝගිය සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබෙන සේවාවේ ගුණාත්මක බව තීරණය වීම සහ මේවායේ සේවා සපයන ජංගම දුරකතන සමාගම් දත්ත සම්ප්‍රේෂණයට වඩා හඬ සම්ප්‍රේෂණයට(voice calls transmission) ප්‍රමුඛත්වය ලබාදී තිබිම.
ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා දැනට සේවා සපයන්නන් 3දෙනෙක් ඉන්නවා. ඩයලොග්, මොබිටෙල් සහ එයාටෙල්. ඇතැම් විට ළඟදීම මොවුන් අතරට තවත් සේවා සපයන්නෙක් ළඟදීම එකතු වේවි. mobile broadband සබඳතාවයක් මිලදී ගන්න පෙර අනිවාර්යෙන්ම පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.
1. සිග්නල් ප්‍රමාණය.
2. ඔබේ අසල්වැසියෙකු ජංගම පුළුල් පරාස සබඳතා භාවිතා කරනවා නම් ඔහු එහි සේවා ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත්වනවාද?
3. ඔබ සිටින්නේ ළඟම සම්ප්‍රේෂණ කුළුනෙන් කොපමණ දුරකින්ද?(කිලෝමීටරයකට වඩා වැඩිදුරකින් සිටිනවා නම් එය එතරම් සුභ ලකුණක් නෙවෙයි)
4. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් නොව ඇත්ත වශයෙන්ම ලැබෙන වේගයන්.(ඇතැම්විට ඇත්ත වේගය ප්‍රකාශිත අගයෙන් 10%කටත් අඩු අගයක් විය හැකියි)
5. සීමාරහිත mobile broadband පැකේජ අඩුයි. එම නිසා මෙහිදී ඔබ මුදල්ගෙවන්නේ ඔබ භාවිතා කරන දත්ත ප්‍රමාණයට. ඔබගේ දත්ත භාවිතාව මැන බැලීමට නිශ්චිත, විශ්වාසදායී ක්‍රමවේදයන් සේවා සපයන්නා ලබාදෙනවාදැයි සොයා බලන්න.(ඩයලොග් හා මොබිටෙල් අන්තර්ජාලය ඔස්සේ දත්ත භාවිතාව පිළිබඳ විස්තර ලබාදෙන අතර එයාටෙල් සඳහා එසේ දැනගැනීමේ එකම ක්‍රමය පාරිභෝගික සේවාව ඇමතීම පමණයි.)
6. ඔබ නිතර ගමනාගමනයේ යෙදෙමින් මෙම සබඳතාව භාවිතා කරනවා නම් ඒ ඒ ප්‍රදේශ වලින් බහුතරයක ඉහත කී අවශ්‍යතා 5 සපුරාලනවාද?

broadband ගැන සරලව – 1

මේක මම cplus magazine එකට ලියපු ලිපියක්.

මේ ලිපිය ඇතුලු මා ඉතිරි cplus කලාප කිහිපයේදීම පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා(broadband internet connections) ගැන ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපි මාලාවේ මූලික අරමුණ අන්තර්ජාල සම්බන්ධතාවයක් තෝරාගන්නා ආකාරය ගැන මනා අවබෝධයක් ලබාදීමයි. ආරම්භක ලිපියෙන් ලංකාවේ ඇති  අන්තර්ජාල සේවා සබඳතා වර්ග ගැන මා දැනුවත් කරන්නම්.
ප්‍රධාන වශයෙන් ශ්‍රීලංකාවේ දැනට පවතින අන්තර්ජාල සම්බන්ධතා වර්ග කීපයකට බෙදා වෙන් කල හැකියි.
එනම්
1. Dialup සබඳතා
2. DSL/ADSL (DSL/ADSL Broadband) සබඳතා.
3. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා.(Wireless Broadband)
4. satellite පහසුකම්.

මේකෙන් පළවෙනි එක ඒ කියන්නෙdialup සබඳතා ගොඩක් දෙනාට අමතකව ගිහිල්ලා. මේකට ප්‍රධාන හේතු අධික වියදම, බාගත කිරීමේ/ උඩුගත කිරීමේ වේගයන්  ගොඩක් අඩුවීම. dialup සබඳතාවයකින් ලබාගත හැකි උපරිම වේගය 56Kbps පමණ වෙනවා. එහෙත් ඉහත 2, 3 සබඳතා එනම් පුළුල් පරාස අන්තර්ජාල සබඳතා නම් ඒවගේ කිහිප ගුණයක් වේගවත්. මා වේගය ගැන පමණක් සඳහන් කලාට අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න‍ වේගය එකම එක සාධකයක් විතරයි. කොහොම උනත් තවමත් dialup භාවිතා කරන අය ඉන්නවා. හේතුව පුළුල් පරාස සබඳතා තවමත් ශ්‍රීලංකාව පුරා ව්‍යාප්ත වී නොමැති කම. මෙහිදී satellite භාවිතා වෙන්නේ අනිත් අන්තර්ජාල ‍පහසුකම් වලට යා නොහැකි ප්‍රදේශ ආවරණය කරන්න. වෙනත් විකල්ප නැති තැන තමයි සැටලයිට් භාවිතා වෙන්නෙ වියදම ඇතුලු ගොඩක් කරුණු පදනම් කරගෙන. සැටලයිට් සබඳතාවයක් වේගයෙන් වැඩි වූවත් ඊට මදක් වේගයෙන් අඩු රැහැන් සබඳතාවයක් ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. මේක අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න‍ වේගය පමණක් සලකලා බැහැ කියන එකට හොඳ උදාහරණයක්.

මේ අයුරින් බෙදා වෙන් කලාට මේ ආකාර තුන අතරෙ අවසන් පියවර කීපයේ පමණයි වෙනස් කම් තිබෙන්නෙ.

උදාහරණයක් ලෙස ගතහොත් මොබිටෙල් ආයතනය හා ටෙලිකොම් ආයතනයට පාවිච්චි කරන්නේ එකම ජාත්‍යන්තර රැහැන. mobitel ආයතනය රැහැන් රහිත පුළුල් පරාස සේවා සපයනවා. ටෙලි‍කොම් ආයතනය ADSL සේවාව සපයනවා.

කොහොමද අන්තර්ජාල සබඳතාවක් තෝරාගන්නේ?

මේක ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණු රාශියක් සොයා බලන්න වෙනවා. අන්තර්ජාල සේවා  ‍වෙළඳපොළ අද වැඩිම තරඟකාරීත්වයක් ති‍බෙන වෙළෙඳපොළක්. මිල ගනන් නිතර වෙනස් වෙනවා. එක් සමාගමක් මිල අඩු කල විට පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් එම සේවාව ‍තෝරා ගැනීම නිසා සේවා ගුණාත්මකභාවයේ අඩු වීම් දකින්නට පුළුවන්. මේ දවස්වල හොඳම උදාහරණය මොබිටෙල්. පහුගිය දිනවල ඔවුන්ගේ අන්තර්ජාල සේවා මිල ගනන් විශාල ලෙස පහල දැම්මා. ඒ සමඟම ඔවුන්ගේ සේවා ගුණාත්මකභාවයේ සැලකිය යුතු පහල යෑමක් සිදුඋනා. මේකට හේතුව මිල අඩු වීම නිසා පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් මිලදී ගැනීම. සමාගමක් ආයෝජනය කරන්නෙ අවුරුදු ගනනාවක් ඉලක්ක කරගෙන නිසා ඒවාට පිළියම් යෙදීම ප්‍රායෝගිකව ටිකක් අපහසු කරුණක් මේ හා සමාන සිදු වීමක් මීට මාස කීපයකට ඉහතදී මේක ඩයලොග් සමාගමේ මිල පහත දැමීමත් එක්කත් සිදුඋනා.  ජල නල පද්ධතියක වැඩි වැඩියෙන් කරාම විවෘත කරන තරමට ජලය ගලා ඒමේ වේගය අඩුවෙනවා.  අන්තර්ජාල සම්බන්ධතාත් මේ වගේ. සේවා සපයන්නා වැඩි වැඩියෙන් bandwidth මිලදී ගත්තෙ නැත්නම් සේවාව ඉබේම පහළ යනවා.

dialup හා සැටලයිට් යන විකල්ප වලට යොමුවිය යුත්තේ  ADSL හෝ රැහැන් රහිත පුළුල් පරාස සබඳතා(Wireless Broadband) ලබාගත නොහැකි අවස්ථාවලදී. ADSL වැනි විකල්පයකට යොමුවීමට හැකිව තිබියදීත් රැහැන් රහිත පුළුල් පරාස සබඳතාවක් භාවිතා කිරීම එතරම් යෝග්‍ය නැහැ. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා අස්තාවර බව අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඒකට විවිධ හේතු බලපානවා.
රැහැන් රහිත පුළුල් පරාස සබඳතාත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )

ඒවගේම රැහැන් රහිත සබඳතාවල බිල් මත පැටවෙන බදු ප්‍රතිශතය ADSLවලට සාපේක්ෂව වැඩි හෝ සමාන වෙන්න පුළුවනි.

Grub2, legacy Grub සහ Karmic Koala

මේදවස් වල training නිසා බ්ලොග් කියවන එකයි ලියන එකයි දෙකම මඟැරිලා ගියා. training එක ගැන විස්තර පස්සෙ ලියන්නම්.

පහුගිය කාලේ දිගටම fedora පාවිච්චි කරලාම එපා උන නිසාත් fedora 12 unstable වීම නිසාත් ubuntu දාන්න හිතුනා. Karmic Koala ම දාන්න හිතාගෙන පෙන් එකෙන් ubuntu live එකක් හදාගත්තා. (කලේ මෙහෙමයි). කොහොම හරි විනාඩි 10න් ubuntu වින්ඩෝස් වලට ගිහින් ආයෙ boot කරද්දි grub එක අපිසෙට් ගහලා. මේ විදියට ආයෙ grub එක දාලා බැලුවා ubuntu වලට ගියාට grub එකට මුකුත් වෙන්නේ නෑ නිකමට හරි windows වලට ගියොත් grub එක අප්සෙට් යනවා. Karmic Koala එක්ක එන්නේ grub2  beta version එකක් නිසා grub එක update එකක් දෙන්න හැදුවා.

මුලින්ම grub2 අයින් කලා.

sudo apt-get purge grub2 grub-pc

පොඩි warning එකක් ආවා. කවුද ඉතිං ඕවා ගනං ගන්නේ :D

අලුත්ම grub එක මෙතැනින් ගත්තා.

ඒක මේ විදියට extract කලා.(tar zxvf <ගොනු නාමය>)

tar zxvf grub-1.98.tar.gz

මේ විදියට configure කරලා install කලා

cd grub-1.98

./configure

make

make install

‍සාමාන්‍ය package install එකකින් grub එක install කිරීම වෙනස්වෙනවා මෙන්න මෙතැනදී. grub එක MBR එකට write  කරන පියවර. ඒක කරන්නෙ මෙහෙමයි.

sudo update-grub

sudo grub-install /dev/sdX

ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )

ඔය විදියට grub එක update කලාම grub එක update උනත් අර පරණ ලෙඩේ එහෙමම තිබුණා. :( .

අවසාන විකල්පය ලෙස  පරණ grub එකට මාරුවෙන්න හිතුවා. ඒක කලේ මෙහෙමයි.

මුලින්ම කලින් install කරපු grub uninstall කලයුතුවෙනවා.

මුලින් download කරලා install කරපු directory එක ඇතුලට ගිහින් මේ විධානය දුන්නා

make uninstall

legacy grub එක දාන්න කියලා කිව්වා මෙහෙම.

sudo apt-get install grub

ඊට පස්සේ මෙයාව MBR එකටත් ලියන්න කියලා කිව්වා.(ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )

sudo update-grub

sudo grub-install /dev/sdX

package manager මඟින් grub එක නැවත update වෙන එක වලක්වන්න මෙහෙම විධානයක් දුන්නා

echo "grub hold" | sudo dpkg --set-selections

දැන් /boot/grub/menu.lst file එක edit කරලා (gedit /boot/grub/menu.lst විධානයෙන්)මගේ windows partition එක හා Recovery Partition එකට entries දෙකක් දැම්මා.

title Microsoft Windows XP Professional

root (hd0,1)
makeactive
chainloader +1

recovery partition එකක් තියෙනවා නම් මේ විදියට තවත් එකක් ලිව්වාම හරි.

ඔක්කොම අවසානයේ මැෂින් එක reboot කලා :)

sudo reboot

බබාලාගේ සින්ඩියට කින්ඩියක්

සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?.  මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. එහෙත් ඇඩ්මින්ලාට විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා එසේ කතාකල පුද්ගලයින් මර්ධනය කිරීම සිදුවන්නේ ප්‍රාතිහාර්යකින් සිදුවනවා සේය. මෑත ඉතිහාසයේ පවා එවන් සිද්ධි නොඅඩුව දක්නට ලැබුනි. කුමන කඩතුරාවට මුවාවී කෑ ගැසුවද වෙනස් කල නොහැකි ඇඟිළි සළකුණ මෙන් ඔවුන්ගේ භාෂා විලාශද ඔවුන් පසු පස ඒම විශේෂත්වයකි.

මෙම සංසදය පාලනය වන්නේ සම්මත සිංහල භාෂාව අනුව  ”සිංහල” යැයි නිවැරදිව ලියාගතවත් නොහැකි ඇඩ්මින් කෙනෙකු විසින් වූවද ඔහුම සිංහල භාෂාවේ පරිගණකමය සම්මතය ගැන ටියුෂන් දෙයි. ඔහුගේ email inbox ගැන කතා ඇසූ විට අපට මතක් වන්නේ කලකට පෙර විකාශය වූ “එතුමා” නාට්‍යයේ “ඇහුන් නෑ ” පාට් එකයි. අවාසියක් හෝ අකමැති දෙයක් නම් “එහෙම දෙයක් ලැබුණේ නෑ” යයි කියාද වාසියක් නම් “ලැබුණා ලැබුණා ” යනුවෙන් ප්‍රතිචාර කරයි. කවුරුවත් “අපි මේ කරන සේවයට උදව් කරන්න කැමතියි කියලා මේල් එකක්වත් එව්වාද?” කියා අසන්නේ දිව අගම “ලැබුණේ නෑ ”  ප්‍රතිචාරය සූදානම් කරගෙනය.

මා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ඉවත් වූ දින සිට සංසදයේ ඇඩ්මින්වරුන් අනේක වාරයක්  බලපෑම් කලේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් ඉවත්කරගන්නා ලෙසය. මුලින් කල සංවාදයකින්දී ඔවුන්ගේම කටින් පිටවුණු “සංසදය හා සින්ඩිය කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි” යන්න ඔවුන්ටම පාරාවලල්ලක් වී තිබිණ. අවසාන විකල්පය ලෙස ඔවුන්ට ඉතිරිවූයේ මඩ ගැසීමද?.

සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් දේශපාලන බ්ලොග් ඉවත්කිරීම සාධාරණි කරණය කලේ “චීයා අනේ, ඒගොල්ලො මඩ ගහගන්නවා. “ ලෙසය. එහෙත් ඔවුන් දිනපතා වන්දනාමාන කරන සින්ඩියේ නීතිවල ඇත්තේ “පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.” ලෙසය. එසේ නම් එම බ්ලොග් සින්ඩියෙන් ඉවත් නොකලේ ඇයි?

පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.

උපුටාගැනීම

එසේ නම් සින්ඩියෙන් දේශපාලන බ්ලොග් සැඟවූයේ එම බලපෑම් නැති කරගැනීමටද?. රටකරවන්නවුන්ට “අනේ අපි නං හොඳ ළමයි. ඔය දේශපාලනේ වගේ නරක වැඩ වලට අපි නං නෑ.” පණිවුඩය ලබාදීමටද? එය එසේ නම් සංසදයේ “බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.” කරුණ තවදුරටත් වලංගු වන්නේ නැත.

තවදුරටත්,

සිංහල බ්ලොග්කරණයට අදාල ආධාර උපකාර (තාක්ෂණික, භාෂාමය, අන්තර්ගත) හුවමාරු කර ගැනීම, සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයීය භූමිකාව, අයිතීන්, වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව පුලුල් කතිකාවතක් ගොඩනැංවීම සහ සිංහල බ්ලොග්කරුවන් සඳහා විවිධ සේවා නොමිලයේ සැපයීම යන කරුණු අපගේ මුලික අරමුණු වේ.

උපුටා ගැනීම

වැනි වැල්වටාරම් වෙනුවට බ්ලොග්කරුවාගේ ඒකම අරමුණ වන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රමෝට් කිරීම යනුවෙන් යොදන්නේ නම් මේ පිළිබඳ සංවාද කිරීමට තවදුරටත් කාලය වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එවිට තවදුරටත් බ්ලොග්කරුවන්ට හොඳ ළමයින් , තොත්ත බබාලා විය හැකිය.

නවක සාමාජිකයන් ගැනද යමක් කිව යුතුව ඇත. මෙච්චර සේවයක් අතින් වියදම් කරගෙන කරන අයට දොස් කීම වැරදියි කියා ඔවුන් කියනු ඇත. එහෙත් හොස්ටින් දෙන්න ආ පුද්ගලයා පස්සා දොරෙන් ඩොමේනයද හොරකම් කර අවුරුද්දකට වරක් ඇඩ්මින්ලා මාරුවෙන ක්‍රමය අත්හිටුවා ඇඩ්මින් කමට යාළුමිත්‍රාදීන් හා තමුන්ට එරෙහිව කතා නොකරන අය පත්කරගැනීම තිත්ත වූ ඇත්තයි. සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.

යුනිකෝඩ් හා බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණු කරගෙන රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය විසින් පැවැත්වූ බ්ලොග්කරණ තරගාවලියේ හොඳම බ්ලොග් අඩවියට නිර්දේශ වූ බ්ලොග් අඩවියක් වූ නිකමට වගේ බ්ලොග් අඩවිය යුනිකෝඩ් භාවිතා නොකරනවා යයි  පවසමින් ඉවත්කලා නම් ඇඩ්මින්ලාට බනිනවා යයි කියමින් බ්ලොග් එකක් ඉවත් කිරීම ටොයිස් වැඩකි. අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.

මේ හා සම්බන්ද වෙනත් ලිපි.

Intro to google chrome

google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති.  ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම  google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.

ඉතිරියත් කියවන්න Intro to google chrome (…)