දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. හත්මාළුවෙ ඇප්රූව් කරන්න තියෙන බ්ලොග් ලිස්ට් එකත් සෑහෙන්න දිග වෙලා. බ්ලොග් එකක් ඇප්රූව් කරන්න වැඩි වෙලාවක් නොගියත් ගොඩක් බ්ලොග් ඇඩ්කරන අය හරියට බ්ලොග් එකේ feed ලිපිනය ලබාදෙන්නෙ නැහැ. feed කියන එක දන්නෙ නැති නිසා වෙන්න ඇතිනෙ වැරදියට දාන්නෙ ඒ නිසා ඒ වැඩෙත් හත්මාළුවෙ අපිම නිවැරදි කරලා දානවා. ඒ වැඩේ නම් ටිකක් වෙලාව යන වැඩක්. මේකට පිළියමක් මට වෙලාවක් ලැබුණු වෙලාවක සයිට් එකට ඇඩ් කරන්නයි හිතාඉන්නේ. ගිය අවුරුද්දෙ බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තිබුනට මේ අවුරුද්දේ ලියලා තියෙන්නේ 31ක් විතරයි. බ්ලොග් ලිවිල්ල විනෝදාංශය කරගන්නවට වැඩිය එක එක ගැජට් කෑලි හදන එක මගේ විනෝදාංශය වේගෙන එන නිසා වෙන්න ඇති. ආසාවෙන් පටන් ගත්තු python වැඩකුත් ඔන්න දැන් කොට උඩ.
. යලට මහට පෝස්ට් එකක් දැම්මත් මගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියන්න පටන් අරගත්තු අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ ගොඩක් අය මට වඩා හොඳට ලියනවත් එක්ක.
.
Category Archives: වල් පල්
සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්.
google buzz බලෙන්ම ගත්තු හැටි… | How to enable google buzz
googleලා අලුතෙන් buzz කියල මොකක්ද හුටප්පරයක් පටන් අරගෙන. අද කට්ටිය tweet කරනවා හෝ ගාලා. දැන් ඉන්න හැමෝම කියනවා මට buzz තියෙනවා මට buzz තියෙනවා කිය කිය tweet කරනවා. හැමෝටම buzz හම්බ උනත් මට විතරක් නෑ. ඒක හරි වැඩක්නෙ මොකෝ මේ. http://www.google.com/buzz ගියාම කියනවා “We’re still rolling out Buzz to everyone, so if you don’t see it in your Gmail account yet, check back soon.” කියලා. මාත් අතෑරියේ නෑ ඕං. රැයක් දවාලක් නැතුව google chrome ප්‍රමෝට් කරන මට මොකෝ google කාරයා ගනං උස්සන්නෙ කියලා බැලුවා.
. නිකමට වගේ google labs කෑලි ටික disable කරලා බැලුවා. මෙන්න වැඩ. මොකක්ද එකක් ආවා කියෙව්වෙවත් නෑ “හා මම කැමතියි ” කියලා click කලා.
buzz කියන්නේ google wave වගේ එකක් කියලයි මට හිතෙන්නේ තාම පාවිච්චි කරන්න පටන්ගත්තා විතරනෙ. ඒ අස්සේ කට්ටියක් ඉන්බොක්ස් එක ගොඩ වෙනවා කියලා කෑගහනවා. මේකත් google wave වගේ ආසාවට invitation පොරකාගෙන ගෙන්නගෙන අතෑරලා දාන එකක්ද මන්දා. බලමුකෝ. මොකද වෙන්නෙ කියලා .
ඔන්න ඔහොමයි උනේ.
ඉන්පුට් – අවුට්පුට්…
කම්පියුටර්…..
ඉන්පුට් එකකට එකම අවුට්පුට් එක
මිනිස්සු…..
එකම ඉන්පුට් එකට වෙනස් වෙනස් අවුට්පුට්.
කම්පියුටර් එකක් ඇඟට ඔබ්බවගත්තු මිනිහා….
හැම මිනිහාම ඉන්පුට් එකකට එකම අවුට්පුට් …
(කව්දෝ එහෙමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නෙ. )
අලුත් google සෙවුම උත්සහ කර බලන්න
මේක මම මේ ලඟදී බලපු ඉංග්‍රීසි බ්ලොග් අඩවි කීපයකම මම දැක්ක කතන්දරයක්. මටත් වැඩේ ට්‍රයි කරල බලන්න හිතුනා. ම්ම්ම්ම… නරකමත් නෑ.
මෙහෙමයි කරන්නේ…
ටෙලිෆෝන් කතා 2 කොටස
කට්ටිය නොඉවසිල්ලෙන් කතාවෙ ඉතුරු කොටස දැනගන්න බලාගෙන ඉන්නවා කියපු නිසා දෙවැනි කොටසත් ඉක්මනට ලියන්න හිතුවා. 1 කොටස කියෙව්වෙ නැති අය මෙතැන කොටන්න.
මෙන්න twitter spamming
වැඩි විස්තර ඕනෙ නැහැ මේක බලන්නකෝ. ටිකක් දිගයි.
. twitter කරන අයට නම් ගොඩක් වැදගත්වෙයි.
අද බුධාජීව කවදාවත් නැතිව twitter msg එකක් එවලා. gtalk තියෙද්දි මොකද මේ සංකීර්ණ ප්ලෑන් වලින් එන්නෙ කියල ඇහැව්වා.
me: බාධා කරනවට සොරි. මට twitter direct msg එකක් එවුවද?
budhajeewa: ආයිබෝන්.නෑ ඇයි ?
me: ඇහ්? මම මේල් එකක් එවන්නං. බලපං
budhajeewa: එලස්. සමහරවිට..
me: hey Pahan, i just created a poll: “What is your browser ?” you should vote: http://bit.ly/3DFgiE මේකයි ආවේ
budhajeewa: මම අර pollpegion ද මොකක්ද සයිට් එකකින් poll එකක් හැදුවා.. ඒකෙ votes ඒකෙන් මට vote කරපු අයගේ accounts වල නමින් ආවා.. ඒ වගේ එකක් වෙන්නැති
ආහ්.. ඒක තමයි වෙලා තියෙන්නේ. හැබැයි මම ඔහොම වෙන වෙනම direc messages යවන්න කියල නං දුන්නෙ නෑ
me: මගේ twitter පාස්වර්ඩ් එක යනවා මේකට vote කලොත්
budhajeewa: ඒ සයිට් එක පාවිච්චි කරන එක බයානකයි වගේ..
me: හ්ම්
budhajeewa: සොරි වෙන්නෝන.. මෙහෙම වෙයි කියල නං ඒ සයිට් එකේ තිබ්බෙ නෑ
me: හරි හරි ![]()
budhajeewa: ![]()
me: poll එකක් ඕන නං බ්ලොග් එකේ දාලා ලස්සනට කරන්න තිබ්බා
![]()
budhajeewa: නෑ නෑ.. මටත් ඔය සයිට් ජංජාලෙ රස්තියාදු ගහමිං ඉන්නකොට හම්බවුනේ.. නිකං ටෙස්ටිං පාරකටත් එක්ක poll එකක් හැදුවා. එච්චරයි.. දැං බලනකොට මටත් නොකියා ඒ සයිට් එක මගේ account එක පාව්චිචි කරලා නෙව
me: twitter acc එකද?
budhajeewa: යා
me: උඹටත් නොකියද ගේම දීල තියෙන්නෙ
budhajeewa: twitter support කරන site එකක්
ඒ වගේ.. මොකද මම direct message කරන්න කියල දුන්නෙ නෑ නෙ
me: මං නං twitter විතරයි ![]()
budhajeewa: දන්නැද්ද.. ඔය twitter වලින් ලොග් වෙන්න පුළුවං අනං මනං සයිට් දැං පඳුරකට ගැහුවත් විසිවෙනවා.. ඕකත් එයින් එකක්
me: ටිවීටරේ බලපං. වෝට් කරපු එවුන් vote කලා කියල tweet කරලා
budhajeewa: මෙන්න සයිට් එක http://pollpigeon.com/
me: ඕවත් ඒ සයිට් එකේ වැඩ වෙන්න ඕන
budhajeewa: ඒක නොවැ
me: යකෝ එක වින්නැහියයි එතැන. ![]()
budhajeewa: හික්ස්. මේක නිකං පිරමිඩයක් වගේ
me: සිරාවට
budhajeewa: වොට් කරපු එවුං මැසේජ් කරල තියෙන්නේ අනිත් එවුන්ටත් vote කරන්න. කියලා. මලලසේකර
me: උන්ගේ acc වලිනුත් direct msgs යනවද දන්නෑ
budhajeewa: පිස්සු හැදෙයි
me: පිස්සු හැදිල ආයෙත් හැදෙනවා
budhajeewa: ඒකනොවැ
me: මමයි මගේ යාළුවොයි බේරි ![]()
budhajeewa: කවුද දන්නෙ මෙහෙවු වින්නැහියක් වේවි කියල !. නිකං ගිහිං poll එක create කරල OK කලා !!! . තැංකූ වේවා මේ ගැන කිවුවට !
me: අමුත්තක් දැක්ක නිසයි ඇහුවෙ. මේ ගැන පෝස්ට් එකක් ලියන්නද?
budhajeewa: අන්න හරි, ඔයවගේ පිරමීඩ ක්‍රම වලට අහුවෙන්න එපා කියල ලියන්න
බයි ද වේ.. අපේ සයිට් ප්‍රමෝට් කරන්නත් හොඳ අයිඩියාර් එක. එකෙක් අල්ලගත්තොත් උගෙ ඔක්කොහ ෆ්‍රෙන්ඩ්ස්ලට ස්පෑම් වෙන ක්‍රමයක් !!! ![]()
me: ![]()
budhajeewa: ඔය සයිට් එක කෙලින්ම පාස්ව’ඩ් එක ඉල්ලන්නෙ නෑ.. Twitter Connect හරහා තමයි log වෙන්න තියෙන්නේ
me: ya, password එක යන්නෙ නැතුව ඇති ඒ වුනාට මුං අපි වගේ tweet කරනවනේ ![]()
budhajeewa: ඔවු ඒක බයානකයි.. මම වගේ පෙනී ඉඳිමින් ඔය msg එක එවුව වගේම, ඒ ගොල්ලොන ඕනම දෙයක් tweet කරන්න තිබ්බා !!!
විනාඩි 10කට පමණ පසු…
me: ඔන්න එනවා දැන් direct msg
budhajeewa: ඒ මොකක් කියලද ?
me: manushan: hey Pahan, i just voted “Firefox” on “What is your browser ?”
budhajeewa: හෆොයි !.
බ්ලොග් අඩවිය අලුත් නිවහනකට…
blogger වල තිබ්බ මගේ බ්ලොග් එක ඔන්න මගේම කියල තැනකට අරං ආවා. තාම සයිට් එකේ වැඩ නං ඉවර නෑ. wordpress පාරක් දාලා බ්ලොග් එක මෙතැනට අරං ආවා. blogger වලින් wordpress වලට සම්පූර්ණයෙන්ම බ්ලොග් එක ගෙනාවා.
හිතට හරියන , ඉක්මනට load වෙන theme එකක් නම් හොයා ගන්න බැරි උනා.
.com වැඩේ සාර්ථක කරගන්න උදව් කල Maya Creations ආයතනයට හා දක්ෂිකට මගේ ස්තුතිය.
පරණ ලිපිනයට ගියත් මෙතැනටම යොමු කරනවා.
siyabas හි firefox ප්‍රමෝට් කිරීම
අද සියබස් අඩවියට ගියා පොඩි තොරතුරු ටිකක් අරගන්න කියල. සයිට් එකේ එහාට මෙහාට යනකොට නිකමට වගේ http://www.siyabas.lk/Browser_Support ක්ලික් කරලා Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7) යටතේ තිබ්බ http://www.siyabas.lk කියල තිබ්බ ලින්ක් එක ක්ලික් කලා. මෙන්න mozilla firefox page එකකට යනවා.
IE යටතේ තිබ්බ ලින්ක් එක ක්ලික් කලාම firefox page එකකට??
සමහර විට අපිට කියන්න හදනවා වෙන්න ඇති IE පාවිච්චි කරන්න එපා firefox වලට මාරුවෙන්න කියලා.![]()
මේ ගැන ඒගොල්ලන්ට දැනුම් දුන්නා. බලමු මොකද වෙන්නේ කියලා. ![]()
මොබිටෙල් Customer Care වෙනුවට Self care නාඩගම්
පෙබරවාරි 16 වෙනිදා මොබිටෙල් ගාස්තු අඩු කිරීමක් කලා හැමෝටම මතක ඇති. ඉතිං ඔන්න මාත් ඉතිං ලාභ නිසා ඒකත් activate කරගෙන selfcare menu එකට ගිහින් any 8 deactivate කරල දැම්මා. currently you dont have any 8 feature වගේ එකකුත් ආවා. ඔන්න ඉතිං මම හිතාඉන්නේ දවසගානේ කීයක්වත් කැපෙන්නේ නැතුව ඇති කියල එත් ගිය සතියේ තාත්තගේ උපහාර සිම් එක මට ලැබුණු නිසා prepaid සිම් එකෙන් calls ගත්තේම නෑ.
.ඒත් ගිය සතියේ 50 දාපු reload එකට වෙච්ච දෙයක් නෑ. ඊළඟ දවසේ බැලින්නම් රුපියල් 3 කුත් සත ගානක් කැපිලා. උපහාරෙ නැත්තම් ඉතිං රුපියල් 3 ගානක් නෑ කැළණිපාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ.
දවස ගානේ රුපියල් තුන තුන කැපිලා 50 වාෂ්ප වෙලා. ආයෙත් selfcare ගිහින් ආයෙත් any8 deactivate කලා. ආයෙත් ඒවගේ reply එකක් ආවා. ඔන්න 0712755777 customer care එකට ඩයල් කලා. ඔන්න ඉතිං හැමදාම වගේ බලෙන් අස්සවන වෙළඳ දැන්වීම ඉවරවෙලා අරක ඔබන්න මේක ඔබන්න කියල අක්කා කියාගෙන කියාගෙන යනවා. ඒත් customer care agent කෙනෙක්ට කතා කරන්න ඔබන්න ඕන මොකද්ද කියල කියන්නේ නෑ. හපෝ දැන් ඔන්න මට මැවිලා පේනවා mobitel customer care center එකකට ගිහින් චාටර් වෙවී ඉඳලා පැය භාගයක් විතර එතන ඉන්න agent කෙනෙක්ට සින්කෝන් එක අවබෝධ කරවලා වරුවක්ම විනාස කරගෙන මේක හදාගන්න හැටි. කෝකටත් any8 activate/deactivate වගේ එකක් කරන්න මොකද්ද අංකයක් කිව්වා ඒක ඔබලා confirm කලා. ඔන්න ඊළඟ දවසේ බැලින්නම් වැඩේ හරි.
Dialog HSDPA පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්
මෙච්චර කල් ලොකු කරදරයක්ව තිබුනනේ Data usage එක බලාගන්න බැරි කම ඔන්න ඒකට dialog එක පිළියමක් යොදලා.(යන්තම් ඇති කස්ටිය පණ යනකම් කෑගහපුවගේ ප්‍රතිඵල පරක්කුවෙලා හරි ලැබෙනවා වගේ). මේ සඳහා ඔබ මුලින් Mydialog වල register වී සිටිය යුතුයි. මේ ක්‍රමේ ගුණදොස් පස්සේ හොයමු තාම පටං ගත්ත විතරනේ.


