Tag Archives: google buzz

google buzz බලෙන්ම ගත්තු හැටි… | How to enable google buzz

googleලා අලුතෙන් buzz කියල මොකක්ද හුටප්පරයක් පටන් අරගෙන. අද කට්ටිය tweet කරනවා හෝ ගාලා. දැන් ඉන්න හැමෝම කියනවා මට buzz තියෙනවා මට buzz තියෙනවා කිය කිය  tweet කරනවා. හැමෝටම buzz හම්බ උනත් මට විතරක් නෑ. ඒක හරි වැඩක්නෙ මොකෝ මේ.  http://www.google.com/buzz ගියාම කියනවා “We’re still rolling out Buzz to everyone, so if you don’t see it in your Gmail account yet, check back soon.” කියලා. මාත් අතෑරියේ නෑ ඕං. රැයක් දවාලක් නැතුව google chrome ප්‍රමෝට් කරන මට මොකෝ google කාරයා ගනං උස්සන්නෙ කියලා බැලුවා. :D . නිකමට වගේ google labs කෑලි ටික disable කරලා බැලුවා. මෙන්න වැඩ. මොකක්ද එකක් ආවා කියෙව්වෙවත් නෑ “හා මම කැමතියි ” කියලා click කලා. :D

buzz කියන්නේ google wave වගේ එකක් කියලයි මට හිතෙන්නේ තාම පාවිච්චි කරන්න පටන්ගත්තා විතරනෙ. ඒ අස්සේ කට්ටියක් ඉන්බොක්ස් එක ගොඩ වෙනවා කියලා කෑගහනවා. මේකත් google wave වගේ ආසාවට invitation පොරකාගෙන  ගෙන්නගෙන අතෑරලා දාන එකක්ද මන්දා. බලමුකෝ. මොකද වෙන්නෙ කියලා . :)

ඔන්න ඔහොමයි උනේ.