google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති. ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.
Tag Archives: chrome
google buzz බලෙන්ම ගත්තු හැටි… | How to enable google buzz
googleලා අලුතෙන් buzz කියල මොකක්ද හුටප්පරයක් පටන් අරගෙන. අද කට්ටිය tweet කරනවා හෝ ගාලා. දැන් ඉන්න හැමෝම කියනවා මට buzz තියෙනවා මට buzz තියෙනවා කිය කිය tweet කරනවා. හැමෝටම buzz හම්බ උනත් මට විතරක් නෑ. ඒක හරි වැඩක්නෙ මොකෝ මේ. http://www.google.com/buzz ගියාම කියනවා “We’re still rolling out Buzz to everyone, so if you don’t see it in your Gmail account yet, check back soon.” කියලා. මාත් අතෑරියේ නෑ ඕං. රැයක් දවාලක් නැතුව google chrome ප්‍රමෝට් කරන මට මොකෝ google කාරයා ගනං උස්සන්නෙ කියලා බැලුවා.
. නිකමට වගේ google labs කෑලි ටික disable කරලා බැලුවා. මෙන්න වැඩ. මොකක්ද එකක් ආවා කියෙව්වෙවත් නෑ “හා මම කැමතියි ” කියලා click කලා.
buzz කියන්නේ google wave වගේ එකක් කියලයි මට හිතෙන්නේ තාම පාවිච්චි කරන්න පටන්ගත්තා විතරනෙ. ඒ අස්සේ කට්ටියක් ඉන්බොක්ස් එක ගොඩ වෙනවා කියලා කෑගහනවා. මේකත් google wave වගේ ආසාවට invitation පොරකාගෙන ගෙන්නගෙන අතෑරලා දාන එකක්ද මන්දා. බලමුකෝ. මොකද වෙන්නෙ කියලා .
ඔන්න ඔහොමයි උනේ.
ensitip for google chrome – censitip – popup dictionary
ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ
). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක් අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා.
. කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ. වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)
මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා
වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.
CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.
විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා.
වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.
මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)
වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.
qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….
qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව
). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.
qsChrome අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).
ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ. qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලාපොරොත්තු වෙනවා.
Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්.
බාගත කරගන්න මෙතැන click කරන්න.


