Category Archives: ඇසුවෙමි දුටුවෙමි

CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.

විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බ‍ලාපොරොත්තු වෙනවා.

වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.

screenshot

මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)

icon_128

වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.

අලුත් google සෙවුම උත්සහ කර බලන්න

මේක මම මේ ලඟදී බලපු ඉංග්‍රීසි බ්ලොග් අඩවි කීපයකම මම දැක්ක කතන්දරයක්. මටත් වැඩේ ට්‍රයි කරල බලන්න හිතුනා. ම්ම්ම්ම… නරකමත් නෑ.

මෙහෙමයි කරන්නේ…

ඉතිරියත් කියවන්න අලුත් google සෙවුම උත්සහ කර බලන්න (…)

Dialog prepaid broadband-මීටරේට අහු නොවී mail check කළෙමි

යාන්තමට හෙම්බි‍රිස්සාවක් තියාගෙන ආගන්තුකයා ඇතුළු අපි අටදෙනෙක් සල්ලි දාලා හිම කිරිම ( :D ඒ කිව්වෙ ice-cream)ලීටරයක්ම කෑමේ ප්‍රතිඵලයක් විදියට ලෙඩ උනා. ඊට පස්සෙ දවසෙම හොඳ රස්තියාදුවක් ගහල එනකොට රෑ 8යි වෙලාව. ඒකට හරියන්න දවස් දෙකතුනකටම බෝඩිමෙන් එලියටවත් බහින්න බැරිවෙන්න තෑග්ග හම්බ උනා.
කම්මැලිකමෙන් බෝඩිමේ ඉන්නකොට නිකං හම්බවෙච්ච dialog සිම් එක මතක් උනා. නිකං කිව්වට මොකද reload එකකුත් ඇඟේ ගහලයි දුන්නෙ. රුපියල් 20 එකත් active කරගත්තා. නිකං ඉන්න එකේ බ්ලොග් ටිකවත් කියවන්න හිතුවා. dialog prepaid broadband වල address bar එකේ මොකක් ගැහුවත් මුලින්ම අපිව එක්කගෙන යන්නෙ ඒගොල්ලන්ගෙ login page එකකට. ඔය page එකේ අපිට එවපු username password ගහලා log වුනාමයි අපිට වෙනත් සයිට් ‍වලට යන්න පුළුවන් වෙන්නෙ. වැ‍රදිලා හරි අපි අතින් login වුනාට පස්සෙ එන logout page එක close උනොත් logoutවෙන එක manually කරන්න වෙනවා. එහෙම manually logout නොකලොත් අපි දන්නෙම නැතිව අපේ usage එක යනවා.
ඉතිං login/logout වැඩේ මම chrome ට බාරදීලා firefox වලින් බ්ලොග් ටික open කරගෙන ගියා. ඔය අතරේ gmail log වෙලා ඉන්දරේ එක්ක පොඩි චැටක් දාගෙන හිටියා. usage එක බේරගන්න logout උනා. මොනව කරන්නත් තියෙන්නෙ පැය භාගයයි නෙව. ඒක ඉවර වුනාම net ගිහින් හමාරයි. logout උනාට මොකද ඉන්දරේගෙ chat message එනවා. ඊටපස්සෙ mail account එක පුරාම ඇවිදල නොකියවපු email ඔක්කොම කියෙව්ව කිසිම අවුලක් නැතිව(පින්තූර අන්තර්ගතයන් ඇති email ඇතුළුව.) වැඩේ තවත් නැගල ගියේ අවුලක් නැතුව attachment බාගත කරන්නත් පුළුවන් කියල දැනගත්තාමයි. මේ විදියෙට මීටරේට අහුනොවී වැඩ කරගන්න පුළුවන් වෙන සයිට් එකක් නං අහුඋනේ නෑ. gmail වලට විතරමයි හරිගියේ.

siyabas හි firefox ප්‍රමෝට් කිරීම

අද සියබස් අඩවියට ගියා පොඩි තොරතුරු ටිකක් අරගන්න කියල. සයිට් එකේ එහාට මෙහාට යනකොට නිකමට වගේ http://www.siyabas.lk/Browser_Support ක්ලික් කරලා Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7) යටතේ තිබ්බ http://www.siyabas.lk කියල තිබ්බ ලින්ක් එක ක්ලික් කලා. මෙන්න mozilla firefox page එකකට යනවා. rolleyes IE යටතේ තිබ්බ ලින්ක් එක ක්ලික් කලාම firefox page එකකට?? biggrin සමහර විට අපිට කියන්න හදනවා වෙන්න ඇති IE පාවිච්චි කරන්න එපා firefox වලට මාරුවෙන්න කියලා.lol
මේ ගැන ඒගොල්ලන්ට දැනුම් දුන්නා. බලමු මොකද වෙන්නේ කියලා. smile

සුබ ආරංචියක් (අනේ කාලේ වනේ වාසේ සම්බන්ධවයි)

මගේ අන්තිම පොස්ට් එකේ තිබුන http://www.internetworldstats.com වෙබ් අඩවියේ අපේ කොඩිය ගැන Site admin ලට දාපු ‍email එක වැඩකරලා. ඒගොල්ල වැරැද්ද පිළිගෙන, වැරැද්ද නිවැරදි කරල මට email එකක් එවල තිබුනා. ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් දක්වල තිබීම ගැන සංතෝෂයි. සයිට් එකේ ලංකාවේ තොරතුරුත් යාවත්කාලීන කරලා.

අලුත් තොරතුරු මෙතැනින් බලන්න

අනේ කාලේ වනේ වාසේ.

සුදාරක මලයාගේ වි‍ශේෂ පුවතක්! බ්ලොග් පෝස්ට් එක දැකල ලංකාවේ අන්තර්ජාල භාවිතය ගැන තොරතුරු හොයල බලන්න හිතුනා. මෙන්න මේක තමයි මුලින්ම මුසිකයට අහුවුනේ. බලන්නකෝ දාල තියෙන කොඩිය  මොකද්ද කියල ශ්‍රී ලංකාවේ.

මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband පටලැවිල්ල

ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට ක්‍රිෂාන්ගෙන් ලැබුණ ප්‍රතිචාරයක තිබුනා Daily Delight ගැන දීර්ඝ විස්තරයක්. ඒක කියවල ඉවරවෙලා මට ආපු ප්‍රශ්නයක් ගැන තමයි මේ සටහන ලියැවෙන්නේ

දැනට මොබිටෙල් සමාගමේ සියලුම Broadband package එකකම වගේ 1MB සඳහා රුපියලක් හෝ ඊට ආසන්න මුදලක් අය කරනවා. ඒත් Daily Delight 50 සඳහා අයවෙන්නේ 100MB සඳහා රු 50ක් විතරයි.(1MB සඳහා ශත 50යි) මුළු මා‍සෙම Daily Delight විදියට HSPA 3GB පාවිච්චි කලත් වැය වන්නේ රු 1500ක් විතරයි. සහ එදින ඇතුලත පාවිච්චි කරන්න 100 minutes of M2M video calls 100 M2M SMS ලබාදෙනවා HSPA වේගයත් 1Mbps.(මූලාශ්‍රය http://www.mobitel.lk/prepaid/3g_delight.html)
Daily Delight 25 සඳහා අයවෙන්නේ 50MB සඳහා රු 25ක් විතරයි.
ඒත් මොබිටෙල් Broadband Zoom 1024 package පාවිච්චි කරන කෙනෙකුට 1.5GB සඳහා රු.1500 ක් වැය කරන්න වෙනවා.(downlink වේගය 1MBps)Zoom 512 package (downlink වේගය 512MBps)සඳහාත් කතාව වැඩි වෙනසක් නෑ( මූලාශ්‍රය http://mobitel.lk/broadband/offers.html)

මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband package අතර ඇති තවත් වෙනස්කමක් තමයි Daily Delight දෛනිකව Activate කල යුතුවීම. Daily Delight මගින් 100MB ට වඩා දිනකට පාවිච්චි කරනවා නම් අයකිරීම් සැරයි.(1KB සඳහා ශත 1=1MB සඳහා රු10).

ම‍ට හිතෙන විදියට නම් මොබිටෙල් Broadband package පාවිච්චි කරන අයට අසාධාරණයක් වෙලා වගේ. නැත්නම් මොබිටෙල්ට වැරදිලාද එහෙමත් නැත්නම් HSPA package අයකිරීම් අඩු කරල Dialog HSPA එක්ක තරඟ කරන්නද හදන්නේ?

මොබිටෙල් සමාගම තම GPRS ගාස්තු පහල දැමීම සහ තවත් කතා

‍මොබිටෙල් පාවිච්චි කරන අයට මේක සුබ ආරංචියක් වේවි. November 30 සිට බල පැවැත්වෙන පරිදි GPRS ගාස්තු 1KB සඳහා ශත 2 සිට ශත 1 දක්වා අඩු කරලා. තව කලින් තිබුණ රු. 2 ක session fee එක 30 වෙනිද සිට අය කරන්නේ නෑ. (දැනට ඩයලොග් සමාගම 1KB සඳහා ශත 2 ක් අය කරන අතර Session Fee අය නොකරයි)

මේ සුබ ආරංචිය ලැබුන දවසේ මම Phone එකෙන් GPRS යන්න බැලුවත් යන්න බැරි උනා. මගේ GPRS අපලය ආයෙත් පටන් අරන් වගේ. මම SIM එක අරගෙන අවුරුද්දක් try කරල තමයි GPRS හරියට හදාගත්තේ(මොබිටෙල් සමාගමේ කාර්යශූර පාරිභෝගික සේවාවට පින් සිද්ධ වෙන්න) යන්තම් අන්තිමට Mobitel Service Centre එකක පැය ගානක් කට්ට කාල හෙන පචයක් ගහල හදාගත්ත. අන්තිමට කිව්වා GPRS සමහර වෙලාවට වැඩ ඒත් GPRS වලට මගෙන් ගාස්තු අයවෙන්නේ නෑ කියල. එතකොට නම් මුං කඩියෝ ‍වගේ වැඩ. විනාඩි 5 න් මගේ වැඩේ කරල දුන්නා. මම මොබිටෙල් සමාගමේ Loyal Customer කෙනෙක් (හික් හික් :D ) වෙලත් ඔහොම තමයි සලකන්නේ . දැන් ඉතිං Customer Care ද මොකද්ද එකට කතා කරල කාලෙ නාස්ති කරගෙනත් වැඩක් වෙන එකක් නෑ නේ. පැය ගානක් try කරල ගත්තට පස්සේ කියයි “Sir Network එක OK, Sir ගේ SIM එකේ GPRS Activate කරල තියෙන්නේ. Sir ගෙ phone එකේ ලෙඩක් නිසා වෙන්න ඇති GPRS වැඩ නොකරන්නේ කෝකටත් මම Settings එවන්නම්කෝ” අනේ ඉතිං කියන්න හොඳ හොඳ ඒවා මතක්වෙනවා ඉතිං එතකොට. ඒගොල්ල හිතං ඉන්නේ අපි මොක්කු කියලද දන්නේ නෑ.

දැන් ඉතිං දෙයියනේ කියල Dialog Broadband තියෙන නිසා ඕක හැදුව කියල එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් ඉතිං Dialog Broadband පැටිකිරිය හැමෝම දන්නවනේ. අපරාදේ කියන්න බෑ Assignment එකක් Submit කරන්න ඔන්න මෙන්න තියල Network එක down‍ වෙනවා වෙනවාමයි. එතකොට ඉතිං මොබිටෙල් තමයි ඉතිං backup එකට තියාගෙන ඉන්නේ. ඒත් ඉතිං දැන් ඒකත් වැඩ නෑනේ. දැන් ඉතිං පලයන්කෝ මොබිටෙල් එකේ Customer Care Agents ලට වඳින්න.

ජාතියේ පියාට සලකන්නේ ඔහොමද?

ඊයේ අපි නිදහසක් ලැබුව නිසා හිතුන අපේ රටට නිදහස ලබා‍ දෙන්න මූලික වී කටයුතු කළ ජාතියේ පියා ලෙස සැලකෙන ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා ගැන අන්තර්ජාලයේ මොනවද තියෙන්නේ බලන්න. මුලන්ම ආවේ ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර.

ඒත් ඉතින් ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා ගැන කිසිම සටහනක් නෑ නිකම් අග්‍රාමාත්‍ය ලයිස්තුවේ නම තියෙනවා විතරයි. අඩුම ගානේ පින්තූරයක්වත් නෑ.

ගරු විජයානන්ද දහනායක මැතිතුමාගේ විස්තරයේ තියෙන්නේ “Dudley Senanayaka”කියල විතරයි. අනික් හැම අග්‍රාමාත්‍යවරයෙක්ගෙ ගැනම පොඩි හරි සටහනක් තිබුණ.

ඉංග්‍රිසි සංස්කරණයේ නම් කිසිම අග්‍රාමාත්‍යවරයෙක් ගැන විස්තර නෑ.

ලස්සන වැඩේ ඒක නෙවෙයි. ඉංග්‍රිසි සංස්කරණයේ ගරු ඩී. එස්. සේනානායක මැතිතුමා‍ගේ නම click කරාම “Hon. Ratnasiri Wickramanayake – 2005″ කියල එන එක.

හෙළ රස හෝටලය

කොත්තු රොටි,
බිත්තර රොටි,
එලවලු රොටි,
පරාටා,
හෙළ රස පුවරුවක්
යට හිනැහෙන අපූරුව…