දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. හත්මාළුවෙ ඇප්රූව් කරන්න තියෙන බ්ලොග් ලිස්ට් එකත් සෑහෙන්න දිග වෙලා. බ්ලොග් එකක් ඇප්රූව් කරන්න වැඩි වෙලාවක් නොගියත් ගොඩක් බ්ලොග් ඇඩ්කරන අය හරියට බ්ලොග් එකේ feed ලිපිනය ලබාදෙන්නෙ නැහැ. feed කියන එක දන්නෙ නැති නිසා වෙන්න ඇතිනෙ වැරදියට දාන්නෙ ඒ නිසා ඒ වැඩෙත් හත්මාළුවෙ අපිම නිවැරදි කරලා දානවා. ඒ වැඩේ නම් ටිකක් වෙලාව යන වැඩක්. මේකට පිළියමක් මට වෙලාවක් ලැබුණු වෙලාවක සයිට් එකට ඇඩ් කරන්නයි හිතාඉන්නේ. ගිය අවුරුද්දෙ බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තිබුනට මේ අවුරුද්දේ ලියලා තියෙන්නේ 31ක් විතරයි. බ්ලොග් ලිවිල්ල විනෝදාංශය කරගන්නවට වැඩිය එක එක ගැජට් කෑලි හදන එක මගේ විනෝදාංශය වේගෙන එන නිසා වෙන්න ඇති. ආසාවෙන් පටන් ගත්තු python වැඩකුත් ඔන්න දැන් කොට උඩ.
. යලට මහට පෝස්ට් එකක් දැම්මත් මගේ බ්ලොග් එක දැකලා බ්ලොග් ලියන්න පටන් අරගත්තු අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ ගොඩක් අය මට වඩා හොඳට ලියනවත් එක්ක.
.
Tag Archives: CReader
සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්.
google chrome extension එකක් සෑදීම. 02
අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා.
අපි කැමතිම ලින්ක් කිහිපයක් එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension
chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම කොටසක් තමයි manifest.json file එක. (JSON කියලා තියෙන්නේ අපි file එක ලියන්නේ JSON format එකට වීම නිසා. )
manifest.json file එකේ තමයි අපි අපේ extension එකේ නම, හදපු කෙනාගෙ නම, වෙබ් සයිට්, option pages තියෙන්නෙ කොහෙද, content scripts වල නම් මොනවද, extension එකට chrome browser එකේ ඇතුලෙ permissions ආදිය ගැන විස්තර ලබාදෙන්නේ.මෙන්න අපේ වැඩේට මම ලියපු manifest.json එක.
google chrome extension එකක් සෑදීම. 01
සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.). හ්ම් ඒකත් කමක් නෑ කියමු.
අවශ්‍ය මූලික දැනුම
HTML , javascript ගැන ටිකක් දැනගෙන ඉන්න ඕන. HTML5 දන්නවා නම් ලේසියි.( ඒත් දන්නෙ නැතිනං HTML5 වලින් වැඩ දාන්න ඉගෙන ගන්න හොඳම තැනක් මේක. මොකද browser compatibility ගැන වද වෙන්න ඕන නැති නිසා.)
තව මොනවද ඉගෙනගන්න ඕන?
Intro to google chrome
google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති. ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.
CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.
විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බලාපොරොත්තු වෙනවා.
වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.
මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)
වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.


