OLPC දැනට ලෝක බැංකු ආධාර ඇතිව නියාමක ව්‍යාපෘතියක් ලෙස අපේ රටේ ක්‍රියාත්මක වන බව ඔබ සමහරවිට දන්නවා ඇති. මටත් මේ ව්‍යාපෘතියට දායක වෙන්න අවස්තාවක් ලැබුනා අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් වල මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදීම සඳහා ඒවාගේ සර්වර් පරිගනක තුල ස්තාපනයට මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන්. (මම මගේ internship සඳහා සම්බන්ද වෙලාඉන්න UCSC Network Operating Center එක මෙම ව්‍යාපෘතියට තාක්ෂණික අංශයෙන් මඟපෙන්වනවා.)
OLPC යේ අරමුණු එහි නිල වෙබ් අඩවියේ ආකාරයට
” To create educational opportunities for the world’s poorest children by providing each child with a rugged, low-cost, low-power, connected laptop with content and software designed for collaborative, joyful, self-empowered learning. When children have access to this type of tool they get engaged in their own education. They learn, share, create, and collaborate. They become connected to each other, to the world and to a brighter future.”
“ලෝකයේ දුප්පත්ම ලමයින් වෙනුවෙන් අධ්‍යාපනික අවස්ථා ඇතිකිරීමට රළු, අඩුමිල, අඩු බලයකින් භාවිතා කලහැකි, සහයෝගීතාවය, සතුට, ස්ව-බලගැන්වුම් ඉගනුමක් සඳහා මෘදුකාංග අඩංගු, සම්බන්ධිත පරිගනකයක් හැම ලමයෙක් වෙනුවෙන්ම ලබාදීම. ලමයින්ට මේ වාගේ මෙවලමකට පිවිසුමක් තියෙනවානම් ඔවුන් තමන්ගේම අධ්‍යාපනයක නිරත වේවි. ඔවුන් ඉගෙනගනීවි,බෙදාගනීවි, නිර්මාණය කරාවි, සහයෝගයෙන් කටයුතු කරාවි. එකිනෙකා සමග, ලෝකයා සමග වගේම පැහැබර අනාගතයකට ඔවුන් සම්බන්ද වේවි.”
නමුත් OLPC ශ්‍රීලංකා වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවැන්නක්.


