Category Archives: Hacking

ඔබේ e- mail ID එකෙන් mail යවන්නේ ඔබ විතරමද?

කවුරු හරි දැකල තියෙනවද mail account එකේ Spam/bulk folder එකේ තමන්ගෙ mail acount එකෙන් තමන්ටම එවපු mails ? ඒව තමන් විසින් යැව්වද කියල තමන් හොඳටම දන්නවානේ. දැකල නැති අය ඉන්නවා නම් මේ පින්තූරත් බලන්නකෝ.

mail account එකක් hack නොකර එම mail address එකෙන් ආව වගේ පේන්න mail යවන්න පුලුවන්. හරිම පහසුයි. උදාහරණයක් විදියට මගේ mail address එකෙන් එව්ව වගේ පේන්න වෙන‍ කෙනෙකුට mail එකක් යවන්න පුලුවන්. ඒ සඳහා අවශ්‍ය mail server එකක් විතරයි. ඔය වගේ mail යවන්න පහසුකම් ලබාදෙන වෙබ් අඩවි පවා පවා තියෙනවා. මේ අනතුරුරෙන් බේරෙන්න digital signature එකක් පාවිච්චි කරන්න පුලුවන්. digital signature කියන්නේ අපි අතින් sign කරනවා වගේ ඉලෙක්ට්‍රොනිකව sign කිරීමක් වගේ දෙයක්. digital signature එකෙන් mail එක ලබන්නාට සැක හැර දැනගන්න පුලුවන් mail එක එව්වේ mail account එක අයිතිකාරයාමයි කියල. ඒත් digital signature එකත් හදන්න බැරිකමක් නැති උනත් ටිකක් අපහසුයි. යවන mail එකකට digital signature එකතු කරන්න outlook express වල නම් tools –> digital sign ලබාදෙන්න. Thunderbird වල නම් security–> digitaly sign this massage ලබාදෙන්න. මේ හැරුනුවිට encrypt විශේෂාංගය පාවච්චි කරනත් පුලුවන් ආරක්ෂාකාරීව mail එකක් යවන්න. digital signature ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.

Hack කරන්න ගොස් Crack වෙන්න කැමතිද?

ශාකුන්තල‍ගේ විනෝදාංශයක්නේ Hacking ගැන ඉගෙන ගන්න එක. ඊයේ මට http://www.hackingservices.org/library/ සයිට් එක පෙන්නල කිව්ව hack කරන්න මේ DVD එක තිබුනනම් නියමයි කියල. මමත් ඉතිං ගිහින් බැලුවා.
Basic Knowledge Pack කියල එකක් ගැන විස්තර වගයක් තිබුන. email accounts(All the major e-mail providers), social networking websites (myspace,hi5,bebo,facebook and others) and
basic website hacking (online portals and forums running the most popular CMS and forum systems i.e. sites running on Joomla, phpbb ,SMF and others) අම්මෝ බලාගෙන ගියාම ඔය කියන Software එකේ කරන්න බැරි දෙයක් නෑ හැමදේම hack කරන්න පුළුවන්. සිතූ පැතූදේ ලබාදෙන කප්රුකක් වගේ. ඒ තියෙන විශේෂාංගවලට අමතරව Customer’s individual needs අනුවත් Software හදල දෙනවලු. පිස්සු හැදෙනවානේ ඉතින් ඕන කෙනෙකුට. (ඒ DVD එක ගන්න යූරෝ 290 ක් වියදම් කරන්න ඕන.) ඒත් බැලුවා තිබුන video එකත්. ඒකේ තිබුන yahoo mail account එකක් hack කරන විදිය ඔය කියන Basic Knowledge Pack එක භාවිතා කරලා.
මුලින්ම hack කරන්න ඕන mail account ID එක software tool එකට දාල encrypt කරපු password එක හොයාගන්නවා. ඊට පස්සේ ආයෙත් decode කියල button එකක් click කරල encrypt තරපු code එක decode කරනවා. එතකොට mail account password එක තිරයේ දිස් වෙනවා. බැලු බැල්මට හරි සරලයි ඇත්ත ව‍ගේ නේද? video එකත් බලන්නකෝ

සාමාන්‍යයෙන් software එකක් හදන්නේ user ට අඩුම clicks ගානකින් කාර්යය නිම කරන්න පුලුවන් විදියට. ඒත් ඇයි මේ software එකේ encript/decript කියල පියවරක් දාල තියෙන්නේ. ඒ සඳහා user ගේ මැදිමත් වීම අනවශ්‍යයයි . එක click එකේ වැ‍ඩේට click දෙකක් අවශ්‍ය ඇයි? මේ පියවර දාල තියෙන්නේ බලන කෙනාට විශ්වාසය ඇති කරවන්න. කෙටියෙන්ම මේක මහා ප්‍රෝඩාවක්. (අච්චර වැඩ දන්න ශාකුන්තලයටත් අහු උනේ නෑනේ)
තව විස්තර බලන්න forum එක පැත්තේ යන්න බැලුවත් forum එක විවෘත software එක සල්ලි දීල ගත්තු අයට විතරයි. සාමාන්‍යයෙන් software එකක feedback එකක් අනිවාර්යෙන්ම තවත් කෙනෙකුට ඒ software එක ගන්න හරි නොගන්න හරි බලපානවා. ඒත් ඒ ‍feedback ගැන දැන ගන්න තියෙන අවස්ථාවත් මෙම වෙබ් අඩවියේ නෑ.

mail account එකක් hack කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් network එකක අනිත් පුද්ගලයින් mail account එක access කරන වේලාවක වෙනත් පරිගනකයක සිට ඒවා බැලීම කිරීමට අපහසු දෙයක් නෙවෙයි. ඒත් මේ විදියට mail account එකක password එකක් හොයනවා කියන්නේ අතිශය අමාරු කාර්යයක්. (සමහර විට මාස ගනන් අවුරුදු ගනන් යනවා ඒත් hack කරන්න බැරි කමකුත් නෑ මම අහල තියෙන විදියට). mail account එකේ සැබෑ අයිතිකාරයා වරින් වර password එක වෙනස් කරනවා නම් වැඩේ තවත් දුෂ්කර වෙනවා.

මම විශ්ව විද්‍යාල පළමු වසරේ ඉගෙනගන්නකොට මට අහම්බෙන් වගේ ලැබුණා yahoo mail hack කරන්න පුලුවන් කියන ලිපියක් එකේ විදියට නම් අපේ yahoo password එක mail address එකකට යවනවා.(එකේ තිබුන විදියට ඒ mail එක yahoo server එකෙන් කියවල ප්‍රතිචාර ලබා දෙනවා). ඒ mail එකෙන් yahoo mail server එක රවට්ටනවලු. එහෙම රවට්ටල අපට අවශ්‍ය account එකේ password එක ගන්න පුළුවන්ලු. හික් හික් :D ඒත් ඇත්තටම වෙන්නේ අපේ mail account password එක වෙන කෙනෙකු අතට පත්වෙනවා කියන එකයි. අපේ password එක වෙන කෙනෙකුට ලබාදෙනවා කියන්නේ???පොඩ්ඩක් හිතල බලන්නකෝ ඒකේ භයානක කම ගැන. විශ්වාස දන්න අඳුනන කෙනෙක් නම් තව කමක් නෑ කියමු. තමන්නොදන්න කවදාවත් දැකලවත් නැති hacker කෙනෙකුට තමන්ගේ mail account password දුන්නොත් මොනව නොකරයිද? මමත් ඕක try කරල බැලුව අලුත් yahoo account එකක් හදලා. ‍මාස දෙකතුනක් ගියත් password එකක් නම් ආවේ නෑ. මේකත් මහා ප්‍රෝඩාවක්. ඇත්තටම මමත් මේකට රැවටුනා කිව්වොත් හරි ඒත් මම ඒ සඳහා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න පරිස්සම් උනා.