Category Archives: කැම්පස් ආතල්

නිදහස ලැබුවෙමු

මේ සතියේ Assignment දෙකක්ම තිබුන නිසා පහුගිය සතියම මහ එපා කරපු සතියක් උනා. ඒ නිසා අපි මේ Assignment දෙක ඉවර උන එක සමරමු, කියල යාළුවෝ කට්ටිය කතාඋනා කොහේ හරි යමු කියල. එතකොට වෙලාව හවස 6.30 ට විතර ඇති. ඒත් කොහේහරි යන්නත් ඕන මොකද ආයෙත් සෑහෙන කාලෙකට ආතල් ගන්න වෙන්නේ නෑ විභාගේ ළඟ නිසා. ඉතිං නිදහස් චතුරස්‍රය පැත්තේ ගිහින් පොඩි රවුමක් ඇවිදල නිදහසේ ඉඳල පොඩි අහිංසක ආතල් එකක් අරන් ආවා. ඇත්තටම මේ වගේ හැමදාම ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද කියල හිතනවා. දැන් ඉතිං ආයෙත් Assignment යුද්දේ.
මෙන්න එනකොට ගෙනාපු මතක සටහනක්


ඔය පිටිපස්සේ ලයිට් එළි පේන්නේ නිදහස් චතුරස්‍රයේ.

ශාකුන්තල තරහ වෙයිද දන්නේ නෑ මිනිහව එක්ක ගියේ නෑ කියල. මොනවා කරන්නද ඉතිං එයා කලින්ම යනවා නේ ගෙදර යන්න.

සුබ උපන් දිනයක් වේවා! ශාකුන්තල…

අද අපේ බැචා කෙනෙක් වෙන ශාකුන්තලගේ උපන් දිනයනේ. ඉතිං අද පොඩි පහේ දඩයක් මිනිහට දැම්මා(ඒ වෙච්ච විනාසයට නම් මුණුපොත තමයි සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ). Happy birthday වෙනුවට කිව්වේ වෙන සින්දුවක්(ඒක මෙතන නම් ලියන්න බැරි ජාතියේ එකක්).