සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?. මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. එහෙත් ඇඩ්මින්ලාට විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා එසේ කතාකල පුද්ගලයින් මර්ධනය කිරීම සිදුවන්නේ ප්‍රාතිහාර්යකින් සිදුවනවා සේය. මෑත ඉතිහාසයේ පවා එවන් සිද්ධි නොඅඩුව දක්නට ලැබුනි. කුමන කඩතුරාවට මුවාවී කෑ ගැසුවද වෙනස් කල නොහැකි ඇඟිළි සළකුණ මෙන් ඔවුන්ගේ භාෂා විලාශද ඔවුන් පසු පස ඒම විශේෂත්වයකි.
මෙම සංසදය පාලනය වන්නේ සම්මත සිංහල භාෂාව අනුව ”සිංහල” යැයි නිවැරදිව ලියාගතවත් නොහැකි ඇඩ්මින් කෙනෙකු විසින් වූවද ඔහුම සිංහල භාෂාවේ පරිගණකමය සම්මතය ගැන ටියුෂන් දෙයි. ඔහුගේ email inbox ගැන කතා ඇසූ විට අපට මතක් වන්නේ කලකට පෙර විකාශය වූ “එතුමා” නාට්‍යයේ “ඇහුන් නෑ ” පාට් එකයි. අවාසියක් හෝ අකමැති දෙයක් නම් “එහෙම දෙයක් ලැබුණේ නෑ” යයි කියාද වාසියක් නම් “ලැබුණා ලැබුණා ” යනුවෙන් ප්‍රතිචාර කරයි. කවුරුවත් “අපි මේ කරන සේවයට උදව් කරන්න කැමතියි කියලා මේල් එකක්වත් එව්වාද?” කියා අසන්නේ දිව අගම “ලැබුණේ නෑ ” ප්‍රතිචාරය සූදානම් කරගෙනය.
මා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ඉවත් වූ දින සිට සංසදයේ ඇඩ්මින්වරුන් අනේක වාරයක් බලපෑම් කලේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් ඉවත්කරගන්නා ලෙසය. මුලින් කල සංවාදයකින්දී ඔවුන්ගේම කටින් පිටවුණු “සංසදය හා සින්ඩිය කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි” යන්න ඔවුන්ටම පාරාවලල්ලක් වී තිබිණ. අවසාන විකල්පය ලෙස ඔවුන්ට ඉතිරිවූයේ මඩ ගැසීමද?.
සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් දේශපාලන බ්ලොග් ඉවත්කිරීම සාධාරණි කරණය කලේ “චීයා අනේ, ඒගොල්ලො මඩ ගහගන්නවා. “ ලෙසය. එහෙත් ඔවුන් දිනපතා වන්දනාමාන කරන සින්ඩියේ නීතිවල ඇත්තේ “පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.” ලෙසය. එසේ නම් එම බ්ලොග් සින්ඩියෙන් ඉවත් නොකලේ ඇයි?
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
එසේ නම් සින්ඩියෙන් දේශපාලන බ්ලොග් සැඟවූයේ එම බලපෑම් නැති කරගැනීමටද?. රටකරවන්නවුන්ට “අනේ අපි නං හොඳ ළමයි. ඔය දේශපාලනේ වගේ නරක වැඩ වලට අපි නං නෑ.” පණිවුඩය ලබාදීමටද? එය එසේ නම් සංසදයේ “බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.” කරුණ තවදුරටත් වලංගු වන්නේ නැත.
තවදුරටත්,
සිංහල බ්ලොග්කරණයට අදාල ආධාර උපකාර (තාක්ෂණික, භාෂාමය, අන්තර්ගත) හුවමාරු කර ගැනීම, සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයීය භූමිකාව, අයිතීන්, වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව පුලුල් කතිකාවතක් ගොඩනැංවීම සහ සිංහල බ්ලොග්කරුවන් සඳහා විවිධ සේවා නොමිලයේ සැපයීම යන කරුණු අපගේ මුලික අරමුණු වේ.
වැනි වැල්වටාරම් වෙනුවට බ්ලොග්කරුවාගේ ඒකම අරමුණ වන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රමෝට් කිරීම යනුවෙන් යොදන්නේ නම් මේ පිළිබඳ සංවාද කිරීමට තවදුරටත් කාලය වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එවිට තවදුරටත් බ්ලොග්කරුවන්ට හොඳ ළමයින් , තොත්ත බබාලා විය හැකිය.
නවක සාමාජිකයන් ගැනද යමක් කිව යුතුව ඇත. මෙච්චර සේවයක් අතින් වියදම් කරගෙන කරන අයට දොස් කීම වැරදියි කියා ඔවුන් කියනු ඇත. එහෙත් හොස්ටින් දෙන්න ආ පුද්ගලයා පස්සා දොරෙන් ඩොමේනයද හොරකම් කර අවුරුද්දකට වරක් ඇඩ්මින්ලා මාරුවෙන ක්‍රමය අත්හිටුවා ඇඩ්මින් කමට යාළුමිත්‍රාදීන් හා තමුන්ට එරෙහිව කතා නොකරන අය පත්කරගැනීම තිත්ත වූ ඇත්තයි. සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.
යුනිකෝඩ් හා බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණු කරගෙන රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය විසින් පැවැත්වූ බ්ලොග්කරණ තරගාවලියේ හොඳම බ්ලොග් අඩවියට නිර්දේශ වූ බ්ලොග් අඩවියක් වූ නිකමට වගේ බ්ලොග් අඩවිය යුනිකෝඩ් භාවිතා නොකරනවා යයි පවසමින් ඉවත්කලා නම් ඇඩ්මින්ලාට බනිනවා යයි කියමින් බ්ලොග් එකක් ඉවත් කිරීම ටොයිස් වැඩකි. අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.
මේ හා සම්බන්ද වෙනත් ලිපි.
- සිංහල බ්ලොග්කරණය කොයිබටද?
- Apolitical bloggers of my sweet country | මාගේ සුන්දර දේශයේ අදේශපාලනික බ්ලොග් ලියන්නනි
- ප්‍රයිවෙට් බස් කොන්දොස්තරවරු සහ සින්හල බ්ලොග් කියවනය….
- මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම – 1
- මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම – 2
- වැඩිහිටි තොත්ත බබාලා හෙවත් අදේශපාලනික ගන්ධබ්බයින්
- හිට්ස් වලට ලෝභ වූවන්ගේ විරක්රියාව නොහොත් දේශපාලන ලිපි පිටුවහල් කිරීම.
- දේශපාලනික බ්ලොග්පිටු වෙනම පිටුවක් වෙත ඇතුලත් කිරීමට විරෝධය


