කට්ටිය නොඉවසිල්ලෙන් කතාවෙ ඉතුරු කොටස දැනගන්න බලාගෙන ඉන්නවා කියපු නිසා දෙවැනි කොටසත් ඉක්මනට ලියන්න හිතුවා. 1 කොටස කියෙව්වෙ නැති අය මෙතැන කොටන්න.
Category Archives: ටෙලිෆෝන් කතා
ටෙලිෆෝන් කතා
හුඟ කාලෙකින් ආයෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුනා.
මේ පාර ටිකක් වෙනස් එකක්, ටෙලිෆෝන් ගැන ලියන්න හිතුනා.
ඔන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝනය හොයාගත්තලු 1876( හොයාගත්තෙ මෙයා උනාට හැංගුවෙ කව්ද කියල දන්නෙ නෑ.
) . ටෙලිෆෝනය නිපදවන්න බෙල් විතරක් නෙවෙයි වෙනත් අයත් උත්සහ කරල තියෙනව Elisha Gray කියල හාදයෙක් බෙල්ට දෙවැනි වෙලා තියෙන්නෙ පැය ගණනකින්.
මුලින්ම ආපු ටෙලිෆෝන් ඇවිත් තියෙන්නෙ යුගල වශයෙන්. ඒ කිව්වෙ මට අල්ලපු ගෙදර කෙනා එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න ඕන නං ටෙලිෆෝන් එකක් අපේ ගෙදර තියාගෙන අනිත් ටෙලිෆෝන් එක එහා ගෙදරට දීලා ඒ දෙක වයර් එකකින් සම්බන්ද කරන්නත් ඕන. මට ගෙවල් 10කට කතා කරන්න නං වයර් 10ක් අදින්න ඕන. අවුරුද්දක් යනකොට නගර වයර් වලින්ම වැහිලා යන තරම් මහ විනාසයක් උනාලු. ![]()
(පල්ලෙහා a පින්තූරය බලන්න )


