Category Archives: මට නම් පිස්සුද කොහෙද

COCOMO මොකෝ මේ

COCOMO
මොකෝ මේ…
කරදරේ,
අනේ මේ
අපේ මේ…
ජීවි‍‍‍තේ,
ආතල් එක
කන්නේ නැතුව යනවා ඕයි යන්න යන දිහාවක.

මේක ලිව්වේ පා‍ඩම් කර කර ඉන්න ගමන් ආපු අදහසක් අනුව.මොනව උනත්‍ COCOMO හොඳ එකා වැඩි කරදරයක් නෑ.

හමුවෙමුද නැවතත්?

ඔබේ සිත තරමටම
මා සිත…
දැඩි වූ දිනයක,
මා දෑස…
නුඹේ දෑස…
නොසොයන දිනයක,
හමුවෙමු…
පුරුදු බස් හොල්ට් එකේදීම

අඳුරටම පෙම් කරමි

හවස් යාමේ දුටු
කඩුපුල් මල් පොහොට්ටුව පිපෙනා තුරු…
අන්ධකාරයේ මා…
බලාසිටිනෙමි
ඇසිල්ලෙන්
කඩුපුල් මල අතුරුදහන්ය…
සෙවීමෙන් ඵලක් නැතියි
සිත කියයි…
මම තවමත් අඳුරෙහිය
තවම අන්ධකාරයටම පෙම් කරමින්
සොයනෙමි හේතුවක්
සිතේ වේදනාවට…

ඵලක් නම් නැතිය
කෙතරම් සෙව්වත්…
නොමතිය හේතුවක්
දුක්වීමට තරම්
සතුටු වනු මිස
දෑස පිස දමා
එහෙත්….
නානාප්‍රකාර විදුලි එලි දෑසම නිලංකාර කලද
මේ අන්ධකාරය
මට හැර යන්නට…
තවත් බොහෝ කල් ගතවේවි

මට නුඹ අමතක කරනු බැරී………

සිතේ සිරවී හුන් සිතිවිලි කන්ද ,
අමාරුවෙන් වචන කර,
යැද්දෙමි…
පිලිතුර වචන 4කි.
විඳවීම වසර 4කි. මෙතෙක් විඳවීමි.
ඉරණම මෙතෙක්
අපිව වරින් වර මුණ ගැසූවද
දැන් දුරස් වන්නට කාලයයි…
ඒ අපි
දෙමඟක ගමන් කල යුතු නිසාවෙනි
එකම දිසාවෙන් පැමිණ
එකම පන්තියේ ඉගෙන ගෙන
එකම සරසවියටම
පිය නැඟූ නිසාවෙන්
මට නුඹෙන් දුරස් වීම
පහසු නොවුනද……???
එනමුත් කෙසේ හෝ…
නුඹ ගැන මතකයන්
මකා දැමිය යුතු ඇත.
ඉතින් කුමක් කරම්ද?
ඔබ දෙදෙනට
සුබ අනාගතයක් පතනු හැර.