Tag Archives: සිංහල

qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….

qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome  වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව :D ). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.

qsChrome ‍අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).

ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු  ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ.  qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලා‍පොරොත්තු වෙනවා.

Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්. :) බාගත කරගන්න මෙතැන click කරන්න.

ඉතිරියත් කියවන්න qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් …. (…)

සිංහල විකිපීඩියාවට දායක වෙමුද?

සිංහල විකිපීඩියාවට තවම තිබෙන්නේ ලිපි 2500ක් පමණයි ඒත් ඉංග්‍රීසි විකිපීඩියාවට 3,100,000 ක් පමණ තියෙනවා. ‍විකිපීඩියාව කියන්නේ ලොව වැඩිම ගණනක් පිවිසෙන වෙබ් අඩවියක්.  ඔය සිංහල 2500 අතරේ බාගෙට ලියපුවත් තියෙනවා. ඒ අයට දොස් කියනවා නෙවෙයි ඒත් විකිපීඩියාවෙ සිංහල අන්තර්ගතයට මීට වඩා දෙයක් අපිට කල හැකි බවයි ‍මගේ විශ්වාසය. විශේෂයෙන්ම බ්ලොග්කරුවන්ට සිංහලෙන් ටයිප් කිරීම වගේ දේවල් අලුත් දේවල් නොවෙන නිසා විකියට දායක වෙන්න එච්චර අමාරු නැහැ. මම මේ බණ කිව්වට මමත් මුලින්ම විකිපීඩියාවට දායක උනේ ගිය මාසෙ. ඒත් දැන් දිගටම පුළු පුළුවන් විදියට මොනව හරි ලියන්න අදහස් කරනවා. මුලින්ම විකිපීඩියාවට මුලින්ම ලියපු ලිපිය මෙතැන තියෙනවා. වැරදි නම් අනන්තවත් ඇති. දන්න අය ඉන්නවා නම් ‍ඒ වැරදි හදන්න කියලත් ඉල්ලා සිටිනවා.

පුධාන වශයෙන් ලියන විදියෙ වෙනස් කම් තියෙනවා. බ්ලොග් එක තමන්ගෙ අඩවිය, තමන්ට හිතුනු දෙයක් ලියන්න පුළුවන්. ඒත් විකියෙදී ඊට වඩා වගකීමෙන් කටයුතු කල යුතු වෙනවා. විකිපීඩියාවෙ සම්මත නීති රීති වලට අනුකූලව ලිවිය යුතුවෙනවා. වචන භාවිතයේදී වචන මාලාවකට(glossary) එකකට අනුකූලව ලියන්න පුළුවන් නම් හොඳයි. මේක එක වචන මාලාවක්.

හැමෝම පුළු පුළුවන් විදියට දායක උනොත් මේ ලිපි ගණන වැඩි කරගන්න පුළුවනි.

කොතැනින්ද අපි පටන්ගන්නේ?

ඉතිරියත් කියවන්න සිංහල විකිපීඩියාවට දායක වෙමුද? (…)

firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න

මගේ පරිගණකයේ default browser එක firefox. ඒත් දුමේ දාලා තියෙන ie ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ සමහර වෙලාවට බිල් ගේට්ටු මාමාගෙ සයිට් එකෙන් වැඩක් කරගන්නයි online පත්තර කියවන්නයි. ඒත් දැන් මේකට විසඳුමක් තියෙනවා ie වල rendering engine එක firfoxට embed කරන add-on එකක්. සිම්පල් ප්ලෑන් එකක්.  සිංහල අකුරු වෙනුවට වෙන වෙන බහුබූත පෙන්නන සයිට් එකකට ‍ගියොත් ආයේ link එක කොපි කරල ie හොයාගෙන යන්න ඕන නෑ.  status bar එකේ පොඩි icon එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. මේක වැදගත් වෙයි web development කරන අයටත් තමන් හදන සයිට් එක එක browsers වලට support කරන්නෙ කොහොමද කියල එකම browser එකක ඉඳල බලාගන්න.

මෙතැනින් download කරන්න.

ඉතිරියත් කියවන්න firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න (…)

සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා

සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් ‍domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.)  එතකොට කොහොමද සිංහල ‍domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා  දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.

ඉතිරියත් කියවන්න සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා (…)

සිංහල සමඟින් Firefox portable 3.5

කලින් firefox 3 සඳහා මම නිර්මාණය කල යුනිකේත සමඟ Firefox portable එක අප්‍රේල් 1 වෙනිදා සිට මේ වෙනතුරු download  276 ක්  කරල තියෙනවා. මාස 2කට 276ක් නරකමත් නෑ. :) . මාත් එක්ක තරහ අයත් මේක පාවිච්චි කරනව කියල දැනගන්න ලැබුනා. ;) . හා හා කමක් නෑ ඒකට මොකෝ. :)

Firefox 3.5 ඇවිත් ටිකක් කල් උනාට එක එක වැඩ නිසා සිංහල යුනිකේත එකතු කල portable firefox 3.5 හදන වැඩේ ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න හොඳේ. මේ පාර test කරන වැඩේ හරියට බැරි උනා. යුනිකෝඩ් නැති මැෂිමක් නෑනේ හොයාගන්න බෙහෙතකටවත් :) . අතපසුවීමක් උනොත් සමාවෙන්න. මේපාර ඉස්සෙල්ල තිබ්බ ඉස්කෝලෙ පොත font එක ‍විතරක් නෙවෙයි මලිති,දිනමින, කපුටා කියන fonts ටිකත් register වෙන විදියට සැකසුවා.

ඔන්න එහෙනං මෙතැනින් ගන්න. මේපාරත් අන්තිම මොහොතේ හරිම අමාරුවෙන් බින්කුවාව අල්ලගෙන testing කෙරෙව්වා. වැරදි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. පරණ version එක ඕන අය   මෙතැනින් ගන්න.

pen drive එකකට දාලා යන යන තැන අරන් යනව නං Register_unicode_fonts.bat එක run කරලම Firefox open කරන්න.

ආ‍ මේක ගොඩාක් වැදගත්, admin බලය තියෙනව නං මේක දාන්න එපා. admin account එකකට දැම්මොත් අවුල් යන්න ඉඩතියෙනව. ඇඩ්මින් තියෙනව නං කම්මැලි නැතුව යුනිකේත දාගන්න හොදේ.(‍ඒක වැරදීමක් නෙවෙයි මං හිතලමයි කලේ හො‍ඳේ ;) )

විභාගේ/අභාගේත් ළඟයි. :( මම යනවා පාඩම් කරන්න. ටටා. :D

පසුව ලියමි : Unicode font register වුනේ නැත්තම් මේ ක්‍රමය අනුගමනය කරන්න. (කොටින්ම කිව්වොත් ඕක වැඩ නොකලොත් අතන මෙතන screenshots දාන්නෙ නැතිව :D )ටිකක් දිග වැඩි හින්දයි font register කරන්න tool එකක් යොදා ගත්තේ.

important: if you still cant read sinhala after using this tool try install fonts manually. to install fonts without admin privileges please follow this guide.