Tag Archives: බ්ලොග් හොරු

elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම(2 කොටස)

කලින් පොස්ට් එකකින් elakiri.com ගැන කතාකලා කාටත් මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ elakiri සමහරු බ්ලොග්කරණයේ රස දැනිලා බ්ලොග් ලියන්නත් පටන් ගත්තා. :) . elakiri admin ගේ කඩේ මල්ලිලා ටික එකම‍ දේ ආයෙ ආයෙ කියව කියව ඉන්නවට වැඩිය වෙන මුකුත්ම කියාගන්න බැරිඋනානේ. :P . ‍

elakiri යේ එළකිරි ප්‍රවණතාවය

කලින් elakiri.com  ගැන ලියපු  පෝස්ට් එකට elakiri.com admin ‍ගෙන් පිළිතුරක් නොලැබින. කෙසේ උවද එම පෝස්ට් එකෙන් “එළකිරි” වෙනස්කම් කිහිපයක් දැකගන්නට ලැබුණි. ඒ admin ගේ උද්දච්ච ක්‍රියාකලාපයේ නම් නොවේ. elakiri members ලාගේ ක්‍රියාකලාපයේය. දැන් දැන් පෝස්ට් එකක් කොපි කරන විට එය උපුටා ගත් ස්ථානය සඳහන් කිරීම හොඳ ප්‍රවණතාවයකි. [යොමුව](මං හිතන්නෙ ඉන්දරේටත් මේ ගැන කියන්න කතාවක් ඇති :)   )

elakiri.com අපූරු පොලිසි පද්ධතිය

elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කරනවා යැයි චෝදනා කලවිට elakiri admin කලේ කොපිකල මගේ පෝස්ට් එක ඉවත් කර දැමීමයි. මුලින් නිදහසට කරණු ලෙස ඉදිරිපත් කලේ මම හරියාකාරව elakiri policies අනුව ක්‍රියා නොකල නිසා එය ඉවත් නොකළ බවයි. පෝස්ට් එක ලියූ පසුව මම අමුතු දෙයක් සිදු නොකලද එය ඉවත් කර දමා ඇත. එතකොට elakiri admin කෝ  අර policies ද මොනවද. :D . ඒව ඕන ඕන වෙලාවට වෙනස් කරගන්නව නේ. මාරයි බං. :D .

කොපි කල බව දැන දැනත් තවත් බ්ලොග් සටහන් කොපිකරන ලද threads elakiri.comහි ඇත. කෝ ඒවට නැද්ද අර policies. :D . හොටු පෙරාගෙන අඬනකොට මොන policies ද නේ බං?

කොපි කල අනිකුත් බ්ලොග් සටහන් ඉවත් නොකිරීමට තරම්ම ඔහු “සදාචාරවත්ය”.  අසාධාරණයට කතාකලවුන්ට අතින් පයින් සංග්‍රහ කිරීමට තර්ජන කිරීමට තරම්ම ඔහු සහ ඔහුගේ සගයින් “අහිංසකය”. තමන්ගේ සයිට් එකට බැන්න පසු හොටු පෙරාගෙන අඬ අඬා “මේවා අහවල් සයිට් එකේ කුමන්ත්‍රණ” යැයි කීමට තරම්ම ඔහු “පරම පවිත්‍රය”. තමන්ගේ සයිට් එකට බනින එවුන්ගේ බ්ලොග් එකට එල්ල කරන‍්නේ මගේ බ්ලොග් එකට කලාව‍ගේ කුනුහරුප වගුරවන බවට තර්ජන කිරීමට ඔහු සහ ඔහුගේ සගයින් “නිර්මලය”.

ඔන්න elakiri admin මේ ලින්ක් ටික  නං ඔයා බලන්නම ඕන. :D

elakiri.com blog වැඩකුත් පටන් අරගෙන කියල ආරංචියි.  ‍මේකත් බලන්න :P

(ඉහත ඇති සෙවුම් ප්‍රතිඵල මගේ බ්ලොග් එකට සෙනඟ එන හැටි පෙන්වන feedjit ඇසුරින් ලබාගත් ඒවා කිහිපයකි.)

පසුව ලියමි.

අවසන් නිගමනය.

elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ‍ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.
එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.
මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=212450
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://madurax86.comuv.com/?p=67

http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html
කොපි කර ඇත්තේ මෙතැනිනි
http://www.sinhalabloggers.com/what-is-a-blog

http://www.elakiri.com/forum/showthread.php?t=96125
කොපිකර ඇත්තේ මෙතැනිනි.
http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html
(මෙයට යුරාජ් මහතා,

Uraj Deemantha Reply:
July 1st, 2009 at 12:30 am

මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!

වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!

ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.
)

යුරාජ්ගේ බ්ලොග් එකේ  කමෙන්ට් පළකිරීම නතරවී ඇත. :D ( පල්ලෙහා screen shot එක බැලුවාම යුරාජ් මහත්තයගෙ ඇත්ත තත්වය පෙනේවි. :D )

uraj

elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම

බ්ලොග් හොරු කියන්නේ සිංහල බ්ලොග් අවකාශයට අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් බ්ලොග් හොරු කීප දෙනෙක්ම අහු උනා. ඒ හැමෝම හොරේ අහුඋනාට පස්සේ බ්ලොග් එක delete කරල වැඩේ අවසන් උනා. මේ ලියන්නෙ තාමත් බ්ලොග් හොරුන්ට ඉඩදීල තියෙන සයිට් එකක් ගැන. සමහරු මේකට ලංකාවෙ ජනප්‍රියම forum  එක කියලත් කියනව. ජනප්‍රියම forum එක මෙහෙම නං අනිත් ඒවා ගැන හිතාගන්න පුළුවන්. ජනප්‍රිය කෙසේ වෙතත් ප්‍රසිද්ධ බව නං ඇත්ත. ඒත් ප්‍රසිද්ධ වෙන්නෙ බ්ලොග්  හොරකමෙන් නම්….

මගේ බ්ලොග් එකේ dialog HSPA ගැන ලියපු පොස්ට් එකක් ගෙඩිය පිටින්ම කොපි paste කරලා elakiri.com forum එකේ දාලා තිබ්බා. මේගැන මට මුලින්ම  දැනුවත් කලේ සුදාරක මල්ලි.  මේ හොරකම ගැන admin දන්නවා(ගයාන් මල්ලි සාක්ෂි) . elakiri adminදැන දැනත් සද්ද නැතුව ඉන්නවා. මේ ගැන කලින් මෙතැනත් සංවාදයක් ඇති උනා. කොපි කරපු පුද්ගලයා තාම forum එකේ ඉන්නවා. දැන් හිතන්න තියෙන්නෙ එක්කෝ සයිට් එක ජනප්‍රිය කරන්න elakiri.com අනුන්ගේ බ්ලොග් කොපි කරනවා නැත්තං බ්ලොග් කොපි කරලා forum එක ප්‍රසිද්ධ කරගන්නෙ ඇඩ්මින් අනුදැනුම ඇතිව කියන එකයි. නැත්තං ඇයි මේ ගැන හොඳටම දැන දැනත් පියවරක් නොගත්තෙ?(2009 පෙබරවාරි 12 වෙනිදා සිට මේ වෙන තෙක් කාලය නිසි පියවරක් ගැනීමට හොඳටෝම ප්‍රමාණවත් යැයි සිතමි.)

(එලකිරියෙන් මේ අසාධාරණයට ලක්වුණු පළවෙනියා මා නොවන බව  ආරංචි විය. මින් ඉදිරියට මේ අසාධාරණය වැලැක්වීමට දරණ වෑයමකි මෙය. )