Category Archives: Uncategorized

බ්ලොග් අඩවියකට නැතුවම බැරි දේවල්. – සද්දයක් නෙවෙයි ඉල්ලීමක්.

බ්ලොග් එකකට එන්නේ.

කැල්කියුලේටරයක්වත් නැති එවුන් නිසා කැල් එකක්.

වෙලාව ගැන හැගීමක් නැති උන් නිසා වෙලාව තියෙන ගැජට් එකක්.

බ්ලොග් එක බලන එකම මෝඩයා තමන් නොවන බව පෙන්වීමට විසිටර්ස් විස්තර සහිත  ගැජට් එකක්.

පම්පෝරිය පෙන්වීමට හිට්ස් ගනන සහිත ගැජට් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ.

මීට අමතරව බල්ලෝ, පූසෝ ඔටෝ පේලේවෙන රේඩියෝ/සිංදු බ්ලොග් අඩවියකට නැතුවම බැරි අංගයන්ය.

තවත් කියනවා නම්..

හිම වැටෙන ඒවා.

චැට් බොක්ස්/ෂවුට් බොක්ස්

facebook, twitter, buzz එක

මීට අමතරව  තමන්ගෙ බ්ලොග් එක කොපි කිරිමට තරම් සිරාබව පෙන්වීමට රයිට් ක්ලික් කිරීම අහුරන්න පුළුවන්. බ්ලොග් හොරා javascript disable කිරීමටවත් නොදන්නවා යැයි උපකල්පනය කරන්න.

පසුව ලියමි: බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් තාම බ්ලොග් කියවනවා.  බලා ඉඳලා බැරිම තැනයි මෙහෙම ලියන්නේ.  බ්ලොග් එකකට මිනිස්සු එන්නේ එකෙ අන්තර්ගතය බලන්න මිසක් ඒකෙ තියෙන ගැජට් බලන්න නෙවෙයි. සද්දයක් නෙවෙයි ඉල්ලීමක්. 

 

 

හත්මාළුවේ කතාව -02

ඊයෙ ලියපු මේ බ්ලොග් පෝස්ට් එකේ පළවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක කියවලා ආවොත් හොඳයි.  ඊයෙ නැවැත්තුවේ Peter Mozelius ගැන කියලනෙ. workshop ඉවරවෙලා project  එක හැටියට ලැබුනේ  python ගේම් එකක් හදන්න . ඕක කරන එක නං අනිවාර්ය උනේ නැහැ. ඒත් මම ගේම් එකක් වෙනුවට හත්මාළුව වගේ feed agregator එකක් හදන එක ගැන Peter Mozeliusගෙන් ඇහුවා. අපිට python එක්ක web අඩවි හදන එක නොකරපු නිසා ඕක කරන්න සෑහෙන්න අලුතෙන් ඉගෙන ගන්න වෙයි කියලා පොඩි අනතුරු ඇඟවීමක් දැම්මා. කොහොමහරි මෙහෙම හරි project එක ඉවරකරපු එකා මම විතරද කොහෙද. කොහොමහරි මම වැඩට බැස්සෙ google web app framework ඉගෙනගන්න පටන්ගැනිල්ලෙන්. google app engine පාවිච්චි කරන්න හේතුව උනේ  සයිට් එක google servers වල free host කරන්න පුළුවන්  වීම.

පයිතන් වල ලොකුම වෙනස තමයි කෝඩ් සඳහා indentation නිවැරදිවම තිබිය යුතු වීම. සඟල වරහන් භාවිතා වෙනුවට indent කිරීම තමයි පාවිච්චි වෙන්නේ. ඉතිං මේක මුලදී හෙන වාතයක් උනා. මොකද indent වැරදි සමහර විට පෙන්නෙ නැති වීම. ඒත් eclipse වලට pydev plugin එක install කරගත්තට පස්සේ වැඩේ ගොඩක්ම ලේසි උනා. ඊළඟට ගැටලුවකට කියලා ආවේ google app engine වල පාවිච්චි වෙන අමුතු database වර්ගය. mysql වලට හුරුවෙලා හිටපු මට නිකං කරකවලා අතෑරියා වගේ. mysql වල ඉඳලා google  data store එකට බ්ලොග් වල විස්තර අරගෙන යන්න මම script එක ලියන්න හදපු එක තමයි මම මුලින්ම කරන්න හැදුවේ. google documentation එක බලාගෙනම කීප සැරයක් ලිව්වත් වැඩේ හරිගියෙත් නැහැ. මාස ගානක් වැඩේ අතෑරලා දාලා හිටියා මේ නිසාම ආව කම්මැලිකමට.

ඔය දවස්වල මට අවස්තාවක් ලැබුනා සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයට දෙවැනි සම්බන්ද වෙන්න. තිබුනු  මුල අවුරුද්දෙ  නිකං ගිහින් ආවා. ඒත් දෙවැනි පාර ඒකෙ ඉදිරිපත්කිරීමක් කරන්න මට අවස්තාවක් ලැබුනා. කතා කරන්න මම අවස්තාව අරගෙන තිබුනේ   නම් මම හදපු google chrome extensions ගැන. කලුතර රාමදා හෝටලේ තමයි මේක තිබුනෙ. මගේ presentation එක තිබුනේ දෙවැනි දවසේ. ඒත් පළවෙනි දවසේ වෙලාව ඉතිරි උන නිසා කැමති කෙනෙකුට කැමති මාතෘකාවක් ගැන කතාකරන්න අවස්ථාවක් ලැබුනා. සාමාන්‍යෙන් මම පැන පැන කතා කරන  කෙනෙක් නෙවෙයි. ටිකක් පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. ඒත් මට හිතුනා මේක හොඳ අවස්තාවක් කියලා. ඒනිසා බ්ලොග් කියවන ගැන මාතෘකාව ඇදලා අරගෙන හත්මාළුව ගැනත් කිව්වා. audience ආව ප්‍රශ්න හොඳ ප්‍රශ්න ටිකකුත් ආවා. “ බ්ලොග් එකක් ලියන නොලියන එකට බලපෑම් කරන්න බ්ලොග් කියවනයක් තීරණය කරන එක සාධාරණ නැහැ නේද?” ඔය වගේ ඒවා. අනිත් බ්ලොග් කියවන කෙසේ වෙතත් හත්මාළුවේ බ්ලොග් එකක් නොලිව්වා කියලා ඉවත් නොකරන බව කිව්වා. ඇත්තටම අදටත් ඒක එහෙමමයි. තවත් භාෂා ප්‍රශ්ණයක් ඇහුවා සිංහල ඉංග්‍රීසි කවලම් ලියන බ්ලොග් වල වෙන වෙනම feed ලබාදිය යුතු වීම හා බ්ලොග් ලියන අයගේ ඒ පිලිබඳව තාක්ෂණික නොදැනුවත් බව ගැන එහෙම. ඒකටත් පිලිතුරක් දෙනවා කියලා මම එදා පොරොන්දු උනා.

අපේ training ඉවරවෙලා රස්සාවකට interview එකකට ගියාමත් මම හත්මාළුව සයිට් එක කරපු බව කිව්වා. මාව interview කරපු කපිල සර්, ශ්‍රීනාත් සර් එවෙලේම සයිට් එකට ගිහින් බැලුවා.  මොනව හිතුවද දන්නෙ නං නෑ. ඒත් මට ජොබ් එක නං ලැබුනා.

කොහොම උනත් ආයෙත් google app  වැඩේ පටන් අරගත්තා. මේ පාර අර මුලින් කියපු script එක මඟඇරලා වෙන තැනකින් පටන්ගත්තා. පොඩි form කෑල්ලක් අටවලා ටෙස්ටින් වැඩ වලට google buzz එකක් දාලා බ්ලොග් ටිකක් ඇඩ් කරව ගත්තා. එක එක ජාතියේ python feed  libraries පාවිච්චි කරලා බැලුවා. feedparser, BeautifulSoup ඒ වගේ කීපයක්. මීට අමතරව YQL python version එකත්  google feed api python version එකත් අත්හදා බැලුවා. මුලින් කියපු feedparser, BeautifulSoup කියන දෙක සෑහෙන්න resources අරගත්තා. google app එකේ  cron script එකට performance warnings එන්න පටන්ගත්තා. ඒ දෙකම අමතක කරලා YQL පාවිච්චි කලා. ඒත් YQL වල එක එක feed වර්ග වලට ලබාදුන්නේ වෙනස් වෙනස් responses. ඒකත් අතෑරලා කලින් සැරයක් අසාර්ථක උන google feed api පාවිච්චි කරන්න පටන් ගත්තා. මුලින් අසාර්ථක උන හේතුව මම feed ලිපිනය යවද්දී හරියට url encoding කරපු නැති නිසා හොයාගත්තා. කලින් වැරදුන තැන දන්න නිසා බය නැතුව google feed api පාවිච්චි කලා.  අන්තිමේදී අර පොරොන්දුවත් ඉටු කරන්න http://langid.net/ පාවිච්චි කරන්න බැලුවා. ඒත් කරුමෙට මම මේක ට්‍රයි කරපු දවසෙම ඒ සයිට් එක ඩවුන්.  ඒ නිසා එදාම විකල්පයක් විදියට google language api එකෙන් විසඳුමක් හොයාගත්තා. ඒ විදියට බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙන භාෂාව සොයන කෝඩ් එකක් හත්මාළුවට එකතු උනා.

අර වැඩ නොකරපු එපා කරපු script එක google documentation එකේ වැරැද්දක් නිසයි ඒ වැරැද්ද මමත් එහෙමම කරපු නිසයි වැඩ නොකලේ  කියලා පස්සේ හොයාගත්තා. ඒක තේරුනේ  http://stackoverflow.com/ තිබුනු කෝඩ් එකක් දැක්කාම. ඔහොම යද්දි ආයෙත් ප්‍රශ්ණයක් ආවා ඒ බ්ලොග් ගාන වැඩි වෙද්දි cron script එකට performance warnings දෙන්න පටන් ගැනීම. මේකට පිළියමක් විදියට google app task queue පාවිච්චි කලා. බරසාර processing  වැඩවලට තමයි  task queue තියෙන්නේ. ඒවා process වෙන වේගය අපිට තීරණය කරන්න පුළුවන්. memcached පාවිච්චි කරලා තවත් optimize කලා.. වියදම අවුරුද්දකටම රුපියල් දාහක් විතර.  ඒකත් ඩොමෙන් එකට. ඒ වියදමින්ම  හත්මාළුවට කිසිම කරදරයක් නැතිව සක්‍රීය බ්ලොග් අඩවි 5000ක් උනත් දරන්න පුළුවන් කියලා කියන්න පුළුවනි. :)  . මදිඋනොත් google  quota  එකක් සල්ලිවලට ගන්න පුළුවන්.

පහුගිය අප්‍රේල් නිවාඩුවේ සහ සිකුරාදා, සෙනසුරාදා දවස්වල මම නිදාගත්තේම නැති තරම් hosting package එක expire වෙන්න කලින් වැඩේ ඉවර කරන්න ඕන නිසා. ලිෂාන් ලස්සන ඩිසයින් එකක් දාලා දුන්නා. හත්මාළුව තාමත් code කරලා ඉවර නැහැ හැමදාම අලුත් මොනවා හරි එකතු වෙවී ඉස්සරහට යයි. :)

google chrome extension එකක් සෑදීම. 02

අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා.

අපි කැමතිම ලින්ක් කිහිපයක් ‍එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension

chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම ‍කොටසක් තමයි manifest.json file එක. (JSON කියලා තියෙන්නේ අපි file එක ලියන්නේ JSON format එකට වීම නිසා. )

manifest.json file එකේ තමයි අපි අපේ extension එකේ නම, හදපු කෙනාගෙ නම, වෙබ් සයිට්, option pages තියෙන්නෙ කොහෙද, content scripts වල නම් මොනවද, extension එකට chrome browser එකේ ඇතුලෙ permissions ආදිය ගැන විස්තර ලබාදෙන්නේ.මෙන්න අපේ වැඩේට මම ලියපු manifest.json එක.

ඉතිරියත් කියවන්න google chrome extension එකක් සෑදීම. 02 (...)

නමක් නෑ

එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති.  අම්බානෙක පරක්කුයි. 138 බස්‍ එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. ‍බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා.  හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා.

“මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ කොහෙද?” කියලා ඇහුවා. පේන දුර නිසා අන්න අතන කියලා පෙන්නුවා. එතකොටයි මම දැක්කෙ එතැන අන්ධ ජෝඩුවක් ඉන්නවා අත්අල්ලගෙන.

මාත් එක්ක කතා කරපු කෙනා ත්‍රීවිල්කාරයට කතාකලා.

“රුපියල් ‍දෙසීයක් දෙන්න මහත්තයා.”

ඉතිරියත් කියවන්න නමක් නෑ (…)

කොට චින්තනය

kota-chinthanaya

blogger theme එක මාරු කරල අවුල් ආවද?

කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ‍ටිකක් බහුලව දකින්න පුළුවන්.

1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම.

විසඳුම.

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති settings වෙත පිවිසෙන්න.

3. comments tab එක click කරන්න.

4. එම tab එකේ පහලින් “Comment Form Placement” යටතේ මේ වගේ එකක් ඇති.

මේ අවුල එන්නෙ ගොඩක් වෙලාවට මෙතැන  “ කියල ලබාදුන්නාම. ඒ නිසා full page හරි pop-up window හරි ලබාදෙන්න. එතකොට ගැටලුව නිරාකරණය වෙයි.

2. post එකක් සමඟ දිස්වෙන දිනය/වේලාව දිස්විය යුතු ස්ථානයේ undefined ලෙස දිස්වීම.(උදාහරණයක්)

විසඳුම

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති layout වෙත පිවිසෙන්න.

3. blogposts කියල තියෙන කොටුවෙ පල්ලෙහා තියෙන edit link එක click කරන්න.

4. Post Page Options යටතේ තියෙන “at” කියල තියෙන තැන‍ පෝස්ට් කරපු දිනය වෙලාව පෙන්නන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කර කර blog එකට ගිහින් බලන්න undefined යන්න නැතිවී post එකේ දිනය/ වේලාව පෙන්නන තුරු. ‍

debit cards අපි හිතන තරම්ම ආරක්ෂිතයිද?

දැන් දැන් ගොඩක් දෙනා debit card මඟින් ගනුදෙනු කරනවා. බැරි වෙලාවත් කාඩ් එක නැති උනොත් මොකද ‍වෙන්න පුළුවන්? මුදල් භාවිතය මීට වඩා ආරක්ෂිත නැද්ද?

බැංකුවලින් නම් අපිට කියන්නේ සල්ලිවලට වඩා ආරක්ෂිතයි කියල. ඒත්….

ඉතිරියත් කියවන්න debit cards අපි හිතන තරම්ම ආරක්ෂිතයිද? (…)

අනේ ඇයි කොමා අපිට මෙහෙම කරන්නේ?

කොච්චර වැඩ තිබුණත්, විභාගයක් අතළඟ උනත්, මේ සටහන ලියන්නේ විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි ඇතිවූ කළකිරීම නිසාය.

2008 උසස්පෙළ විභාග ප්‍රතිපල නිකුත් කරනවා කියල news වලට කියන්න පටන් ගත්තේ ඊයේ නැත්තම් පෙරේදා. එතැන් පටන් හැම ප්‍රවෘත්ති විකාශයක වගේ මේක ප්‍රවෘතියක් වෙලා හැබැයි ප්‍රතිපල නම් නිකුත් කරන පාටක් නෑ වගේ. ඒ‍ වෙලාවේ ඉඳල ගෙදරින් විනාඩි 5න් 5ට call කරනවා මල්ලිගේ results බලන්න කියල. මටත් දැන් එපාවෙලා ඉන්නේ. මේ දැන් ප්‍රවෘත්තිවලටත් කියල results නිකුත් කරා කියල ඒත් internet එකේ නම් නෑ.

මේ සෙල්ලම හැමපාරකම වගේ සිද්ධවෙන දෙයක් නිසා පොඩි සැකයකුත් තියෙනවා ඇයි මෙහෙම කරන්නේ කියල. හැබැයි ඉතිං එකපාරටම ප්‍රතිපල දැම්මම කිසි අගයක් නෑ තමයි. කොමාට පැය 1/2න් 1/2 රූපවාහි‍නියේ මූණ දාගන්නත් බැරිවෙනවානේ. තව අපේ ජංගම දුරකතන සේවා සපයන්නටත් සෑහෙන්න වාසි ඇති. ඇයි ඉතිං සැරින් සැරේ SMS කරලා බලනවානේ. රුපියල් දෙක ගානේ කී දාහක් SMS කරනවා ඇද්ද?. ප්‍රතිපල දාල ඉවරවෙලා TV එකේ කිව්ව නම් මොකද වෙන්නේ? කාටවත් ඒකේ අගයක් නැතිවෙනවා. කවුරුවත් SMS එකකට වඩා යවන්නේ නැතිවෙනවා. ඇයි තව මේ වගේ දෙයකට ඇරෙන්න පැත්ත පළාතේ කවුරුවත් එන්නේ නැති site එකට මුළු ලංකාවම සතියක් විතර ඇහැ ගහගෙන. Site එකේ ඔය Ad දෙක තුනකුත් තියෙන්නේ ඒවා බලන්නත් කවුරු හරි ඉන්න ඕන නේ. හිතල බලනකොට සාධාරණ සැකයක් ඇතිවෙනවා කොමා ගැන.

මම උසස්පෙළ විභාගේ කරපු අවුරුදු දෙකේත්(2005,2006) ඔහොම තමයි ප්‍රතිපල නිකුත් කලේ දවස් දෙකකට විතර කලින් results දානවා කියල internet ගිහින් බලල බලල හෙම්බත් වෙලා ඔය මඟුළ ආපුවෙලාවක බලනවා කියල අත්තැරල දාපුවෙලාවක results දාලා තිබුනේ. සාමාන්‍යපෙළ නම් මොනව උනාද කියල මට මතක නෑ. විභාග ප්‍රතිපල නිකුත් කරන කාලෙටනම් වගකිවයුත්තන්ගේ මවුපියන් සෑහෙන්න බැනුම් අහනවා ඇති. මොනව කරන්නද ඉතිං අවුරුදු 13 ක් වෙච්ච මහන්සියේ ප්‍රතිපල බලාගන්න ‍ගොඩක් අය ආසයිනේ. අනිත් එක ඒ දරුවෝ හදා වඩා ගත්ත දෙමවුපියෝ බලාපොරොත්තු පොදි බැඳගෙන ආසාවෙන් බලන් ඉන්නවා. ඒ දවස්වල ගෙදර internet තිබුනේ නැති නිසා යාළුවෙක්ගේ ගෙදර ගිහින්, http://www.doenets.lk/ පිටුව refresh කර කර හිටපු හැටි තාමත් අදවගේ මතකයි.මේ වෙලාවෙත් මල්ලිගේ ප්‍රතිපල බලන්න refresh කර කර ඉන්නේ අම්මට කිව්වා ප්‍රතිපල ආපුවෙලාවක බලලා call කරන්නම් කියලා.

2005 MCQ එකක් නිසා ළමයි ගොඩක් අසරණ උනා. යනඑනමං නැතිඋනා. chemistry ආයෙත් ලියන්න බෑ කියල විභාගේ අත්හරින්න සූදානම් වෙච්ච අය ගොඩක් හිටියා. මටනම් ඉතිං අවුලක් උනේ නෑ මොකද මම කිසිදෙයක් එච්චර ගනං ගන්නේ නැති නිසා සහ කොහොමත් මම නැවතත් විභාගයට සූදානම් වෙමින් සිටි නිසා. ඒත් මුලින් රසායන විද්‍යාවට තිබුණු S එක වෙනස්වෙලා C එකක් ආවා. මම දන්න හැමෝගෙම වගේ ප්‍රතිපල වැඩි උනා. island rank එක දහස් ගණන් වලින් වැඩි උනා. මාතර දිස්ත්‍රික්කයෙත් කතාව මේහා සමානයි. සමහර පළාත් වල නම් ප්‍රතිපල අඩු උනා කියල ආරංචි උනා.(කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධානයි). අන්තිම කොහොම හරි ගාල්ලේ මුල් ප්‍රතිපල වලින් 30ක් වත් engineering යන්න බැරි පාටක් ‍තිබුනේ ඒත් දෙවැනි පාර ඇත්ත ප්‍රතිපල ආවම 80ක් විතර සුදුසුකම් ලබලා. ඒවැරද්ද කලින්ම නිවැරදි කරල කාටවත් අසාධාරණයක් නොවෙන්න කතාව අවසන් කරන්න තිබුනත් ඒක විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගන්නා cutoff marks එනකම්ම පල්වෙවී තිබුණු නිසා හැමොටම සාධාරණය ඉෂ්ඨ කරන්න බැරිඋනා.(මේ මගේ මතයයි)කොහොමහරි අන්තිමට විශ්ව විද්‍යාලවලට වැඩියෙන් සිසුන් ගත්තා තිබෙන පහසුකම් ප්‍රමාණවත් නොවුණත්. පහසුකම් ලබාදෙන්න ප්‍රතිපාදන ලබා දුන්න කියල නම් කිව්වා තමයි. ඒත් ඇයි එහෙනම් හැමදාම විශ්ව විද්‍යාලවලට ඒවගේ ප්‍රතිපාදන ලබාදීල වැඩි වැඩියෙන් සිසුන් ඇතුලත් කරගන්න බැරි? OMR යොදාගෙන ලකුණු කල අනෙක් විභාග ප්‍රතිපල ගැනත්(2005 යනු OMR යොදාගෙන පිළිතුරුපත්‍ර ලකුණු කල ප්‍රථම අවුරුද්ද නොවේ) කෙනෙකුට සැකයක් ඇති වෙනවනම් ඒකේ පුදුමයක් නෑ.

මේසැරේ OL ගණිත පේපර් එකකත් පිස්සුවක් කෙළියා හැමෝම එකතුවෙලා. අන්තිමට ගණිතය ආයෙත් තියෙනවලු. පළවෙනි ගනං පේපර් ‍එකෙන් සිද්ධඋන මානසික පසුබෑමත් එක්ක තවත් පේපර් එකක් ලියන්න පුළුවන්ද? ඒ ඇතිවුණු ඍණ මානසිකත්වය හදන්නේ කව්ද? මේකත් හරියට මයික් ටයිසන් එක්ක පොඩි එකෙක් බොක්සිං තර‍ඟෙකට තියල පොඩි එකාට පූර්ව දැනුම් දීමක්වත් නැතුව. ටයිසන් ඉතිං පොඩි එකාට මදි නොකියන්න නෙලනවා කාලෙකට නැඟිටගන්නත් බැරි වෙන්නම. පැරදුනාම පොඩි එකාට ආයෙත් සූදානම් වෙලා එන්න කියල ටයිසන්ම දාල ආයෙත් ගස්සනවා වගේ වැඩක් නේ. මේකෙන් සිසුන්ට වැටුණ කොමාව තිතක් නෙවෙයි කියල හිතල දැනට හිත හදාගමු.

මෙහෙම ගියොත් මහන්සිවෙලා ගන්න උසස් පෙළ සහතිකයත් වැඩක් නැතිවෙයි. විභාග දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය හැමෝගේම හිත්වලින් මැකිල යන නිසා. තව ටික දවසක් උසස්‍ පෙළ සහතිකේ පෙන්නුවම කියයි මේ සහතිකේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු එකක් නිසා අපිට පිළිගන්න බෑ කියල. අපේ 2005 විභාග ජරමරේ වෙලාවේ, අපිට උගන්නපු ගුරුවරයෙක් මෙහෙම කිව්වා “ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් රාජ්‍ය ආයතනයකට තිබුනේ විභාග දෙපාර්තමේන්තුව විතරයි. හැබැයි දැන් ඒකත් ගන්න දෙයක් නෑ ” කියල.

හැබැයි කොමසාරිස් තුමෝ මේක මතක ‍තියාගන්න ඔබතුමාල‍ගේ බොක්සිං පාරවල්වලින් බැට කන්නේ රටේ අනාගතය බාරගන්න දරු දැරියන් විතරක් නෙවෙයි දහදුක් විඳල ඒ දරුවෝ ලොකුමහත් කරපු දෙමව්පියොත් ඉන්නවා කියල ‍හොඳට මතක තියාගන්න. මේගොල්ලන්ට පඩි ගෙවන්නේ ඔවුන් ගෙවන බදු වලින් නෙවෙයිද මන්දා.

රටේ අනාගතය භාර ගන්න සිසු පරපුරට තෙරුවන් සරණයි.