සිංහල යුනිකේත භාවිතාවේ පොඩි පොඩි ගැටළු තියෙනවනේ admin බලය නැතිව යුනිකේත දාගන්න බැරි එක වගේ දේවල්. කැෆේ එකකට වගේ ගියොත් මාරලෙඩක් සිංහල වෙබ් පිටු කියවන්න බෑ.
ගොඩක් රැකියා ස්ථාන වලත් ඉතිං යුනිකේත දාලාදෙන්නේ නෑනේ admin. ![]()
මේ සඳහා විසඳුමක් දසුන් සමීර ටික කලකට කලින් හඳුන්වා දුන්‍නානේ. ඒත් ඒ ක්‍රමයේ ප්‍රායෝගික ගැටළුවක් වන font install කරගන්න ගැටළුවට පිළියමක් මගේ බ්ලොග් සටහනකින් පසුව හඳුන්වා දුන්නා. මේ ක්‍රමයේ තිබුනු තවත් ප්‍රායෝගික දුෂ්කරතාවයක් මඟහැරලා පරිගනක භාවිතයේ ආධුනිකයෙකුට උනත් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි අන්දමේ portable firefox එකක් මම නිර්මාණය කලා. බාගත කරගන්න මේ සබැඳිය වෙත යන්න.(to download sinhala unicode enabled firefox portable click here)
1. බාගත කල file එක extract කරගන්න.
extract the downloaded file
2. “click here to install Unicode” shortcut එක double click කරන්න.
Double Click on the shortcut named “Click here to install Unicode”.
3. දැන් ඔබට FirefoxPortable.exe double ක්ලික් කිරීමෙන් සිංහල වෙබ් අවකාශයට පිවිසිය හැකියි. ![]()
now you can browse sinhala unicode web sites by double clicking FirefoxPortable.exe.
වැඩි විස්තර සඳහා read_me කියවන්න.
for more information read the read_me file
ඇඩ්මින්ගේ සංකීර්ණ ප්ලෑන්වලට හිරවෙලා ඉන්නේ මොකටද? මෙච්චර සිම්පල් ප්ලෑන් තියෙද්දි. ![]()
තාම මේක වැඩිය test කරලා බලන්න බැරි උනා. යුනිකෝඩ් නැති machine එකක් හොයාගන්න හරි අමාරු නිසා. අන්තිමට මගේ ලැප් එකේ unicode අයින් කරලයි test කලේ. ඒනිසා මේක beta එකක් කියලා හිතාගන්නකෝ. ![]()
ආරංචියේ හැටියට මේක windows xp sp1 පාවිච්චි කරන අයටත් භාවිතා කරන්න පුළුවන්ලු.(දසුන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක දැක්කා.). ඔන්න මම කට්ටියට ලේසි වෙන්න සිංහල බ්ලොග් කියවනයයි එසැනින් පරිවර්තකයයි එකතු කලා පිටු සළකුණුවලට. එසැනින් පරිවර්තකය බාවිතා කරලා මොනව හරි සිංහලෙන් ලියාගන්න උනත් පුළුවන්නේ එතකොට. ![]()
[Update ]


