මේක මං අදුරන අක්කා කෙනෙක්ට වෙච්ච ඇබැද්දියක්. එයාට එයාගේ හොදම යාළුවෙක් ගෙන් facebook message එකක් ඇවිත් ඒකේ තිබ්බ ලින්ක් එකක් ක්ලික් කලා විතරයිලු සයිට් එකට ගියාම flash player එකක් දාන්න ඉල්ලනවලු(දැනටමත් ස්තාපිතව තිබියදීත්). install ක්ලික් කලා විතරයිලු මොන මොනවදෝ install වෙන්න පටන් අරං. ටිකකින් කියනවලු මෙච්චර වෙලාවකින් shutdown වෙනවා සංවාද කොටුවක් එක්ක ආපු captcha එකේ අකුරු ටයිප් කරන්න කියල.
Category Archives: වෛරස
අඹ යහළුවන් ඕනෑකර තිබේ
ඔබ පොරක් නොවීම අත්‍යාවශයය.
ඒ මම පොරක් නොවන නිසාය.
මම පොරක් යැයි ඔබ සිතන්නේ නම් ඔබ පොරක් නොවේ.
සියල්ල සාපේක්ෂය.
මට පොරක් වීමට අවශ්‍ය නැත.
එහෙත් ඊර්ෂ්‍යාකාරයෝ නුරුස්සන්නෙක්මි.
විභාගයක් අත ලග තිබියදී බ්ලැක්මේල් කරමින් දින ගනන් ඇදී යන නපුංසක ගොන් පාට් නොදමන,
තමන් සිටින වලෙන් ගොඩ ඒමට උදවු කලවිට යහළුවාද එම වලට දමා ගැනීමට මාන නොබලන,
පිටස්තරයන් ඉදිරියේ යහළුවන්ට අපහාස කර කාලකන්නි සතුටක් නොලබන (උපහාසය ඉතා හොඳින් හඳුනමි),
වචන දෙකක තුනක් වැයවන උපන්දින සුබ පැතුමකට වඩා පාටියක් ගැනීම වඩා වැදගත් ලෙස නොසලකන,
“මචන් පොඩි උදව්වක් කරපන්” යැයි ළඟට කතාකර අමුතිත්ත කුණුහරුපයෙන් සංග්‍රහ කිරීමක් නම් විහිළුවක් ලෙස සැලකිය හැකි නමුත් “අනේ මෙහෙමත් බූරුවෙක්” යන සිතිවිල්ල සිතේ ඇතිකර නොගත්,
මම පටන් ගත් සංවාදයකට මැදින් පැන “උඹ මැදින් පැනල කෑව බං ඒක” යැයි නොකියන,
වැරදෙනකම් බලා සිට “උඹ නම් මහ බූරුවෙක්”,”උඹ මන්ද බුද්ධිකයෙක් බං” යැයි කීව ද කම් නැත ඒත් මම නැති තැන එසේ විවේචනය නොකරන…
අඹ යහළුවන් ඕනෑ කර තිබේ.
අනුන්ගේ credits වලින් මට ඇති ඵලක් නැත.
මට ලැබිය යුතු credits මටම නොලැබෙන්නේ වුවද කම් නැත.
එහෙත් මට ලැබෙන credits දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ නම් ඔබ සුදුසු නැත.
pen drive වෛරස නවත්වන්නේ කොහොමද?
මේ මාතෘකාව ගැන සමීර කලින් ලියලා තිබුනත් මටත් හිතුනා මේ ගැනම ලියන්න මොතද තාමත් pen එක දෙක්ලික් කරලා අරින අය අනන්තවත් ඉන්න නිසාත් ඒ ගැන අමතක වෙලා සමහර වෙලාවට දෙක්ලික් තරන නිසා. දැන් තියෙන වෛරස වල හැටියට එක ප්‍රතිවෛරස මෘදුකාංග මදි කියලත් වෙලාවකට හිතෙනවා (ඇයි ඉතිං එකක අහුවෙන වෛරසය තව එකක අහුවෙන්නෙ නෑ).ඒත් ඒක ප්‍රායෝගික නෑනෙ. ඉතිං මේකට ප්‍රායෝගික පිළියමක් විදියට මං පාවිච්චි කරන්නේ autorun eater කියලා පොඩි ක්‍රමලේඛයක්. ඒ ක්‍රමලේඛයෙන් pen එකේ autorun තියෙනවනම් ඒව මකලා උපස්ථ(backup)කරලා pen එකේ අන්තර්ගත අනතුරුදායක ගොනු පිලිබඳවත් දැනුවත් කරනවා.
තවත් කියනවා නම් වෛරස මගින් වෙනස් කරන registry entries මෙමගින් පහසුවෙන්ම නිවැරදි කර ගන්න පුලුවන්. තව දෙයක් තියෙනවා autorun eater කියන්නේ freeware එකක්. නොමිලේම මෙතනින් බාගන්න පුලුවන්. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන නළුවා කරගෙන තියෙන්නේ එළුවෙක්(එළුවා කුණු කන නිසා වෙන්න ඇති) ඉතින් මේ එළුවා පරිගනකය ආරම්භ කරන විට කෑ ගහනවා. මේක මටනම් මහා වදයක්. ඒක නවත්වන්න නම් ක්‍රමලේඛය තිබෙන ෆෝල්ඩරය ගොස් තිබෙන .wave ගොනුව මැකීමෙන් පුළුවන්.
මෙම කාර්යයට මම කලින් පාවිච්චි කලේ cpe autorun killer කියලා ක්‍රමලේඛයක් ඒකත් හොඳයි ඒත් backup පහසුකම නැති නිසාත්, සමහර වෛරස හමුවේ අසරණ වෙන නිසාත් මම එය භාවිතය අත්හැරියා. ඒකත් නොමිලේ මෙතනින් බාගන්න පුලුවන්.


