මෙච්චර කාලයක් පහනා ලිව්වෙ google ගැනමනෙ. අද යාහු සේවාවක් ගැනයි ලියන්න යන්නෙ. YQL හෙවත් yahoo query language. මමත් YQL පාවිච්චි කරන්න පටන් අහන් සතියකට දෙකකට වැඩිය නෑ. ඒ නිසා එක එක ඕන නැති පණ්ඩිත ප්‍රශ්න අහල අමාරුවෙ දානව එහෙම නෙවෙයි.
.
මොකක්ද YQL කියන්නෙ.
සාමාන්‍යයෙන් අන්තර්ජාල සේවාවක්(web service) එකක් සමඟ අපිට වැඩ කරන්න උනොත් ඒක කරන්න ඒ සේවාව හා සම්බන්ද API එක ඉගෙන ගන්න වෙනවා. මේක ටිකක් කල්ගතවෙන එපාකරපු වැඩක්. YQL කරන්නේ අපි දන්න web services ගොඩක් එක්ක අපිට හුරුපුරුදු sql query එකක් වගේ එකක් යොමු කලාම අපේ වැඩේ කරගන්න පුළුවන් තත්වයට පත්කරන එක.
උදාහරණයක්



