Category Archives: Dialog

ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (4වන කොටස)

කලින් Dialog HSPA ගැන ලියපු පොස්ට් තුනට හොඳ ප්‍රතිචාර හම්බ උනා.(ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තුතියි) ඒවායෙන් එකක් කිසි ගින්නක් නැතුව තමන් ලිව්වා වගේ එළකිරි.com forum එකක paste කරපු software engineer අයියටත් මගේ පොස්ට් එකක් ගෙඩිය පිටින්ම අරගෙන dollar හොයපු මල්ලියාටත් ස්තුතියි. මගේ බ්ලොග් එකට publicity එකක් දාගන්න පසුබිම සකස් කලාට ස්තුතියි :D . මගේ පොස්ට් කොපි කරලා කියල මට දැනුම් දීපු සුදාරක මල්ලිට විශේෂයෙන්ම ස්තුතියි. කොපි කරපු එක දැකල ඒ වෙනුවෙන් කතා කරපු හැමෝටමත් ස්තුතියි(සුදාරක,ඉන්ද්‍රනාම, චමිල, ශාකුන්තල, සහ එළකිරි.com forum සොයුරන්). හොඳ නිසානේ කොපි කරන්න ඇත්තේ. ඒත් කොපි කරනවා නම් එක්කෝ මාව දැනුවත් කරන්න නැත්තම් ගත්තු තැනට ලින්ක් එක දාල කොපි කරන්න. ඒත් මුල්‍යමය හෝ වෙනත් වාසි පරමාර්ථයෙන් කොපි කරන්න එපා කියල ඉල්ලා සිටිනවා.

ඔන්න දැන් ලියන්න ආපු දේ ලියන්න පටන් ගමු.

private ip අවුල

dialog HSPA ගැන සමහර කරුණු ටිකක් කියන්න මට අමතක වෙලා තිබුන නිසයි මේ සටහන ලියන්නේ. Dialog HSPA ගන්න හැමෝටම තියෙන්නේ private ip. වෙනත් අන්තර්ජාල සම්බන්දතාවලින් දෙ‍නවා වගේ public ip දෙන්නේ නෑ(වෙනත් අන්තර්ජාල සේවා සපයන්නන් සියලු දෙනාම පාහේ dynamic,public ip ලබාදෙනවා). සරලව කිව්වොත් HSPA ජාලයම අන්තර්ජාලයේදි හදුනාගන්නේ එකම ip එකකින් හෝ දෙකකින්. මෙකෙන් වෙන අවාසිය තමයි rapidshare වගේ සයිට් වලින් බාගත කිරීමේදී ගැටළුමතුවීම. Dialog HSPA භාවිතා කරන එක් අයෙකු හරි rapidshare හා සම්බන්ධ වී සිටිනවා නම් වෙනත් අයෙකුට free user කෙනෙක් විදියකට කිසිවක් download කරන්න බෑ. ආරංචි හැටියට මේ ගැටළුව තියෙන්නේ ඩයලොග් වල විතරමයි.(airtel ගැන හරියට දන්නේ නෑ පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් airtel වල public ip දෙනවද නැද්ද කියල කියන්න.)

Torrent අවුල

dialogblogs.com වල indi කියල හාදයෙක් එයා හැමතිස්සෙම high speed torrent බානවා කියල පච කෙළියට dialog HSPA network එකේ torrent සඳහා සීමා පනවලයි තියෙන්නේ. ඒ නිසා හරියට torrent එකක් වත් download කරන්න බෑ. “no incoming connections, it could indicate a problem with your network configuration ” කියල error එකක් එනවා. මම වැඩියේ torrent පාවිච්චියක් නැති නිසා මටනම් එච්චර ගැටලුවක් නෑ.
අර usage බලාගන්න කියල දීපු mydialog එකත් අල පාත්තියක්. ඔන්න ගියමාසේ 14 වෙනිදා ‍FUP පැන්නා connection එක slow උනා කියමු‍ මෙන්න 15 උදේ බැලින්නම් ඒත් slow 16 ත් එහෙමයි ඔන්න 17 වෙනිදා දවල් වෙනකොට යන්තම් ෂේප් ගානට ආවා.(මාත් ඉතිං ආතල් එකේ download ටිකක් දැම්මා කොච්චර slow උනත් තාම reset උනේ නෑනේ කියල හිතල) මට තේරුන විදියට usage එක reset කලේ 17 දවල්. ඩයලොග් එක මට ෂුවර් හින්දා මම ගනං මිනුම් තියාගෙන ඉන්නේ. සතියකින් විතර මම mydialog log වෙලා බැලුවාම මෙන්න බොලේ වැඩක් තාම පෙන්නන්නේ ‍ගියමාසේ stats ගත්තා Customer care එකට call එකක්. අපරාදේ කියන්න බෑ මගේ බිල වැඩිය යවන්නේ නැතුව ඉක්මනට ගත්තා. විස්තරේ කිව්වාම මෙයා කියනවා සර් තාම bill ගෙවපුවා enter කරල නෑ ඒවා enter කලාම usage එක update වෙයි කියල ඒකට දවසක් දෙකක් විතර යයි කිව්වා. මම ඇහුවාම කොහොමද බිල් ගෙවපු ඒවා enter කරන එක usage එක මනින එකට බලපාන්නේ කියල ආයෙත් ඉස්සෙල්ල උත්තරේම දුන්නා හරියට infinite for loop එකක් වගේ. අනේ මංදා මේ හතර බීරි කතාව කීප සැරයක්ම ඇහුවත් මගේ ළපටි මොළේට තේරුනේ නැති නිසා තවත් බිල යවා ගන්නේ නැතුව කතාවට break; එක තිබ්බා. ඔන්න කොහොම හරි මිනිහා කියපු විදියටම usage එක නම් දවස් දෙකකින් (එතකොට අළුත් billing cycle එකෙත් සතියක් විතර ගිහින්) update වෙලා තිබුනා. ඒත් මේගොල්ලෝ අමුතු සෙල්ලමක් දාලා කියල මට තේරුනේ usage එක 1.2GB කියල දැක්කම. reset උනේ 17 වෙනිදා ඉදං උනාට ගාන හදලා තියෙන්නේ 14 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ඉඳල.

Latency

තවත් මම දැකපු දෙයක් තමයි dialog HSPA වල latency එක ටිකක් වැඩියි. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා.(අපේ කතාවට round trip latency විතරක් කතා කලාම ප්‍රමාණවත් මම හිතන්නේ ) connection එකක් හොඳ/නරක වෙන්න වේගය වගේම මේ latency ත් බලපානවා(speedtest වල ping කියල පෙන්නන්නේ round trip latency තමයි). සාමාන්‍යයෙන් HSPA වල latency එක වැඩියි. මේ ගැන ටෙක් කතාවලදී කතාබහක් ගියාවගේ මතකයි network gaming ගැන කතා කරද්දී. HSPA නම් ඉතිං network gaming වලට සොරිම තමා(වෙඩි ති‍යල තත්පර දෙකතුනකට පස්සේ තමයි වදින්නේ :D ). ඒත් ඩයලොග් වල latency එක මොබිටෙල් වලට වඩා නම් වැඩියි වගේ. කොහොම උනත් පහුගිය දවස්‍ ටිකේ dialog HSPA වල latency අඩුවෙලා වගේ කියල තේරුනා. ඒත් තාමත් මොබිටෙල්වලට වඩා ඩයලොග් වල latency එක වැඩියි.
මේ කාලිංග අයියට කරදර කරල ගත්තු ping test එකක්.

මොබිටෙල් HSPA

C:\Users\kalinga>ping yahoo.com

Pinging yahoo.com [206.190.60.37] with 32 bytes of data:
Reply from 206.190.60.37: bytes=32 time=340ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=317ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=333ms TTL=52
Reply from 206.190.60.37: bytes=32 time=331ms TTL=52

Ping statistics for 206.190.60.37:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 317ms, Maximum = 340ms, Average = 330ms

මෙන්න ඩයලොග් HSPA ping test එක

C:\Documents and Settings\Administrator>ping yahoo.com

Pinging yahoo.com [206.190.60.37] with 32 bytes of data:

Reply from 206.190.60.37: bytes=32 time=457ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=455ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=463ms TTL=47
Reply from 206.190.60.37: bytes=32 time=462ms TTL=47

Ping statistics for 206.190.60.37:
Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
Approximate round trip times in milli-seconds:
Minimum = 455ms, Maximum = 463ms, Average = 459ms

average round trip time එක ඩයලොග් HSPA වල 129ms(459ms-330ms) කින් වැඩියි.(ළඟින්වත් යන්නේ නෑනේ.)

ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (3 කොටස)

unlimited කියල දුන්නට 5GB පැන්නට පස්සේ FUP ද මොකද්ද එකක් දමා ගෙන එකපාරටම ‍කනෙක්ෂන් එක Slow වෙනවා. ඒ අය කිව්වේ නම් 384Kbps වලට අඩුවෙනව කියල ඒත් ඇත්තටම ආවේ 40Kbps විතර ඇයි එච්චර අඩු කියල ඇහුවම මාර උත්තරයක්නේ දුන්නේ. 7.2Mbps වලට ඇත්තටම එන්නේ 800 Kbps නම් 384Kbps වලට දෙන්නේ 40 Kbps ලු.( (800Kbps/7.2Mbps)*384Kbps = ආසන්න වශයෙන් 40Kbps ) Dial up එකකත් එනවනේ 56 Kbps. ඒකියන්නේ 5GB පැන්නට පස්සේ HSDPA එක Dialup එකක් ගානට වැටෙනවා.(5GB පැන්නේ නැති උනත් සමහර දවසට ‍7.2Mbps ඔහොම තමා). 5GB පැන්නට පස්සේ තත්වේ ඕක නම් 6GB පැන්නට පස්සේ වෙන දේ ගැන කතා කරල වැඩක් නෑනේ. හරියට බැලුවොත් Unlimited කියල විකුණුවට ඇත්තටම දෙන්නේ 5GB කනෙක්ෂන් එකක්.

මම අන්තිම ‍බ්ලොග් පොස්ට් එකේදී කිව්වා 7.2Mbps කියපු එක 1Mbps කරපු එකෙන් අපිට උන වාසියක් ගැන. වාසිය වෙන්නේ මෙහෙමයි.

(800Kbps/1Mbps)*384Kbps = ආසන්න වශයෙන් 300Kbps

ඉතිං දැන් 5GB limit එක පැන්නම වෙනදට වැඩිය වේගයක් ලබන්න පුළුවන්. ඒත් මෙතැනත් පොඩි අවුලක් තියෙනවා ඒක තමයි මොවුන්ගේ billing Cycle එක වැටෙන්නේ මාසෙක 15 වෙනිදා නිසා 10-15 වෙනිදා කාලය අතරතුර හැමෝම තමුන්ගේ කනෙක්ෂන් ‍එකේ 5GB ඉවර කරල දාන්න මොනව හරි download කරනවා. තත්වය තවත් දරුණු වෙන්නේ 5GB limit එක පැන්නම අවශ්‍ය නම් මාසයේ ඉතිරි දින සියල්ලම රු.100 බැගින් ගෙවා වේගය අඩු නොකල ලෙස නැවත භාවිතා කරන්න ලැබීමයි. මාසෙකට 5GB ත් මදි උන කෙනෙක් රු.100 ගානේ ගෙවල පොඩි පොඩි ඩවුන්ලෝඩ් දායි කියල නම් හිතන්න අමාරුයි. අවසාන ප්‍රතිඵලය වෙන්නේ කනෙක්ෂන් එක කාටවත් භාවිතා කරන්න බැරි විදියට congestion එකක් සිද්ද වෙන එකයි.

මෙච්චර කලක් යනකල්ම අපි කොච්චර Data use කරාද කියලවත් බලන්න ක්‍රමයක් තිබුනේ නෑ‍. මොඩම් එක සමඟ එන Mobile partner කියල පොඩි මෘදුකාංගයක් තිබුනට එකෙත් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඩයලොග් එක මනින්නේ මාසෙක 15 සිට ඊළඟ මාසයේ 15 දක්වා උනත් Mobile partner මනින්නේ මාසෙක 1 සිට ඊළඟ මාසයේ 1 වෙනිදා දක්වා. තවත් තියෙන අඩුපාඩුවක් නම් Data Usage එක පෙන්නන්නේ තමන් භාවිතා කරන පරිගනකයේ කොච්චර භාවිතා කලාද යන්න මිසක් මාසෙකට කොච්චර භාවිතා කලාද කියන එක නෙවෙයි. ලිනක්ස් users ලාට usage එක බලන්න ක්‍රමයක් නෑ. කනේක්ෂන් එන Slow තමන් 5GB limit එක පැන්න නිසාද නැත්තම් network අවුලක් නිසාද කියල හිතාගන්න අමාරුයි. දැන්නම් මේකට පිළියමක් යොදලා තිබුනත් මේක සාර්තකද කියල පොඩි ගැටළුවක් තියෙනවා. මේ ගැන කතාකරන්න තාම වේලාසන වැඩියි කියල මම හිතන්නේ ඒ නිසා ඒ ගැන කතා කරන එක පසුවට ඉතිරි කරනවා.

ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (2 කොටස)

******ඉවත් කරන ලදී******

indoor signals නැති ප්‍රශ්නෙත් ගොඩක් අයට තියෙනවා. ගමේ ආවම signal(සිග්නල් කිව්වේ දත්බෙහෙත් නෙවෙයි හො‍‍ඳේ) අරගන්න මොඩම් එක ජනේලෙන් එලියෙන් තියන්න ඕන. කොහොම උනත් ගමේ ඇවිත් මොඩම් එක එලියට දාන්න ඕන. කොහේ ගියත් කනෙක්ෂන් එක නම් මේ හොදටම හරිම unstable HSDPA සිග්නල් තියෙනවෙලාවටත් එකපාරටම disconnect වෙනවා. සමහර දවස්වලට කනෙක්ට් වෙන්නම බෑ. පහුගිය දවසක 120KB attachment එකක් එක්ක mail එකක් යවාගන්න පැය 5ක් උත්සහ කරලත් බැරි උනා. ඔය දවසේ අන්තිමට phone(අනේ අපිට blackberry ගන්න සල්ලි නෑ තියෙන්නේ sony ericson K750i එකක්) එක පරිගනකයට සම්බන්ධ කරල Mobitel GPRS වලින් ගිහින් තමා වැඩේ කරගත්තේ. slow නම් තමයි. ඒත් කොහොම හරි වැඩේ උනා විනාඩි 5න් (ඩයලොග් broadband වලට වඩා Mobitel GPRS speed ද මංදා). Unstable 7.2Mbps කනෙක්ෂන් එකකට වඩා stable GPRS කනෙක්ෂන් එකක් හොඳයි මටනම්. එක දවසක් assignment Upload කරන්න deadline එකට පැයක් හමාරක් තියල ඩයලොග් නෙට්වර්ක් ඩවුන්. backup කනෙක්ෂන් එක නොතිබුනා නම් මම අනාතයි එදා. රුපියල් 8500ක් මුලින් දීල තව මාසෙකටත් 2000(විශ්ව විද්‍යාල සිසුවෙක් නො‍වන කෙනෙකු නම් මුලින් 11500ක් ගෙවා මසකට රු.4000ක් පමණ ) ගානේ දීල තවත් කනෙක්ෂන් එකක් ගන්න ඕන මේක වැඩ නැතිවෙලාවට වැඩ කරන්න. මේ ගත්තු screen capture වලින් කිහිපයක් විතරයි.


තවත් අලයක් ‍තියෙනවානේ සමහර සයිට් වලට යන්න බෑ. වෙනත් කනෙක්ෂන් වලින් යන්න පුළුවන් උනාට ඩයලොග් කනෙක්ෂන් එකෙන් යන්න බෑ. ඒගොල්ලන්ට සයිට් එකේ නම කියල සතියකින් දෙකකින් තමා ඒගොල්ල ඒක හදලා දාන්නේ.
http://www.gsmarena.com
http://www.keepvid.com
http://www.locallanguages.lk/
http://www.siyabas.lk
http://www.last.fm/
පහුගිය කාලේ යන්න බැරි උන සයිට් කිහිපයක්. අප භාවිතා කල යුතු/නොකල යුතු වෙබ් අඩවි තෝරා දිය යුත්තේ Dialog Telekom ද? ළඟදීම ඩයලොග් broadband භාවිතා කරන්නන්ට http://www.mobitel.lk , http://www.airtel.lk පිවිසීම අවහිර කලහොත් පුදුම විය යුතු නැත.

කොච්චර කතා කලත් අන්තිමට ඩයලොග් එක කල එක් වැරැද්දක් ඒගොල්ලෝ පිළිගත්ත. දැන් advertise කරන්නේ 1Mbps කියලා(ඒකත් දීගන්න බෑනේ මේගොල්ලන්ට. තාම බොරුව කරන්නේ). ඒත් දැන් ගොඩක් දෙනා ක‍නෙක්ෂන් එක අරගත්තට පස්සේ වේගය 1Mbps කියල වෙනස් කරන එක හරිද?. සමාගමකට customer satisfaction එක ඉතා වැදගත්. මේවගේ බොරු කියල කීදවසක් පාරිභෝගිකයන් රවට්ටන්නද? දැනටත් එකා දෙන්නා Dialog HSPDA අතහරින්න පටන් අරන්. ඒත් කනෙක්ෂන් එක ගන්නකොට මාස හයක් පාවිච්චි කරන්න එකඟ වෙලයි මේක ගත්තේ ඒ නිසා මේක අතහරින්නත් බෑ. මොඩම් එකත් අඩුවට දුන්නට නෙට්වර්ක් ලොක් කරලනේ දෙන්නේ කනෙක්ෂන් එක අතහරිනවා නම් මොඩම් එකෙන් වැඩක් නැතිවෙනවා.

මෙච්චර වෙලා බැන්න එකේ මේ Dialog HSDPA නිසා වෙච්ච හොඳ කියන්නම් දැන්.

මුලින්ම විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් සහන මිලට HSDPA පැකේජයක් ලබා‍දීම වෙනුවෙන් අපේ ස්තුතිය පළකල යුතුය. විශ්ව විද්‍යාල සිසුන් බොහොමයකට ADSL ලබාගත නොහැකි නිසා මෙය ඉතා හොඳින් ඔව්න්ගේ target market එක වෙත ගියේය. දැන් මීට ව‍ඩා මිලෙන් අඩු HSPA පැකේජ දැන් තිබුණද මුලින්ම මෙවැනි සහනයක් ලබාදුන්නේ ඩයලොග් සමාගමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු අන්තර්ජාල සේවා සපයන්නන්ද මිල අඩු කිරීම් කලහ. ලංකාවේ HSPA/HSDPA සම්බන්ධතා මිලගනන් අඩු කිරීමේ ‍ගෞරවය ඩයලොග් වෙත හිමි විය යුතුය. මෙය SLT මිල ගනන් අඩු කිරීමටද වක්‍රාකාරයෙන් හෝ බලපෑ බව මගේ හැඟිමයි. කොහොම උනත් දැන් කැම්පස් එකක් ගාව කෙනෙකුට නම් Dialog HSDPA පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.( ආරංචියේ හැටියට මොරටුවේ තත්වය සෑහෙන්න දරුණුයි).
කොහොම උනත් 7.2 Mbps එක 1Mbps කියල වෙනස් කරපු එකෙන් නම් එක හොඳක් උනා. ඒගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (1 කොටස)

ඉඳල ඉඳල ගත්තා broadband සම්බන්ධතාවයක්. ඩයලොග් HSPA 7.2Mbps(එහෙම කිව්වට ‍ඉතිං මේව‍ ලෝක බොරු , කාලිංග අයියගේ සටහන කියවන්න, මේ අය පාරිභෝගිකයන් රවටන හැටි බලන්න). මේ offer කැම්පස් අයට විතරක්‍ මේ මාසයේ විතරයි කියල දුන්නේ. දැන් මාස හතර පහක් ගතවුනත් තාමත් කැම්පස් අයට ඒ offer එක දෙනව ආරංචි හැටියට. ගත්තු මුල් දවස්වල නම් 1.2 Mbps විතර ආපු ආපුවෙලාවල් තිබුනා.කියන්න තරම් වැරැද්දක් තිබුනෙත් නෑ. යාළුවෝ කිහිපදෙනෙක්ටම recommend කලා connection එක හොඳයි කියල.

හැබැයි දැන්නම් ගන්න දෙයක් නෑ හැමදාම ලෙඩක්. වේගයත් 400Kbps විතර තමයි බොහොවිට එන්නේ(සිග්නල් උපරිමව තිබුනත්). ඒකත් stable නෑ. හිටි ගමන් 3G network එක ඩවුන් වෙනවා. users ලා ප්‍රමාණය ‍network එකට දරාගන්න බැරි තරම් වැඩියි මම හිත‍න්නේ. ඒත් මේගැන කියල dialog customer care(service[at]dialog.lk) එකට emails කිහිපයක්ම යැව්වත් වැඩක් උනේ නෑ. උත්තරයක් වත් නෑ. Dialogblogs.com ගිහින් කිව්වත් වැඩක් උනේ නෑ තාම. 7.2Mbps advertise කරල ඇත්ත වේගය නම් 800Kbps වත් ‍එන්නේ බොහොම කලාතුරකින්. ඇයි මෙහෙම මිනිස්සුන්ට වංචා කරන්නේ ඇහුවම එතන ඉන්න indi කියල ඩයලොග් එකේ වැඩකරන හාදයෙක් “marketing is bit clumsy” ලු. එයා‍‍ගේ connection එකනම් හොඳට වැඩ මේ දැනුත් 2GB video upload කලා කියල කියන එකතමා මිනිහා පුරුද්දට වගේ ගැලවෙන්න කියන කතාව. අනේ මංදා මම දන්න තරමින් clumsy marketing තිබුනේ එකදාස් නමසිය බරගනං වල එහෙමත් නැත්තම් අර පිටකොටුවේ පේමන්ට් එකේ. ඩයලොග් සමාගම පිටකොටුවේ පේමන්ට් වෙ‍ළෙඳ උපක්‍රම පාවිච්චි කිරීම හරිම කණගාටුදායකයි. ඩයලොග් එක product concept එක අතෑරල production concept එක පටන් අරන් වගේ. production concept එක කියන්නේ පාරිභෝගිකයාගේ සෑබෑ අවශ්‍යතා සොයා නොබලා භාණ්ඩ/සේවා අලෙවි කිරීම. මාකටිං කියන්නේ බොහෝදෙනා සිතා ඉන්නවා ‍වගේ selling and advertising නෙවෙයි. මාකටිං නිශ්පාදකයාගේ සිට පාරි‍භෝගිකයා දක්වාම තිබෙන ක්‍රියාවලියක්.

ඔය කිව්ව ඒවට අමතරව ඩයලොග් එ‍කේ පතරංග cache රාජයා මුළු internet එකම cache කරන්න හදනවා වගේ. අද update කරපු site එකක් ඩයලොග් කනෙක්ෂන් එකෙන් බලන්න දවස් කීපයක් යන වෙලාවල් තියෙනවා. මේ හුටපටේ නිසා කාලිංග අයියාගෙන් පොට්ටයා කියල අනන්තවත් අහල තියෙනවා. මොනා කරන්නද ඉතිං බැඳගත්තු බෙරේ ගහන්නත් එපැයි මාස හයක්. මෙන්න උදාහරණයක්

මේක screen shot එක ගන්නකොට මේ පෝස්ට් එක දවසක් දෙකක් පරණයි. මෙන්න මම ගියාම ආපු page එක.

ඉතිං කාලිංග අයියට කිව්වම ඒකේ වැරදි ටිකක් තියෙනවා ඒව හැදුවොත් හොදයි කියල…
මෙන්න කියපු දේ

me: ඔයා තෑග්ගක්ද
තෑගක්ද දෙන්නේ
kalinga.a: ඔව්
me: හිහි
බලපං මොනවද ලියල තියෙන්නේ
kalinga.a: Girft from me
* gift
ඊමෙක් කරන්නේ කොහොමද
http://sinhala.kalingasblog.com/2009/01/25/gift-from-me/
මේකේ තියෙන ඒවා ගැන මං කිව්වේ
kalinga.a: ලමයා ඔයාගේ අන්තර්ජාල සපනන්නා කව්ද ?
me: ඇයි?
ඩයලොග්
MTN
kalinga.a: ඕවා හැදුවේ දාපු දවසමයි
තාමන් පරන පේජ් ද පේන්නේ
:)
me: no comments
as well
kalinga.a: යකෝ
comments 10 තියනවා
:D
me: හික්
DIALOG rox
kalinga.a: yeap
උන් දැන් තඩි කෑෂ් එකක් දාල වගේ
me: keeping the whole internet in the cache
lol
kalinga.a: ගොන් ***ලා
me: මට screen shot එකක් හරි
page save එකක් හරි එවපංකෝ
හොඳ එකා වගේ

ඔන්න ඒ එවපු screen shot එක තියෙනවා මෙතන.

මේ පොස්ට් එක දිග වැඩි නිසා කොටස් වශයෙන් දාන්න හිතුව. ඉතිරිය සඳහා ඊළඟ පොස්ට් එක වෙත යන්න.

Dialog HSDPA පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්

මෙච්චර කල් ලොකු කරදරයක්ව තිබුනනේ Data usage එක බලාගන්න බැරි කම ඔන්න ඒකට dialog එක පිළියමක් යොදලා.(යන්තම් ඇති කස්ටිය පණ යනකම් කෑගහපුවගේ ප්‍රතිඵල පරක්කුවෙලා හරි ලැබෙනවා වගේ). මේ සඳහා ඔබ මුලින් Mydialog වල register වී සිටිය යුතුයි. මේ ක්‍රමේ ගුණදොස් පස්සේ හොයමු තාම පටං ගත්ත විතරනේ.

මොබිටෙල් සමාගම තම GPRS ගාස්තු පහල දැමීම සහ තවත් කතා

‍මොබිටෙල් පාවිච්චි කරන අයට මේක සුබ ආරංචියක් වේවි. November 30 සිට බල පැවැත්වෙන පරිදි GPRS ගාස්තු 1KB සඳහා ශත 2 සිට ශත 1 දක්වා අඩු කරලා. තව කලින් තිබුණ රු. 2 ක session fee එක 30 වෙනිද සිට අය කරන්නේ නෑ. (දැනට ඩයලොග් සමාගම 1KB සඳහා ශත 2 ක් අය කරන අතර Session Fee අය නොකරයි)

මේ සුබ ආරංචිය ලැබුන දවසේ මම Phone එකෙන් GPRS යන්න බැලුවත් යන්න බැරි උනා. මගේ GPRS අපලය ආයෙත් පටන් අරන් වගේ. මම SIM එක අරගෙන අවුරුද්දක් try කරල තමයි GPRS හරියට හදාගත්තේ(මොබිටෙල් සමාගමේ කාර්යශූර පාරිභෝගික සේවාවට පින් සිද්ධ වෙන්න) යන්තම් අන්තිමට Mobitel Service Centre එකක පැය ගානක් කට්ට කාල හෙන පචයක් ගහල හදාගත්ත. අන්තිමට කිව්වා GPRS සමහර වෙලාවට වැඩ ඒත් GPRS වලට මගෙන් ගාස්තු අයවෙන්නේ නෑ කියල. එතකොට නම් මුං කඩියෝ ‍වගේ වැඩ. විනාඩි 5 න් මගේ වැඩේ කරල දුන්නා. මම මොබිටෙල් සමාගමේ Loyal Customer කෙනෙක් (හික් හික් :D ) වෙලත් ඔහොම තමයි සලකන්නේ . දැන් ඉතිං Customer Care ද මොකද්ද එකට කතා කරල කාලෙ නාස්ති කරගෙනත් වැඩක් වෙන එකක් නෑ නේ. පැය ගානක් try කරල ගත්තට පස්සේ කියයි “Sir Network එක OK, Sir ගේ SIM එකේ GPRS Activate කරල තියෙන්නේ. Sir ගෙ phone එකේ ලෙඩක් නිසා වෙන්න ඇති GPRS වැඩ නොකරන්නේ කෝකටත් මම Settings එවන්නම්කෝ” අනේ ඉතිං කියන්න හොඳ හොඳ ඒවා මතක්වෙනවා ඉතිං එතකොට. ඒගොල්ල හිතං ඉන්නේ අපි මොක්කු කියලද දන්නේ නෑ.

දැන් ඉතිං දෙයියනේ කියල Dialog Broadband තියෙන නිසා ඕක හැදුව කියල එච්චර වැඩක් වෙන එකක් නෑ. ඒත් ඉතිං Dialog Broadband පැටිකිරිය හැමෝම දන්නවනේ. අපරාදේ කියන්න බෑ Assignment එකක් Submit කරන්න ඔන්න මෙන්න තියල Network එක down‍ වෙනවා වෙනවාමයි. එතකොට ඉතිං මොබිටෙල් තමයි ඉතිං backup එකට තියාගෙන ඉන්නේ. ඒත් ඉතිං දැන් ඒකත් වැඩ නෑනේ. දැන් ඉතිං පලයන්කෝ මොබිටෙල් එකේ Customer Care Agents ලට වඳින්න.