පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ බ්ලොග්කරුවන්.(සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි.)
අන්තර්ජාලය කියන්නේ නීතිරීති දාලා පාලනය කරන්න අපහසු දෙයක් මොකද ඒක තියෙන්නේ මෙන්න මෙතැන, ඒක පාලනය වෙන්නේ, තියෙන්නේ මෙතැන කියලා අදහසක් ප්‍රකාශ කරන්න බැරි වීම. හදන නීති සමහරවිට ප්‍රායෝගිකව පිළිපදින්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ප්‍රචාරක ප්‍රයෝගවලට නම් වැට බැඳීම නම් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. මෙම තත්වය ලංකාවේ පමණක් සිදුවන්නක් නොවෙයි. ඇතැම් දියුණු රටවල් වලඇතුලු බොහෝ රටවල්වල මේ ප්‍රචාරක ප්‍රයෝග යොදා ගැනීම සිදුවෙනවා. ලංකාවේ 7.2Mbps හා 14.4Mbps යනුවෙන් පහුගිය දිනවල දැන්වීම් පලකල එක සමාගමක්වත් එහි හරි අඩක් වන 3.6Mbps හෝ 7.2Mbps වත් හරියාකාරව ලබාදෙන්නේ නැහැ. ඒත් පාරිභෝගිකයන් විදියට අපිට පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අන්තර්ජාල සබඳතාවයේ තත්වය ගැන තොරතුරු හැමෝම එකක් බෙදා ගැනීම. එහෙම උනාම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නා හොඳ නැතිනම් අපිට වෙන හොඳ අන්තර්ජාල සේවා සපයන්නෙක් වෙත යා හැකියි. අන්තර්ජාල සේවා සපයන්නා හොඳ සේවාවක් ලබාදුන්නේ නැතිනම් පාරිභෝගිකයා වෙනත් අන්තර්ජාල සේවා සපයන්නෙකු වෙතට යොමුවෙන නිසා නිසැකයෙන්ම හොඳ සේවාවක් සපයන්න හැකි උපරිමයෙන් කටයුතු කරයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. lirneasia ආයතනය සම්බන්ද වෙන්නේ මෙන්න මේ කාර්යයට ඒ කියන්නේ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ හොඳ නරක කියන්න අවස්තාවක් ලබාදීම. ඒ අනුව සිදුවන වඩාත් හොඳ සේවාවක් සේවාවක් සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් පෙළඹවීමේ වාසිය ඔබටමයි. දැනට කරගෙන යන වැඩ පිළිවෙල වන්නේ විවිධ පාරිභෝගිකයන්ගෙන් තමන්ගේ අන්තර්ජාල සේවාව පිළිබඳ දත්ත එකම ස්තානයකට එකතු කිරීමෙන් ඒහා සම්බන්ධ තීරණ ගැනීම සහ ඕනෑම කෙනෙකුට ලබාගත හැකි පරදි සකස්කිරීමයි. මෙම දත්ත එකතුකිරීම සඳහා ඔබත් දායකවීමට කැමතිනම් AT-Tester මෘදුකාංගය බාවිතා කර ඔබේ අන්තර්ජාල සබඳතාව පිළිබඳ දත්ත ලබාදෙන්න පුළුවන්.(වැඩි විස්තර සඳහා http://www.broadbandasia.info/ වෙත පිවිසෙන්න.). දැනට එකතු කරන ලද දත්ත පරීක්ෂා කර බැලීම http://www.broadbandasia.info/ වෙබ් අඩවියට පිවිසීමෙන් කරන්න පුළුවන්. මෙම මෘදුකාංගයේ ජංගම දුරකතන සඳහා වෙළුමක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඉදිරියේදි ඔබට ජංගම දුරකතනයෙනුත් මේ සඳහා දත්ත ලබාදීම සිදුකිරීමට පුළුවන්. විශේෂයෙන් කිවයුතු දෙයක් තිබෙනවා ඒතමයි මේ දත්ත සියල්ල අන්තර්ජාල සේවාවක් නිර්ණායක කිහිපයකින්ම මැනීම සහ සේවාසපයන්නා, දේශීයව, අන්තර්ජාතිකව යනුවෙන් මට්ටම් සළකා බැලීම. මෙම මට්ටම් මඟින් දෝශයක් තිබේ නම් සැබෑවටම එය ඇත්තේ කොතැනද යන්න ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. නිර්ණායක බොහොමයක් මත පදනම්වීම ගුණාත්මක භාවය නිවැරදිව නිර්ණය කරන්න පිටුවහලක් වේවි.
Tag Archives: HSPA
broadband ගැන සරලව -3 | පොරොන්දු වූ පරදි සේවාව ලබාදීමට සේවා සපයන්නා අපොහොසත් නම්?
අන්තර්ජාල සේවා සපයන්නෙක් තෝරාගන්නේ කෙසේද? | broadband ගැන සරලව -2
මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක්
අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න data එන්න පටන් ගන්න වෙලාව තෙක් කාලය round trip latency කියල හඳුන්වනවා. අපේ කතාබහට round trip latency ප්‍රමාණවත්.
අන්තර්ජාල සපයන්නෙක් තෝරා ගැනීමේදි පහත අනුපිළිවෙලට සලකා බැලීම සුදුසුම ක්‍රමයයි.
1. ADSL
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
3. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)
ජංගම පුළුල් පරාස සබඳතාවක් (mobile broadband) නම් භාවිතා කරන්න යොමු විය යුත්තේ වෙනත් විකල්පයක් නොමැතිම තැන බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. ADSL සඳහා පළමු තැන දෙන්නට හේතුව උනේ බොහෝ ADSL සබඳතාවල ඇති ස්තාවර බව හා latency අතින් අඩුවීම . (මෙය අනිත් සබඳතාවලට සාපේක්ෂව බලා ගත් නිගමනයක්). අනිත් හේතුව ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) මත පැටවෙන බදු ප්‍රමාණය වැඩි වීම. 15%ක පමණ වැඩිපුර බද්දක් ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා අය කරනවා.
දැනට ADSL සඳහා සේවා සපයන්නෙකුට ඉන්නේ SLT පමණයි. wireless සබඳතා සඳහා lanka bell wimax, Dialog wimax තිබෙනවා. සබඳතා වර්ග දෙකේදීම බොහෝ පාරිභෝගිකයන්ට සේවා සපයන්නා ප්‍රචාරය කරන වේගයෙන් 80% – 90% ක් පමණ ලැබෙනවා.එහෙත් ප්‍රචාරය කරන අගය ඉක්මවා යන අවස්තා නම් ඉතාම දුර්ලභයි. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් අඩු නැතිව පාරිභෝගිකයාට ලබාදෙන අන්තර්ජාල සේවා සපයන්නන් ලංකාවේ නැති බව මතක තබා ගැනීම ඉතාම වැදගත්. මේ අනුව 80%ත් ඉතා හොඳ අගයක් හැටියට කියන්න පුළුවන්. එහෙත් ස්තාවර අන්තර්ජාල සබඳතාවයක ප්‍රචාරය කරන වේගය නොලැබේ නම් සේවා සපයන්නාට පැමිණිලි කිරීම ඉතාම වැදගත්. ඔබ ගෙවන මුදලට සරිලන සේවාවක් ඔබට ලැබිය යුතු බව මතක තබා ගන්න.
ඊඟළට අපි ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) ගැන කතාකරමු. ටිකක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න අමාරු ක්ෂේත්‍රයක්. හේතුව ඉක්මනින් වෙනස්වන සුළුවීම. ජංගම පුළුල් පරාස සබඳතා සඳහා සීමාරහිත සබඳතා අඩුවීමත් එක්තරා විශේෂත්වයක්. මේ දුර්වලතා දෙකටම හේතුව දී ඇති අවස්තාවක එක් සම්ප්‍රේෂණ කුළුනක් සමඟ සම්බන්ද වී සිටින පාරිභෝගිය සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබෙන සේවාවේ ගුණාත්මක බව තීරණය වීම සහ මේවායේ සේවා සපයන ජංගම දුරකතන සමාගම් දත්ත සම්ප්‍රේෂණයට වඩා හඬ සම්ප්‍රේෂණයට(voice calls transmission) ප්‍රමුඛත්වය ලබාදී තිබිම.
ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband) සඳහා දැනට සේවා සපයන්නන් 3දෙනෙක් ඉන්නවා. ඩයලොග්, මොබිටෙල් සහ එයාටෙල්. ඇතැම් විට ළඟදීම මොවුන් අතරට තවත් සේවා සපයන්නෙක් ළඟදීම එකතු වේවි. mobile broadband සබඳතාවයක් මිලදී ගන්න පෙර අනිවාර්යෙන්ම පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.
1. සිග්නල් ප්‍රමාණය.
2. ඔබේ අසල්වැසියෙකු ජංගම පුළුල් පරාස සබඳතා භාවිතා කරනවා නම් ඔහු එහි සේවා ගුණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත්වනවාද?
3. ඔබ සිටින්නේ ළඟම සම්ප්‍රේෂණ කුළුනෙන් කොපමණ දුරකින්ද?(කිලෝමීටරයකට වඩා වැඩිදුරකින් සිටිනවා නම් එය එතරම් සුභ ලකුණක් නෙවෙයි)
4. වෙළඳ දැන්වීම්වල යොදන අගයන් නොව ඇත්ත වශයෙන්ම ලැබෙන වේගයන්.(ඇතැම්විට ඇත්ත වේගය ප්‍රකාශිත අගයෙන් 10%කටත් අඩු අගයක් විය හැකියි)
5. සීමාරහිත mobile broadband පැකේජ අඩුයි. එම නිසා මෙහිදී ඔබ මුදල්ගෙවන්නේ ඔබ භාවිතා කරන දත්ත ප්‍රමාණයට. ඔබගේ දත්ත භාවිතාව මැන බැලීමට නිශ්චිත, විශ්වාසදායී ක්‍රමවේදයන් සේවා සපයන්නා ලබාදෙනවාදැයි සොයා බලන්න.(ඩයලොග් හා මොබිටෙල් අන්තර්ජාලය ඔස්සේ දත්ත භාවිතාව පිළිබඳ විස්තර ලබාදෙන අතර එයාටෙල් සඳහා එසේ දැනගැනීමේ එකම ක්‍රමය පාරිභෝගික සේවාව ඇමතීම පමණයි.)
6. ඔබ නිතර ගමනාගමනයේ යෙදෙමින් මෙම සබඳතාව භාවිතා කරනවා නම් ඒ ඒ ප්‍රදේශ වලින් බහුතරයක ඉහත කී අවශ්‍යතා 5 සපුරාලනවාද?
broadband ගැන සරලව – 1
මේක මම cplus magazine එකට ලියපු ලිපියක්.
මේ ලිපිය ඇතුලු මා ඉතිරි cplus කලාප කිහිපයේදීම පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා(broadband internet connections) ගැන ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපි මාලාවේ මූලික අරමුණ අන්තර්ජාල සම්බන්ධතාවයක් තෝරාගන්නා ආකාරය ගැන මනා අවබෝධයක් ලබාදීමයි. ආරම්භක ලිපියෙන් ලංකාවේ ඇති අන්තර්ජාල සේවා සබඳතා වර්ග ගැන මා දැනුවත් කරන්නම්.
ප්‍රධාන වශයෙන් ශ්‍රීලංකාවේ දැනට පවතින අන්තර්ජාල සම්බන්ධතා වර්ග කීපයකට බෙදා වෙන් කල හැකියි.
එනම්
1. Dialup සබඳතා
2. DSL/ADSL (DSL/ADSL Broadband) සබඳතා.
3. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා.(Wireless Broadband)
4. satellite පහසුකම්.
මේකෙන් පළවෙනි එක ඒ කියන්නෙdialup සබඳතා ගොඩක් දෙනාට අමතකව ගිහිල්ලා. මේකට ප්‍රධාන හේතු අධික වියදම, බාගත කිරීමේ/ උඩුගත කිරීමේ වේගයන් ගොඩක් අඩුවීම. dialup සබඳතාවයකින් ලබාගත හැකි උපරිම වේගය 56Kbps පමණ වෙනවා. එහෙත් ඉහත 2, 3 සබඳතා එනම් පුළුල් පරාස අන්තර්ජාල සබඳතා නම් ඒවගේ කිහිප ගුණයක් වේගවත්. මා වේගය ගැන පමණක් සඳහන් කලාට අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න වේගය එකම එක සාධකයක් විතරයි. කොහොම උනත් තවමත් dialup භාවිතා කරන අය ඉන්නවා. හේතුව පුළුල් පරාස සබඳතා තවමත් ශ්‍රීලංකාව පුරා ව්‍යාප්ත වී නොමැති කම. මෙහිදී satellite භාවිතා වෙන්නේ අනිත් අන්තර්ජාල පහසුකම් වලට යා නොහැකි ප්‍රදේශ ආවරණය කරන්න. වෙනත් විකල්ප නැති තැන තමයි සැටලයිට් භාවිතා වෙන්නෙ වියදම ඇතුලු ගොඩක් කරුණු පදනම් කරගෙන. සැටලයිට් සබඳතාවයක් වේගයෙන් වැඩි වූවත් ඊට මදක් වේගයෙන් අඩු රැහැන් සබඳතාවයක් ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. මේක අන්තර්ජාල සබඳතාවයක ගුණාත්මක භාවය මනින්න වේගය පමණක් සලකලා බැහැ කියන එකට හොඳ උදාහරණයක්.
මේ අයුරින් බෙදා වෙන් කලාට මේ ආකාර තුන අතරෙ අවසන් පියවර කීපයේ පමණයි වෙනස් කම් තිබෙන්නෙ.
උදාහරණයක් ලෙස ගතහොත් මොබිටෙල් ආයතනය හා ටෙලිකොම් ආයතනයට පාවිච්චි කරන්නේ එකම ජාත්‍යන්තර රැහැන. mobitel ආයතනය රැහැන් රහිත පුළුල් පරාස සේවා සපයනවා. ටෙලිකොම් ආයතනය ADSL සේවාව සපයනවා.
කොහොමද අන්තර්ජාල සබඳතාවක් තෝරාගන්නේ?
මේක ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණු රාශියක් සොයා බලන්න වෙනවා. අන්තර්ජාල සේවා වෙළඳපොළ අද වැඩිම තරඟකාරීත්වයක් තිබෙන වෙළෙඳපොළක්. මිල ගනන් නිතර වෙනස් වෙනවා. එක් සමාගමක් මිල අඩු කල විට පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් එම සේවාව තෝරා ගැනීම නිසා සේවා ගුණාත්මකභාවයේ අඩු වීම් දකින්නට පුළුවන්. මේ දවස්වල හොඳම උදාහරණය මොබිටෙල්. පහුගිය දිනවල ඔවුන්ගේ අන්තර්ජාල සේවා මිල ගනන් විශාල ලෙස පහල දැම්මා. ඒ සමඟම ඔවුන්ගේ සේවා ගුණාත්මකභාවයේ සැලකිය යුතු පහල යෑමක් සිදුඋනා. මේකට හේතුව මිල අඩු වීම නිසා පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් මිලදී ගැනීම. සමාගමක් ආයෝජනය කරන්නෙ අවුරුදු ගනනාවක් ඉලක්ක කරගෙන නිසා ඒවාට පිළියම් යෙදීම ප්‍රායෝගිකව ටිකක් අපහසු කරුණක් මේ හා සමාන සිදු වීමක් මීට මාස කීපයකට ඉහතදී මේක ඩයලොග් සමාගමේ මිල පහත දැමීමත් එක්කත් සිදුඋනා. ජල නල පද්ධතියක වැඩි වැඩියෙන් කරාම විවෘත කරන තරමට ජලය ගලා ඒමේ වේගය අඩුවෙනවා. අන්තර්ජාල සම්බන්ධතාත් මේ වගේ. සේවා සපයන්නා වැඩි වැඩියෙන් bandwidth මිලදී ගත්තෙ නැත්නම් සේවාව ඉබේම පහළ යනවා.
dialup හා සැටලයිට් යන විකල්ප වලට යොමුවිය යුත්තේ ADSL හෝ රැහැන් රහිත පුළුල් පරාස සබඳතා(Wireless Broadband) ලබාගත නොහැකි අවස්ථාවලදී. ADSL වැනි විකල්පයකට යොමුවීමට හැකිව තිබියදීත් රැහැන් රහිත පුළුල් පරාස සබඳතාවක් භාවිතා කිරීම එතරම් යෝග්‍ය නැහැ. රැහැන් රහිත පුළුල් පරාස සබඳතා අස්තාවර බව අතින් ඉදිරියෙන්ම ඉන්නවා. ඒකට විවිධ හේතු බලපානවා.
රැහැන් රහිත පුළුල් පරාස සබඳතාත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
1. ජංගම පුළුල් පරාස සබඳතා (mobile broadband)
2. රැහැන් රහිත ස්තාවර සබඳතා (wireless )
ඒවගේම රැහැන් රහිත සබඳතාවල බිල් මත පැටවෙන බදු ප්‍රතිශතය ADSLවලට සාපේක්ෂව වැඩි හෝ සමාන වෙන්න පුළුවනි.
Dialog prepaid broadband-මීටරේට අහු නොවී mail check කළෙමි
යාන්තමට හෙම්බිරිස්සාවක් තියාගෙන ආගන්තුකයා ඇතුළු අපි අටදෙනෙක් සල්ලි දාලා හිම කිරිම (
ඒ කිව්වෙ ice-cream)ලීටරයක්ම කෑමේ ප්‍රතිඵලයක් විදියට ලෙඩ උනා. ඊට පස්සෙ දවසෙම හොඳ රස්තියාදුවක් ගහල එනකොට රෑ 8යි වෙලාව. ඒකට හරියන්න දවස් දෙකතුනකටම බෝඩිමෙන් එලියටවත් බහින්න බැරිවෙන්න තෑග්ග හම්බ උනා.
කම්මැලිකමෙන් බෝඩිමේ ඉන්නකොට නිකං හම්බවෙච්ච dialog සිම් එක මතක් උනා. නිකං කිව්වට මොකද reload එකකුත් ඇඟේ ගහලයි දුන්නෙ. රුපියල් 20 එකත් active කරගත්තා. නිකං ඉන්න එකේ බ්ලොග් ටිකවත් කියවන්න හිතුවා. dialog prepaid broadband වල address bar එකේ මොකක් ගැහුවත් මුලින්ම අපිව එක්කගෙන යන්නෙ ඒගොල්ලන්ගෙ login page එකකට. ඔය page එකේ අපිට එවපු username password ගහලා log වුනාමයි අපිට වෙනත් සයිට් වලට යන්න පුළුවන් වෙන්නෙ. වැරදිලා හරි අපි අතින් login වුනාට පස්සෙ එන logout page එක close උනොත් logoutවෙන එක manually කරන්න වෙනවා. එහෙම manually logout නොකලොත් අපි දන්නෙම නැතිව අපේ usage එක යනවා.
ඉතිං login/logout වැඩේ මම chrome ට බාරදීලා firefox වලින් බ්ලොග් ටික open කරගෙන ගියා. ඔය අතරේ gmail log වෙලා ඉන්දරේ එක්ක පොඩි චැටක් දාගෙන හිටියා. usage එක බේරගන්න logout උනා. මොනව කරන්නත් තියෙන්නෙ පැය භාගයයි නෙව. ඒක ඉවර වුනාම net ගිහින් හමාරයි. logout උනාට මොකද ඉන්දරේගෙ chat message එනවා. ඊටපස්සෙ mail account එක පුරාම ඇවිදල නොකියවපු email ඔක්කොම කියෙව්ව කිසිම අවුලක් නැතිව(පින්තූර අන්තර්ගතයන් ඇති email ඇතුළුව.) වැඩේ තවත් නැගල ගියේ අවුලක් නැතුව attachment බාගත කරන්නත් පුළුවන් කියල දැනගත්තාමයි. මේ විදියෙට මීටරේට අහුනොවී වැඩ කරගන්න පුළුවන් වෙන සයිට් එකක් නං අහුඋනේ නෑ. gmail වලට විතරමයි හරිගියේ.
HSPA නම් dialogද mobitel ද නැත්තම් airtel ද ?
ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ.
. ඊට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ
) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ.
Dialog HSPA
| Package | Monthly Rental | Free Data Usage Per Month | Charge Per Additional MB |
|---|---|---|---|
| Small | Rs. 50 | 75 MB | Rs. 1 |
| Medium | Rs. 200 | 350 MB | Rs. 1 |
| Large | Rs. 500 | 1 GB | Rs. 1 |
| Extra Large | Rs. 1000 | 2 GB | Rs. 1 |
මීට අමතරව unlimited කියල ඒගොල්ලො කියන මාසෙකට 2990/= 5GB package එක තියෙනව.(5GB සිට 6GB දක්වා වේගය 384Kbps සහ 6GB වලින් පසු 64Kbps) university student කෙනෙක්ට නම් 1490/= යි මාසෙකට.
ඉතා වැදගත්.
- 3000ක තැන්පතුවක් ලබාගනී. මොඩමය පිටින් ගන්නවා නම් වැඩිපුර 1000ක් අයවේ.
- මාස 6ක කාලයක් පාවිච්ච් කරන්න එකඟ වෙලා ගත්තොත් Vodafone E220 Modem එක 5500කට දෙනව. (Network lock කරල.)
- billing Cycle එක මාසයක 15 වෙනිදා සිට ඊළඟ මාසයේ 15 වෙනිදා දක්වා.
- බිල් ගෙවීම සතියක් දෙකක් ප්‍රමාද වුවහොත් 2%ක දඩයක් ගෙවීමට සිදුවේ.
- පළමු මාසයේ බිල වශයෙක් මාස දෙකක මුදල් අයකරගනී. connection එක disconnect කර මාසයකට පමණ පසුව එය නැවත ලබාදේ.
- advertise කරන වේගය 1Mbps වූවද විශාල අඩුවැඩිවීම් දැකිය හැකිය.(250Kbps-2Mbps වගේ විශාල පරාසයක)
- ආවරණ කලාප.
- indoor signal නැති ප්‍රශනේ මම ගොඩක් අහල තියෙනව.
- ටිකාක් විතර download කරන surfing වැඩියෙන් කරන කෙනෙකුට “unlimited” එක හොඳයි.
අනික් packages ගැන නම් මම පුද්ගලිකව සතුටු නැහැ. - Usage බලන ක්‍රමය ටිකක් අවුල්. හරි හැටි update වෙන්නෙ නෑ. සමහර වෙලාවට අසාමාන්‍ය usage පෙන්නනව.
Airtel
| Package | Monthly Rental | Free Data Usage Per Month | Charge Per Additional MB | advertised speed |
|---|---|---|---|---|
| 300 | Rs. 300 | 1GB | Rs. 5 | 7.2Mbps |
| 600 | Rs. 600 | 3GB | Rs. 5 | 7.2Mbps |
| unlimited | Rs. 1500 | unlimited | Rs. 5 | 3.6Mbps |
ඉතා වැදගත්.
- connection fee- 500
- no deposit
- 7.2Mbps 3.6 Mbps කියල advertise කලාට මොකද 800Kbps විතර තමයි 300 package එකේ උපරිම ආවෙ. 2Mbps එන අයත් ඉන්නවලු 300,600 වල. 1500 package එකේ එන්නෙ අනිත් ඒවාට වඩා අඩුවේගයක්.
- ඩයලොග් මෙන්ම වේගයේ විශාල අඩු වැඩිවීම් දකින්න පුළුවන්.
- customer care එකට කතා කරල අහනව ඇරෙන්න usage බලන්න ක්‍රමයක් නැහැ. limit එක පැන්න ගමන් හෝස් ගාල බිල නගිනව (උදා:- 1GB සඳහා 300/= වුවද 1.5GB සඳහා 2800 /=ක් ගෙවීමට සිදුවේ)
- billing cycle එක 8වෙනදා සිට ඊළඟ මාසයේ 8වෙනිදා දක්වා(මට මතක විදිහට)
- signal ප්‍රශ‍්නෙකුත් තියෙනවානේ.
Mobitel
| Post Paid Packages | Zoom 490 |
Zoom 890 |
Zoom 2490 |
|---|---|---|---|
| Subscription (Rs) | 490/- | 890/- | 2490/- |
| Free Data Bundle | 750 MB | 2 GB | 7 GB |
| Downlink Speed Up to | 1 Mbps | 1 Mbps | 3.6 Mbps |
| Uplink Speed Up to | 1 Mbps | 1 Mbps | 1.98 Mbps |
| Excess Usage Charge | Rs. 5 for a block of 10 MBs | ||
| Connection Fee (Rs.) | 500/- | 500/- | 500/- |
| Deposit (Rs.) | 1,500/- | 1,500/- | 2,500/- |
ඉතා වැදගත්.
- connection fee 500යි.
- deposit 1500යි.
- ආවරණ කලාප.
- 1Mbps package වල බොහෝ වෙලාවට advertise කල speed ආසන්නව හෝ ලැබෙනව.(මගේ අත්දැකීම අනුව). හැබැයි 1Mbps package වල 2Mbps speed නම් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.
- 3.6Mbps package එකේ නම් 3.6Mps එනවා හොරයි. 2-2.8Mbps විතර තමයි.
- surfing වලට නම් මොබිටෙල් තමා.
- ගන්නව නං මලින්ත එක්කත් කතා කරල බලන්න.
- download manager කෙනෙක්ට නම් එච්චර mobitel හරියන්නෙ නෑ. මොකද unlimited packages දෙන්නෙ නැති නිසා.
dialog, mobitel නම් prepaid broadband තියෙනව. පාවිච්චි කරල බලල හොඳයි නම් package එකකට මාරුවෙන එක තමයි හොඳම වැඩේ. මට නං මේ එකෙක්වත් sure නැති නිසා prepaid broadband පාවිච්චි කරන්නෙ.
package එකක් ගන්නව කියන්නෙ කසාද බඳිනව වගේ වැඩක් නෙව.
මේ ඔක්කොම අස්සෙ ළඟදීම Tigo broadband දෙන්න හදනව කියල එහෙන් මෙහෙන් ඇහෙනව. බලමු බලමු.
කාලෙකට පස්සේ නැවතත් HSPA කතාවක් සහ daily delight usage බලන හැටි
හුඟ කාලෙකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. විභාගෙත් ළඟ නිසා වැඩ ටිකක් වැඩියි. 2nd year project එකේ වැඩ හිරවෙලා තියෙන්නේ. ගිය සතියේ වැඩේ ඉවර කරලා client ළඟට ගියාම ආයෙත් තව තව requirements දුන්නනේ. විභාගෙත් ළඟයි පාඩම් කරන්නේ කොහොමද project ඉවර නැතිව. මොනව කරන්නද ඉතිං client negative feedback එකක් දුන්නොත් අපේ මහන්සිය සේරම වතුරේ.
ඩයලොග් HSPA එක අතෑරල දාලා airtel 300/= එකක් ගත්තා test කරන්න වගේ. කරාපිටියේ airtel store එකේ අක්කගෙන් මේකෙ ඇත්ත speed එක කීයක් විතර එනවද ඇහුවාම 7.2Mbps කියල කිව්ව. මට බකස් ගාල හිනාවෙන්න ගියත් අමාරුවෙන් ඒක තදකරගත්ත. ඔයගොල්ලන් 7.2 දෙන හැටි අපි දන්නව කිව්ව.
කරාපිටියට නං 3G සිග්නල් නෑ කිව්ව. ගෙදර ගිහින් බැලින්නං මෙන්න 3G තියෙනව. කොහෙන් ආවම මට මොකෝ මේක වැඩ නං. රුපියල් 500යිනේ connection fee එක. ඒ අතින් නං සෑහෙන්න ලාබයි. ඩයලොග් වගේ 3000ක් deposit කරල පළවෙනි මාසෙට මාස දෙකක ඒව අයකරගන්න සංකීර්ණ ප්ලෑන් නං නෑ. මගේ advance payment එකට චෙක් එකක් තැපෑලෙන් එවනව කිව්වට සති දෙකක් ගත උනත් තාම එවල නෑ. ඔය ගැන වෙනම පොස්ට් එකක් දාන්නයි මම ඉන්නේ. මට මේ මාසේ ඩයලොග් කනෙක්ෂන් අයින් කරන්න ඕන නං මම ලබන මාසේ බිලත් ගෙවන්න ඕන. ඊට පස්සේ ඒක ආයෙත් refund කරනව. කුනුහරුප මතක් වෙනව මේගොල්ලන්ගෙ කෝලම් වලට. airtel ගොඩක් ලාභ උනත් කනෙක්ෂන් එක නං එච්චරම හොඳ නෑ. නිතරම disconnect වෙනව.

ඒක වැඩ නැති වෙලාවක mobitel 3g daily delight පාවිච්චි කරන්න ගන්න අරගෙන activate කලාම මෙන්න මේක වැඩ නෑ. කලිං නං වැඩ කලානේ ඒ නිසා ගත්ත customer care එකට call එකක්. පළවෙනි එක්කෙනා මගේ nokia 1110 GPRS settings මගේ phone එක එවන්න හැදුවත් දෙවැනියට කතාකරපු එක්කෙනා නං සිද්ධිය මේකයි කියල ටක් ගාල තේරුම් ගත්ත. (ඔන්න මං ආයෙත් මගේ phone එක අහවල් වර්ගෙ කියල කිව්ව. දැන් ඉතිං phone එක ගැන කිව්ව කියල අර අනුන්ගෙ වැරදි හොයන එක්කෙනා කමෙන්ට් හැටහුටාහමාරයි තවත් එකහමාරකුයි දාලා අලුත් පොස්ට් එකකත් දායි. පරණ phone එක දන් දීලා ගත්තු එකාගේ දෙමාපියන්ට පින් දිදි ඉන්නෙ). දෙවැනියත් GPRS active කලා කිව්ව. ඒත් කොහෙද මේක තාම වැඩ නෑ. daily delight එතේ සල්ලි නිකම්ම මොබිටෙල් එකට පූජා කලා කියල හිතාගත්ත. හත් අට පාරක්ම කතා කලත් වැඩෙ නං තාමත් කෙරුනෙ නෑ. මොනව උනත් mobitel customer care එකේ පොඩ්ඩක් විතර improvement එකක් තියෙනව.:) (වැඩේ තාමත් නොකෙරුන එක වෙනම කතාවක්) ඉස්සර තරම් ගොං කතා කියන්නෑ
. මම මොබිටෙල් daily delight වලින්ම දුවන්න හිතාගෙනත් ඒක අතෑරල දැම්මෙ ඒකේ data usage එක බලන්න හරි ක්‍රමයක් නැති නිසා. ඒක ඉවරවෙලා phone එකේ සල්ලි සේරම කැපිල යනකල් දන්නෙ නෑ. MSG එකක් නං එනව තමා ඒක එනකොට සමහරවෙලාවට පෙරහැර ගිහින් .
අලුත් ආරංචියක් තියෙනව දැන් #170# ඩයල් කරල mobitel 3G daily delight usage බලන්න පුලුවන්. MSG එකකිනුත් බලන්න තිබ්බ නං හොඳයි. මොඩම් පාවිච්චි කරන අපි වගේ අයට හුලං නේ නැත්තං.
ඩයලොග් වල speeds වල සෑහෙන්න වැඩිවීමක් පහුගිය කාලෙ දැක්ක. අලුත් IP pool එකක් එහෙම අරගෙන dialog වැඩට බැහැල වගේ. මෙන්න speedtest එකක්

මේ වගේ කිහිපයක්ම මට කැම්පස් එකේ දී ගන්න ලැබුන.(ඉස්සර dialogblog වල බැනල බැනල කමෙන්ට් දාපු කාලෙ තරං නම් ඩයලොග් HSPA දැන් නරක නෑ. unstable ගතිය නං තාම තියෙනව) ඒත් මේ පල්ලෙහා තියෙන speed test එක වගේ connection එකකුත් තියෙද්දි මොකටද මාසෙට 2000ක් වියදම් කරන්නෙ.



