Tag Archives: sinhala
කොට චින්තනය
qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….
qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව
). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.
qsChrome අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).
ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ. qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලාපොරොත්තු වෙනවා.
Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්.
බාගත කරගන්න මෙතැන click කරන්න.
ඇඩ්මින් ගනං බලන්නෙ තැතුව යුනිකෝඩ් පාවිච්චි කරමුද?
හෝව් හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි. qsFOX විසඳුමක් වෙන්නෙ firefox වලට විතරයිනෙ. වෙන application එක්ක සිංහල unicode හදාගන්නෙ කොහොමද?
කරන්නෙ මෙහෙමයි…. මුලින්ම unicode වැඩ කරන මැෂින් එකකින් usp10.dll එක කොපි කරගන්න. ඊට පස්සෙ ඇඩ්මින් බලය නැති මැෂින් එකේ අපිට වැඩ කරන්න ඕන application එකේ exe එක තියෙන තැනට ඒක copy කරන්න. කොපි කරන්න permissions නැති තැනක් නම් ඒ folder එක පිටින්ම වෙන තැනකට කොපි කරලා උත්සහ කරල බලන්න. නැත්තම් portable apps වලින් portable application එකක් download කරගෙන ඒකෙ exe එක තියෙන තැනට usp10.dll එක copy කරන්න. දැන් ඔබ සිංහල යුනිකෝඩ් සඳහා අවශ්‍ය rendering engine එක ස්තාපනය කරගෙන අවසන්. දැන් කරන්න තියෙන්නෙ font install කරන වැඩේ. ඇඩ්මින් බලය නැතුව යුනිකෝඩ් හැටි ගැන කලින් මෙතන ලිව්වා. ඒ විදියට අවශ්‍ය unicode fonts ස්තාපනය කරගන්න.මේ font වැඩ් කරන්න පොඩ් tool එකකුත් තියෙනවා. එක තමයි මම මගේ portable firefox එක්ක පාවිච්චි කලේ. මෙතැනින් ඒක බාගන්න.
qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.
පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා.
1. .net framework එක නොමැති නම් manually fonts install කරගන්න සිදුවීම.
2. type කරන්න විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්න පහසුකමක් නැති නිසා එසැනින් පරිවර්ථකය පාවිච්චි කරන්න සිදු වීම. විජේසේකර හුරුවූ ගොඩක් අයට මේක ගැටළුවක් උනා.
3. portable firefox එකක් pen drive එකේ අරං ගියත් ආයෙත් ඒ මැෂින් එකට ආයෙත් fonts install කරන්න ඕන. restart කරන්න උනත් කතාව මේකමයි. ආයෙ fonts install කරන්න ඕන.
4. admin account එක්ක හරියට වැඩ කරන්නේ නැහැ.
මේ අඩුපාඩු නිවැරදි කරන්න හිත හිත ඉන්න කොට මේක Firefox extension එකකට ගන්න පුළුවං වෙයි කියල හිතුනා. මේ ගමන්ම Firefox extension එකක හරි, realtime විදියට හරි විජේසේකර layout එක හදන වැඩෙත් හිතේ කොනක තිබ්බා. එතකොට මම වැඩ පටන් ගත්තා විතරයි. එසැනින් පරිවර්තකයට බාස් වැඩ දිදී ඉන්නකොට ඉසුරුට (මම උසස් පෙල කරන කාලෙ මාත් එක්ක එකට පාඩම් කරපු) කැම්පස් එකේ project එකක් කරන්න අයිඩියාවක් ඉල්ලුවා මගෙන්. මිනිහට දුන්නා නම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියල හොඳටෝම දන්න නිසා problem domain එක, requirement එහෙම විස්තර කරලා portable Firefox වලට ආපු ප්‍රතිචාර ටිකකුත් විස්තර කලා. project proposal එකට අනුමැතිය ලැබෙනත් ඉස්සෙල්ලා ඉඳංම ඉසුරු පොඩියට වැඩ පටන් ගත්තා. මම development පැත්තෙන් නං මේකට දක්වපු දායකත්වය 0 යි. මම කලේ අදහස් දීපු එක සහ ටෙස්ටිං පැත්ත.
portable sinhala unicode firefox එක්ක තිබුණු අවුල් සියල්ලම වගේ qsFOX සමඟින් විසඳෙනවා.
qsFOX වැඩ කෑලි.
1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ. ![]()
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.
ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.

image credit:http://www.area-56.de
මුලින්ම මම කඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා.
.


