මේදවස් වල training නිසා බ්ලොග් කියවන එකයි ලියන එකයි දෙකම මඟැරිලා ගියා. training එක ගැන විස්තර පස්සෙ ලියන්නම්.
පහුගිය කාලේ දිගටම fedora පාවිච්චි කරලාම එපා උන නිසාත් fedora 12 unstable වීම නිසාත් ubuntu දාන්න හිතුනා. Karmic Koala ම දාන්න හිතාගෙන පෙන් එකෙන් ubuntu live එකක් හදාගත්තා. (කලේ මෙහෙමයි). කොහොම හරි විනාඩි 10න් ubuntu වින්ඩෝස් වලට ගිහින් ආයෙ boot කරද්දි grub එක අපිසෙට් ගහලා. මේ විදියට ආයෙ grub එක දාලා බැලුවා ubuntu වලට ගියාට grub එකට මුකුත් වෙන්නේ නෑ නිකමට හරි windows වලට ගියොත් grub එක අප්සෙට් යනවා. Karmic Koala එක්ක එන්නේ grub2 beta version එකක් නිසා grub එක update එකක් දෙන්න හැදුවා.
මුලින්ම grub2 අයින් කලා.
sudo apt-get purge grub2 grub-pc
පොඩි warning එකක් ආවා. කවුද ඉතිං ඕවා ගනං ගන්නේ
අලුත්ම grub එක මෙතැනින් ගත්තා.
ඒක මේ විදියට extract කලා.(tar zxvf <ගොනු නාමය>)
tar zxvf grub-1.98.tar.gz
මේ විදියට configure කරලා install කලා
cd grub-1.98
./configure
make
make install
සාමාන්‍ය package install එකකින් grub එක install කිරීම වෙනස්වෙනවා මෙන්න මෙතැනදී. grub එක MBR එකට write කරන පියවර. ඒක කරන්නෙ මෙහෙමයි.
sudo update-grub
sudo grub-install /dev/sdX
ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )
ඔය විදියට grub එක update කලාම grub එක update උනත් අර පරණ ලෙඩේ එහෙමම තිබුණා.
.
අවසාන විකල්පය ලෙස පරණ grub එකට මාරුවෙන්න හිතුවා. ඒක කලේ මෙහෙමයි.
මුලින්ම කලින් install කරපු grub uninstall කලයුතුවෙනවා.
මුලින් download කරලා install කරපු directory එක ඇතුලට ගිහින් මේ විධානය දුන්නා
make uninstall
legacy grub එක දාන්න කියලා කිව්වා මෙහෙම.
sudo apt-get install grub
ඊට පස්සේ මෙයාව MBR එකටත් ලියන්න කියලා කිව්වා.(ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )
sudo update-grub
sudo grub-install /dev/sdX
package manager මඟින් grub එක නැවත update වෙන එක වලක්වන්න මෙහෙම විධානයක් දුන්නා
echo "grub hold" | sudo dpkg --set-selections
දැන් /boot/grub/menu.lst file එක edit කරලා (gedit /boot/grub/menu.lst විධානයෙන්)මගේ windows partition එක හා Recovery Partition එකට entries දෙකක් දැම්මා.
title Microsoft Windows XP Professional
root (hd0,1)
makeactive
chainloader +1
recovery partition එකක් තියෙනවා නම් මේ විදියට තවත් එකක් ලිව්වාම හරි.
ඔක්කොම අවසානයේ මැෂින් එක reboot කලා
sudo reboot


