මගේ පරිගණකයේ default browser එක firefox. ඒත් දුමේ දාලා තියෙන ie ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ සමහර වෙලාවට බිල් ගේට්ටු මාමාගෙ සයිට් එකෙන් වැඩක් කරගන්නයි online පත්තර කියවන්නයි. ඒත් දැන් මේකට විසඳුමක් තියෙනවා ie වල rendering engine එක firfoxට embed කරන add-on එකක්. සිම්පල් ප්ලෑන් එකක්. සිංහල අකුරු වෙනුවට වෙන වෙන බහුබූත පෙන්නන සයිට් එකකට ගියොත් ආයේ link එක කොපි කරල ie හොයාගෙන යන්න ඕන නෑ. status bar එකේ පොඩි icon එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. මේක වැදගත් වෙයි web development කරන අයටත් තමන් හදන සයිට් එක එක browsers වලට support කරන්නෙ කොහොමද කියල එකම browser එකක ඉඳල බලාගන්න.
Category Archives: IE
සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා
සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.) එතකොට කොහොමද සිංහල domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.
siyabas හි firefox ප්‍රමෝට් කිරීම
අද සියබස් අඩවියට ගියා පොඩි තොරතුරු ටිකක් අරගන්න කියල. සයිට් එකේ එහාට මෙහාට යනකොට නිකමට වගේ http://www.siyabas.lk/Browser_Support ක්ලික් කරලා Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7) යටතේ තිබ්බ http://www.siyabas.lk කියල තිබ්බ ලින්ක් එක ක්ලික් කලා. මෙන්න mozilla firefox page එකකට යනවා.
IE යටතේ තිබ්බ ලින්ක් එක ක්ලික් කලාම firefox page එකකට??
සමහර විට අපිට කියන්න හදනවා වෙන්න ඇති IE පාවිච්චි කරන්න එපා firefox වලට මාරුවෙන්න කියලා.![]()
මේ ගැන ඒගොල්ලන්ට දැනුම් දුන්නා. බලමු මොකද වෙන්නේ කියලා. ![]()


