දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. හත්මාළුවෙ ඇප්රූව් කරන්න තියෙන බ්ලොග් ලිස්ට් එකත් සෑහෙන්න දිග වෙලා. බ්ලොග් එකක් ඇප්රූව් කරන්න වැඩි වෙලාවක් නොගියත් ගොඩක් බ්ලොග් ඇඩ්කරන අය හරියට බ්ලොග් එකේ feed ලිපිනය ලබාදෙන්නෙ නැහැ. feed කියන එක දන්නෙ නැති නිසා වෙන්න ඇතිනෙ වැරදියට දාන්නෙ ඒ නිසා ඒ වැඩෙත් හත්මාළුවෙ අපිම නිවැරදි කරලා දානවා. ඒ වැඩේ නම් ටිකක් වෙලාව යන වැඩක්. මේකට පිළියමක් මට වෙලාවක් ලැබුණු වෙලාවක සයිට් එකට ඇඩ් කරන්නයි හිතාඉන්නේ. ගිය අවුරුද්දෙ බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තිබුනට මේ අවුරුද්දේ ලියලා තියෙන්නේ 31ක් විතරයි. බ්ලොග් ලිවිල්ල විනෝදාංශය කරගන්නවට වැඩිය එක එක ගැජට් කෑලි හදන එක මගේ විනෝදාංශය වේගෙන එන නිසා වෙන්න ඇති. ආසාවෙන් පටන් ගත්තු python වැඩකුත් ඔන්න දැන් කොට උඩ.
. යලට මහට පෝස්ට් එකක් දැම්මත් මගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියන්න පටන් අරගත්තු අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ ගොඩක් අය මට වඩා හොඳට ලියනවත් එක්ක.
.
Tag Archives: සිංහල බ්ලොග්
සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්.
ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.

image credit:http://www.area-56.de
මුලින්ම මම කඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා.
.
blogger theme එක මාරු කරල අවුල් ආවද?
කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ටිකක් බහුලව දකින්න පුළුවන්.
1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම.
විසඳුම.
1. blogger Dashboard වෙත පිවිසෙන්න.
2. එහි අදාල බ්ලොග් එකට අදාලව ඊට යටින් ඇති settings වෙත පිවිසෙන්න.
3. comments tab එක click කරන්න.
4. එම tab එකේ පහලින් “Comment Form Placement” යටතේ මේ වගේ එකක් ඇති.
මේ අවුල එන්නෙ ගොඩක් වෙලාවට මෙතැන “ කියල ලබාදුන්නාම. ඒ නිසා full page හරි pop-up window හරි ලබාදෙන්න. එතකොට ගැටලුව නිරාකරණය වෙයි.
2. post එකක් සමඟ දිස්වෙන දිනය/වේලාව දිස්විය යුතු ස්ථානයේ undefined ලෙස දිස්වීම.(උදාහරණයක්)
විසඳුම
1. blogger Dashboard වෙත පිවිසෙන්න.
2. එහි අදාල බ්ලොග් එකට අදාලව ඊට යටින් ඇති layout වෙත පිවිසෙන්න.
3. blogposts කියල තියෙන කොටුවෙ පල්ලෙහා තියෙන edit link එක click කරන්න.
4. Post Page Options යටතේ තියෙන “at” කියල තියෙන තැන පෝස්ට් කරපු දිනය වෙලාව පෙන්නන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කර කර blog එකට ගිහින් බලන්න undefined යන්න නැතිවී post එකේ දිනය/ වේලාව පෙන්නන තුරු.


