Category Archives: මෘදුකාංග

ensitip for google chrome – censitip – popup dictionary

ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල  browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor  එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ :D ). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක්  අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා. :( . කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ.  වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ ‍popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)

censitip

මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා :)

වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.

සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com

දැන් දැන් වැඩි වැඩියෙන් සිංහල මෘදුකාංග(software ) සහ ප්ලගීන(plugins)බි‍හිවෙන්න පටන් අරගෙන. ඒත් අපි සමහර වෙලාවට දන්නෙවත් නෑ මෙහෙම එකක් තියෙනවා කියල. නැත්තම් software එකක් තියෙනවා කියලා දන්නවා ඒත් බාගත කරගන්න (download) යන්න ඕන කොතැනටද කියලා අපි දන්නෙ නෑ. :( . මේ ගැටලුවට පිළියමක් විදියටයි sinhalasoftware.com ආරම්භවෙන්නේ.

සිංහල මෘදුකාංග ගැන දැනුවත් කරන්න, අවශ්‍ය නම් අපට හැකි අයුරින් මෘදුකාංග නිර්මාණකරුවන්ට උදව් ලබාදෙන්න අරමුණු සමග අමිල ප්‍රසාද් සොයුරා පටන් ගත්ත වෙබ් අඩවියක් මේක. මේ අදහස ඔහුගෙ හිතේ කාලයක් තිබිල තියෙන බව කතාවෙන් තේරුනා. මම මෙතැනට සෙට් උනේ මගේ හිතෙත් ‍එහෙම අයිඩියාවක් තිබිල මගේ යාලුවො දෙතුන්දෙනෙකුට කියලයි තිබුනෙ මෙහෙම එකක් කරන්න ඕන ඒත් සල්ලියි වෙලාවයි නෑ කියල. ඉතිං මගේ ඒ උනන්දුව දන්න  චමිලගෙ මාර්ගයෙන් මම අමිලව අඳුරගත්තා. තාම අමිලව අඳුරගෙන සතියක් වත් නැහැ. :D . අමිල ඉන්නෙ ඉතාලියෙ. ඒත් අපිදෙන්නාම පොදු අරමුණක් සඳහා වැඩකරන නිසා මේ එකක්වත් ප්‍රශ්ණ නෙවෙයි. :)

වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඕන කෙනෙකුට sinhalasoftware.com වල තමන්ගෙ මෘදුකාංගය ගැන විස්තරයක් ලියල දාන්න පුළුවං. අවශ්‍ය නම් හොස්ටින් ලබාදෙනවා. නැත්තම් ලින්ක් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. software එකේ home page එකටත් ලින්ක් එකක් දාන්න අපි ඉඩ ලබාදෙනවා. මෙහෙම මෘදුකාංගයක් තියෙනවා කියල දැනුවත් කරන්නයි අපිට ඕන. තාම වැඩේ පටන් ගත්තා විතරයි. තාම සයිට් එකත් under construction කිව්වට වැරැද්දක් නැහැ. දැනට මෘදුකාංග කිහිපයක් එකතු කරල තියෙන්නෙ. ඉදිරියේදී මේ ගණන වැඩි කරගන්න මේක කියවන ඔබේත් දායකත්වය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.(පොඩිම පොඩි මෘදුකාංගයක් උනත් කමක් නෑ එකතු කරන්න)

ඔබේ මෘදුකාංගය ගැනත් sinhalasoftware.com ට එකතු කිරීම ඔබටම කරන්න පුළුවන්. register වී. add DL ක්ලික් කිරීමෙන් මෙය කලහැකියි.

උබුන්ටු password එක්ක සෙල්ලම්.

linux වල users ලා ගැන විස්තර ඇතුලත්ව තියෙන්නේ /etc වල passwd කියන ගොනුව ඇතුලේ. password නෙමෙයි passwd හරිද?.( ඔය file එකේ පෙරනිමියෙන් එන්නේ root write permissions එක්ක අනිත් users ලාට read permissions විතරයි.). මේකෙ අන්තර්ගතය බලන්න ඕන නම් terminal එකක් open කරලා.

ඉතිරියත් කියවන්න උබුන්ටු password එක්ක සෙල්ලම්. (…)

Firefox ඉංග්‍රීසි සිංහල භාෂා පරිවර්තකය EnSiTip

කම්මැලිකමෙන් අන්තර්ජාලයේ අතරංමං වෙලා ඉන්නකොට… හම්බ උනා පොඩි ගැජට් කෑල්ලක්. ‍firefox add-on එකක්. පොඩි උනත් ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් මම හිතන්නේ. අන්තර්ජාලය බල බල ඉන්නකොට අප්සෙට් වචනයක් ආව ගමන් ඒ වචනේ උඩ mouse එක ටිකක් වෙලා තියාගෙන ඉන්න විතරයි තියෙන්නේ. EnSiTip වචනේ සිංහල තේරුම හොයලා දෙනවා.

google සෙවුම් වලටත් support කරනවා. google සෙවුමේදී language පිළිබඳව සිංහල වෙබ් අඩවි සෙවීමට ඔබට අවශ්‍ය වූවා යැයි සිතමු. language යන්න google සෙවුමේ යතුරු ලියනය කර shift යතුර ඔබන්න එවිට ලැබෙන tip එකෙන් ඔබ සැබැවින්ම ඔබ සොයන අදහස තෝරා search click කරන්න.

මේ add-on එක තාම පර්යේෂණ අවධියේ තියෙන්නේ. වචන උච්චාරණය ලබා දීමට සැලසුම් කරල තිබුනත් තවම වැඩ කරන්නේ නෑ. ඉදිරියට ඒවා නිවැරදි වේවි. ඒ ඇරුනාම දැනට කියන්න තරම්ම වැරැද්දක් නෑ.
මේක නිර්මාණය කරල තියෙන්නේ UCSC (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයන ආයතනය) හාෂා පර්යේෂණ ආයතනයේ (කියන්නත් ආඩම්බරයි)

ස්ථාපනය කර ගන්න මෙතැන බලන්න.
දායකත්වය දක්වපු අය බලන්න.මෙතැන බලන්න

නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ

නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බ්ලොග් සටහන් කොපමණ තිබුනත් ඒ බොහෝ බ්ලොග් සටහන් කියවීමෙන් මා ගත් අදහස නම් ඒ සටහන් ලියන බොහෝ දෙනෙකු නිදහස් හා විවෘත මෘදුකාංග ගැන හරිහැටි නොදන්නා බවයි. නිදහස් හා විවෘත මෘදුකාංග ගැන හැමෝම කතාකලත් ඒවා පිලිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන්නේ අතලොස්සකට පමණයි. ශාකුන්තල නිදහස් හා විවෘත මෘදුකාංග වල බලපත්‍ර ගැන හොඳ ‍බ්ලොග් සටහන් කිහිපයක් ලියාගෙන යනවා. ඒ නිසා බලපත්‍ර ගැන ශාකුන්තල‍ට ලියන්න ඉතිරි කරලා මම නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැරදි මත කිහිපයක් නිවැරදි කරන්න මම අදහස් කලා. මෙහි දැක්වෙන්නේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන තිබෙන වැරදි මත කිහිපයක් සහ ඒවා පිළීබඳ නිවැරදි පැහැදිලි කිරීමයි.

1. විවෘත මෘදුකාංග වල පරිශීලකයන්ගෙ අවශ්‍යතාවයන් සොයාබලනව අඩුයි

විවෘත මෘදුකාංගවල මූලකේත ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන් වගේම ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් කර ගන්න පුලුවන්(තමන්ගේ අවශ්‍යතාවය ගැන තමන් නැතුව වෙන කවුද හරියටම දන්නේ). එහෙම කරල ඔබට අවශ්‍ය නම් අලෙවි කරන්න උනත් පුළුවන්. ඒත් එය GPL බලපත්‍රය සහිත මෘදුකාංගයක් නම් ඔබට මෘදුකාංගය සමග ඔබ වෙනස් කල මූල කේතත් ලබා දිය යුතු වෙනවා. එමෙන්ම එම මිලදී ගත් තැනැත්තා එම මූල කේත වෙනස් කර නැවත බෙදා හැරීම ඔබට නැවැත්විය නොහැකියි. මේකත් හොඳින් මතක තියා ගන්න ලිනක්ස් කියන්නේ ‍ubuntu වත් fedora වත් mandriva වත් නෙවෙයි. තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති 200 කට වැඩි ගණනක් තිබෙනවා. ඉතිං ඒ අතුරින් සොයා බලලා තමන්ට වඩාත් ගැල‍පෙන මෙහෙයුම් පද්ධතියක් තෝර ගන්න පුළුවන්.

2. නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය වෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා පමණයි (කෙටියෙන්ම කියනවනම් නිදහස් හා විවෘත මෘදුකාංග = ලිනක්ස්)

නිදහස් හා විවෘත මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට වගේම windows සඳහාත් නිර්මාණය වෙනවා. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි Mozilla Firefox මෘදුකාංගය. මම හිතන හැටියට නම් මෙය දැනට තිබෙන හොඳම web browser එකක්. විවෘත මෘදුකාංග වල පරිශීලකයන්ගෙ අවෂ්‍යතාවයන් සොයාබලනව අඩුයි කියන එකටත් මේ මෘදුකාංගය හොඳ පිළිතුරක් වෙයි. (මේක බලන්න) firefox ලබාගත් සම්මාන ගැන දැනගන්න මෙතැන බලන්න

3. නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය වෙන්නේ ලාභ ලැබීමේ අරමුණෙන් නෙවෙයි.

මෙහෙමයි මේකේ නම් දෙපැත්තක් තියෙනවා. ලාභ ලැබීමේ අරමුණක් නැතිව මෙන්ම ලාභ ලැබීමේ අරමුණක් ඇතිව නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මාණය කරන ආයතන තිබෙනවා. ලාභ ලබන අරමුණෙන් මෘදුකාංග ලියන(professional open-source companies ) අයට ඒ මෘදුකාංගයේ තිබෙන දෝෂ අඩුපාඩු ආදිය නිවැරදි කිරීම වෙනත් අයවිසින් කරන නිසා ඒගැන ඒතරම් වද වෙන්න ඕන වෙන්නේ නෑනේ. මොකද එම මෘදුකාංගයේ මූලකේත දිහා මුලු ලෝකයේම මෘදුකාංග නිර්මාණය කරන්නන් බලන් ඉඳලා ඒවා නිවැරදි කරන නිසා.(වාණිජ (proprietary) මෘදුකාංග නිර්මාණය කරන සමාගම් වලට මේ වාසිය නෑ නේද?) දැන් සමහරු බලනවා ඇති ලාභ ලබන අරමුණෙන් මෘදුකාංග ලියන අය මෙමගින් ලාභ ලබන්නේ කොහොමද කියලා.ඒක මෙහෙමයි වෙන්නේ මෘදුකාංගය අලෙවි කරනවා වෙනුවට ඔවුන් කරන්නේ එම මෘදුකාංග හා සම්බන්ධ වූ සේවාවන් ලබා දීමයි.(The business model of these companies tries “to offer open-source software with a free license, while using professional services, maintenance and support for these products to derive revenue.-උපුටා ගැනීම විකිපීඩියා). උදාහරණ විදියට Liferay, Inc., Red Hat, MySQL AB,සහ JBoss වගේ ආයතන ගන්න පුළුවන්.

4. නිදහස් හා විවෘත මෘදුකාංග, වාණිජ (proprietary) තරම් පහසුකම් දෙන්නේ නෑ.

ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන web server මෘදුකාංගය apache වීමම ඉහත මතය බොරු කරන බව ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වැටහෙනවා ඇති. ඔබ කියවන මේ බ්ලොග් සටහන ඔබට ලබාදෙන GFE/1.3 මෘදුකාංගය පවා apache මෘදුකාංගය පදනම් කරගෙන google ආයතනය විසින් නිපදවන ලද්දක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක් වීම අතිශයෙන්ම කණගාටුදායකය.(GFE යනු Google Front End යන්නයි). එවන්වූ මෘදුකාංගවල පිහිටෙන් බ්ලොග් සටහන් ලියන සමහරු නිදහස් හා විවෘත මෘදුකාංග පදනම් විරහිතව විවේචනය ඊටත් වඩා කණගාටුදායකය. තව gimp මෘදුකාංගය graphic නිර්මාණයකරණය සඳහා ඉතා හොඳ සහයක් ලබා දෙනවා.

5. නිදහස් හා විවෘත මෘදුකාංග පරිගනකයේ ස්ථාපනය අපහසුයි.

ස්ථාපනය කිරීම අපහසු මෘදුකාංග සියල්ලම නිදහස් හා විවෘත මෘදුකාංග නෙවෙයි නේද?. සමහර ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ස්ථාපනය අපහසු වුනත් මෘදුකාංග ස්ථාපනය පහසු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිත් තිබෙනවා.(උදා:- fedora වල rpm මගින් ස්ථාපනය). සමස්ථයක් වශයෙන් ගත්තම සමහර ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ස්ථාපනය අපහසු වුනත් ඒ දුර්වලතාත් දැන් නිවැරදි වෙමින් පවතින නිසා ප්‍රශ්නයක් නැහැ. නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නේ ලිනක්ස්වත් එහි ධාවනය කරන මෘදුකාංගත් පමණක් නොවන බවත් නැවත නැවතත් අවධාරණය කරමි. විවෘත මෘදුකාංග ස්තාපනය බොහොමයක් මෘදුකාංග වින්ඩෝස් මත පහසුවෙන් ස්ථාපනය කළ හැකියි. firefox,gimp (graphic නිර්මාණ කරන ජනප්‍රිය මෘදුකාංගයකි) වගේ මෘදුකාංග ඕනෑම කෙනෙකුට පහසුවෙන් ස්ථාපනය කරගත පුළුවන්.

6. ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නිපද‍වෙනුයේ නිදහස් හා විවෘත මෘදුකාංග පමණි.

මේකත් බොහොම අය වරද්ද ගත්තු තැනක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නිදහස් හා විවෘත මෘදුකාංග මෙන්ම වාණිජ (proprietary) මෘදුකාංගත් තිබෙනවා. උදාහරණයක් ලෙස nerolinux(nero මෘදුකාංගයේ ලිනක්ස් සංස්කරණය) ගන්න පුළුවන්.

pen drive වෛරස නවත්වන්නේ ‍කොහොමද?

මේ මාතෘකාව ගැන සමීර කලින් ලියලා තිබුනත් මටත් හිතුනා මේ ගැනම ලියන්න මොතද තාමත් pen එක ‍දෙක්ලික් කරලා අරින අය අනන්තවත් ඉන්න නිසාත් ඒ ගැන අමතක වෙලා සමහර වෙලාවට දෙක්ලික් තරන නිසා. දැන් තියෙන වෛරස වල හැටියට එක ප්‍රතිවෛරස මෘදුකාංග මදි කියලත් වෙලාවකට හිතෙනවා (ඇයි ඉතිං එකක අහුවෙන වෛරසය තව එකක අහුවෙන්නෙ නෑ).ඒත් ඒක ප්‍රායෝගික නෑනෙ. ඉතිං මේකට ප්‍රායෝගික පිළියමක් විදියට මං පාවිච්චි කරන්නේ autorun eater කියලා පොඩි ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛයෙන් pen එකේ autorun තියෙනවනම් ඒව මකලා උපස්ථ(backup)කරලා pen එකේ අන්තර්ගත අනතුරුදායක ගොනු පිලිබඳවත් දැනුවත් කරනවා.

තවත් කියනවා නම් වෛරස මගින් වෙනස් කරන registry entries මෙමගින් පහසුවෙන්ම නිවැරදි කර ගන්න පුලුවන්. තව දෙයක් තියෙනවා autorun eater කියන්නේ freeware එකක්. නොමිලේම මෙතනින් බාගන්න පුලුවන්. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන නළුවා කරගෙන තියෙන්නේ එළුවෙක්(එළුවා කුණු කන නිසා වෙන්න ඇති) ඉතින් මේ එළුවා පරිගනකය ආරම්භ කරන විට කෑ ගහනවා. මේක මටනම් මහා වදයක්. ඒක නවත්වන්න නම් ක්‍රමලේඛය තිබෙන ෆෝල්ඩරය ගොස් තිබෙන .wave ‍ගොනුව මැකීමෙන් පුළුවන්.

මෙම කාර්යයට මම කලින් පාවිච්චි කලේ cpe autorun killer කියලා ක්‍රමලේඛයක් ඒකත් හොඳයි ඒත් backup පහසුකම නැති නිසාත්, සමහර වෛරස හමුවේ අසරණ වෙන නිසාත් මම එය භාවිතය අත්හැරියා. ඒකත් නොමිලේ මෙතනින් බාගන්න පුලුවන්.