Tag Archives: sinhala software

ensitip for google chrome – censitip – popup dictionary

ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල  browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor  එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ :D ). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක්  අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා. :( . කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ.  වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ ‍popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)

censitip

මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා :)

වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.

සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com

දැන් දැන් වැඩි වැඩියෙන් සිංහල මෘදුකාංග(software ) සහ ප්ලගීන(plugins)බි‍හිවෙන්න පටන් අරගෙන. ඒත් අපි සමහර වෙලාවට දන්නෙවත් නෑ මෙහෙම එකක් තියෙනවා කියල. නැත්තම් software එකක් තියෙනවා කියලා දන්නවා ඒත් බාගත කරගන්න (download) යන්න ඕන කොතැනටද කියලා අපි දන්නෙ නෑ. :( . මේ ගැටලුවට පිළියමක් විදියටයි sinhalasoftware.com ආරම්භවෙන්නේ.

සිංහල මෘදුකාංග ගැන දැනුවත් කරන්න, අවශ්‍ය නම් අපට හැකි අයුරින් මෘදුකාංග නිර්මාණකරුවන්ට උදව් ලබාදෙන්න අරමුණු සමග අමිල ප්‍රසාද් සොයුරා පටන් ගත්ත වෙබ් අඩවියක් මේක. මේ අදහස ඔහුගෙ හිතේ කාලයක් තිබිල තියෙන බව කතාවෙන් තේරුනා. මම මෙතැනට සෙට් උනේ මගේ හිතෙත් ‍එහෙම අයිඩියාවක් තිබිල මගේ යාලුවො දෙතුන්දෙනෙකුට කියලයි තිබුනෙ මෙහෙම එකක් කරන්න ඕන ඒත් සල්ලියි වෙලාවයි නෑ කියල. ඉතිං මගේ ඒ උනන්දුව දන්න  චමිලගෙ මාර්ගයෙන් මම අමිලව අඳුරගත්තා. තාම අමිලව අඳුරගෙන සතියක් වත් නැහැ. :D . අමිල ඉන්නෙ ඉතාලියෙ. ඒත් අපිදෙන්නාම පොදු අරමුණක් සඳහා වැඩකරන නිසා මේ එකක්වත් ප්‍රශ්ණ නෙවෙයි. :)

වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඕන කෙනෙකුට sinhalasoftware.com වල තමන්ගෙ මෘදුකාංගය ගැන විස්තරයක් ලියල දාන්න පුළුවං. අවශ්‍ය නම් හොස්ටින් ලබාදෙනවා. නැත්තම් ලින්ක් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. software එකේ home page එකටත් ලින්ක් එකක් දාන්න අපි ඉඩ ලබාදෙනවා. මෙහෙම මෘදුකාංගයක් තියෙනවා කියල දැනුවත් කරන්නයි අපිට ඕන. තාම වැඩේ පටන් ගත්තා විතරයි. තාම සයිට් එකත් under construction කිව්වට වැරැද්දක් නැහැ. දැනට මෘදුකාංග කිහිපයක් එකතු කරල තියෙන්නෙ. ඉදිරියේදී මේ ගණන වැඩි කරගන්න මේක කියවන ඔබේත් දායකත්වය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.(පොඩිම පොඩි මෘදුකාංගයක් උනත් කමක් නෑ එකතු කරන්න)

ඔබේ මෘදුකාංගය ගැනත් sinhalasoftware.com ට එකතු කිරීම ඔබටම කරන්න පුළුවන්. register වී. add DL ක්ලික් කිරීමෙන් මෙය කලහැකියි.