පෙබරවාරි 6 වන දින විභාගේ ඉවරෝ තේමාව යටතේ පළවූ මගේ බ්ලොග් සටහනකින් block site නම් add-on එකක් විස්තර කලෙමි. මෙය මා විසින් සංසදයේ අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රකාශන නිදහසට කරන ලද බාධාවක්/බලපෑමක් යැයි යම් කෙනෙකුට හැඟුනා නම් ඒ පිළිබඳවද සහ ඒ සාමාජිකයන්ගෙන්ද මම අවංකවම සමාව ඉල්ලමි. අදාල ඇඩෝනය භාවිතය කියවන්නාගෙ කැමැත්ත මත කල හැකි අතර ඒ සඳහා කිසිදු බලපෑමක් කර නැත. එය යම් කෙනෙකුට ප්‍රකාශන නිදහස බාධා කිරීමක් ලෙස හැඟුනේ නම් සමා වෙන්න. තවදුරටත් එම සටහන ඒ ආකාරයෙන්ම එක අකුරකින්වත් කිසිදු වෙනසක් නැතිව ඇත.


