මේක මම cplus magazine එකට ලියපු ලිපියක්.
මේ ලිපිය ඇතුලු මා ඉතිරි cplus කලාප කිහිපයේදීම පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා(broadband internet connections) ගැන ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපි මාලාවේ මූලික අරමුණ අන්තර්ජාල සම්බන්ධතාවයක් තෝරාගන්නා ආකාරය ගැන මනා අවබෝධයක් ලබාදීමයි. ආරම්භක ලිපියෙන් ලංකාවේ ඇති අන්තර්ජාල සේවා සබඳතා වර්ග ගැන මා දැනුවත් කරන්නම්.
ප්‍රධාන වශයෙන් ශ්‍රීලංකාවේ දැනට පවතින අන්තර්ජාල සම්බන්ධතා වර්ග කීපයකට බෙදා වෙන් කල හැකියි.
එනම්
1. Dialup සබඳතා
2. DSL/ADSL (DSL/ADSL Broadband) සබඳතා.
3. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා.(Wireless Broadband)
4. satellite පහසුකම්.
මේකෙන් පළවෙනි එක ඒ කියන්නෙdialup සබඳතා ගොඩක් දෙනාට අමතකව ගිහිල්ලා. මේකට ප්‍රධාන හේතු අධික වියදම, බාගත කිරීමේ/ උඩුගත කිරීමේ වේගයන් ගොඩක් අඩුවීම. dialup සබඳතාවයකින් ලබාගත හැකි උපරිම වේගය 56Kbps පමණ වෙනවා. එහෙත් ඉහත 2, 3 සබඳතා එනම් පුළුල් පරාස අන්තර්ජාල සබඳතා නම් ඒවගේ කිහිප ගුණයක් වේගවත්. මා වේගය ගැන පමණක් සඳහන් කලාට අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න වේගය එකම එක සාධකයක් විතරයි. කොහොම උනත් තවමත් dialup භාවිතා කරන අය ඉන්නවා. හේතුව පුළුල් පරාස සබඳතා තවමත් ශ්‍රීලංකාව පුරා ව්‍යාප්ත වී නොමැති කම. මෙහිදී satellite භාවිතා වෙන්නේ අනිත් අන්තර්ජාල පහසුකම් වලට යා නොහැකි ප්‍රදේශ ආවරණය කරන්න. වෙනත් විකල්ප නැති තැන තමයි සැටලයිට් භාවිතා වෙන්නෙ වියදම ඇතුලු ගොඩක් කරුණු පදනම් කරගෙන. සැටලයිට් සබඳතාවයක් වේගයෙන් වැඩි වූවත් ඊට මදක් වේගයෙන් අඩු රැහැන් සබඳතාවයක් ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. මේක අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න වේගය පමණක් සලකලා බැහැ කියන එකට හොඳ උදාහරණයක්.
මේ අයුරින් බෙදා වෙන් කලාට මේ ආකාර තුන අතරෙ අවසන් පියවර කීපයේ පමණයි වෙනස් කම් තිබෙන්නෙ.
උදාහරණයක් ලෙස ගතහොත් මොබිටෙල් ආයතනය හා ටෙලිකොම් ආයතනයට පාවිච්චි කරන්නේ එකම ජාත්‍යන්තර රැහැන. mobitel ආයතනය රැහැන් රහිත පුළුල් පරාස සේවා සපයනවා. ටෙලිකොම් ආයතනය ADSL සේවාව සපයනවා.
කොහොමද අන්තර්ජාල සබඳතාවක් තෝරාගන්නේ?
මේක ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණු රාශියක් සොයා බලන්න වෙනවා. අන්තර්ජාල සේවා වෙළඳපොළ අද වැඩිම තරඟකාරීත්වයක් තිබෙන වෙළෙඳපොළක්. මිල ගනන් නිතර වෙනස් වෙනවා. එක් සමාගමක් මිල අඩු කල විට පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් එම සේවාව තෝරා ගැනීම නිසා සේවා ගුණාත්මකභාවයේ අඩු වීම් දකින්නට පුළුවන්. මේ දවස්වල හොඳම උදාහරණය මොබිටෙල්. පහුගිය දිනවල ඔවුන්ගේ අන්තර්ජාල සේවා මිල ගනන් විශාල ලෙස පහල දැම්මා. ඒ සමඟම ඔවුන්ගේ සේවා ගුණාත්මකභාවයේ සැලකිය යුතු පහල යෑමක් සිදුඋනා. මේකට හේතුව මිල අඩු වීම නිසා පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් මිලදී ගැනීම. සමාගමක් ආයෝජනය කරන්නෙ අවුරුදු ගනනාවක් ඉලක්ක කරගෙන නිසා ඒවාට පිළියම් යෙදීම ප්‍රායෝගිකව ටිකක් අපහසු කරුණක් මේ හා සමාන සිදු වීමක් මීට මාස කීපයකට ඉහතදී මේක ඩයලොග් සමාගමේ මිල පහත දැමීමත් එක්කත් සිදුඋනා. ජල නල පද්ධතියක වැඩි වැඩියෙන් කරාම විවෘත කරන තරමට ජලය ගලා ඒමේ වේගය අඩුවෙනවා. අන්තර්ජාල සම්බන්ධතාත් මේ වගේ. සේවා සපයන්නා වැඩි වැඩියෙන් bandwidth මිලදී ගත්තෙ නැත්නම් සේවාව ඉබේම පහළ යනවා.
dialup හා සැටලයිට් යන විකල්ප වලට යොමුවිය යුත්තේ ADSL හෝ රැහැන් රහිත පුළුල් පරාස සබඳතා(Wireless Broadband) ලබාගත නොහැකි අවස්ථාවලදී. ADSL වැනි විකල්පයකට යොමුවීමට හැකිව තිබියදීත් රැහැන් රහිත පුළුල් පරාස සබඳතාවක් භාවිතා කිරීම එතරම් යෝග්‍ය නැහැ. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා අස්තාවර බව අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඒකට විවිධ හේතු බලපානවා.
රැහැන් රහිත පුළුල් පරාස සබඳතාත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
ඒවගේම රැහැන් රහිත සබඳතාවල බිල් මත පැටවෙන බදු ප්‍රතිශතය ADSLවලට සාපේක්ෂව වැඩි හෝ සමාන වෙන්න පුළුවනි.

