Tag Archives: unicode

ensitip for google chrome – censitip – popup dictionary

ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල  browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor  එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ :D ). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක්  අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා. :( . කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ.  වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ ‍popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)

censitip

මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා :)

වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.

qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….

qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome  වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව :D ). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.

qsChrome ‍අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).

ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු  ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ.  qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලා‍පොරොත්තු වෙනවා.

Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්. :) බාගත කරගන්න මෙතැන click කරන්න.

ඉතිරියත් කියවන්න qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් …. (…)

ඇඩ්මින් ගනං බලන්නෙ තැතුව යුනිකෝඩ් පාවිච්චි කරමුද?

හෝව් හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි.  qsFOX විසඳුමක් වෙන්නෙ  firefox වලට විතරයිනෙ. වෙන application එක්ක සිංහල unicode හදාගන්නෙ කොහොමද?
කරන්නෙ මෙහෙමයි…. මුලින්ම unicode වැඩ කරන මැෂින් එකකින් usp10.dll එක කොපි කරගන්න. ඊට පස්සෙ ඇඩ්මින් බලය නැති මැෂින් එකේ අපිට වැඩ කරන්න ඕන application එකේ exe එක තියෙන තැනට ඒක copy කරන්න. කොපි කරන්න permissions නැති තැනක් නම් ඒ folder එක පිටින්ම වෙන තැනකට කොපි කරලා උත්සහ කරල බලන්න. නැත්තම් portable apps වලින් portable application එකක් download කරගෙන ඒකෙ exe එක තියෙන තැනට usp10.dll එක copy කරන්න. දැන් ඔබ සිංහල යුනිකෝඩ් සඳහා අවශ්‍ය rendering engine එක ස්තාපනය කරගෙන අවසන්. දැන් කරන්න තියෙන්නෙ font install කරන වැඩේ. ඇඩ්මින් බලය නැතුව යුනිකෝඩ් හැටි ගැන කලින් මෙතන ලිව්වා.  ඒ විදියට අවශ්‍ය unicode fonts ස්තාපනය කරගන්න.මේ font වැඩ් කරන්න පොඩ් tool එකකුත් තියෙනවා. එක තමයි මම මගේ portable firefox එක්ක පාවිච්චි කලේ. මෙතැනින් ඒක බාගන්න.

ඉතිරියත් කියවන්න ඇඩ්මින් ගනං බලන්නෙ තැතුව යුනිකෝඩ් පාවිච්චි කරමුද? (…)

qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.

පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ‍ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා.

1. .net framework එක නොමැති නම් manually fonts install කරගන්න සිදුවීම.
2. type කරන්න විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්න පහසුකමක් නැති නිසා එසැනින් පරිවර්ථකය පාවිච්චි කරන්න සිදු වීම. විජේසේකර හුරුවූ ගොඩක් අයට මේක ගැටළුවක් උනා.
3. portable firefox එකක් pen drive එකේ අරං ගියත් ආයෙත් ඒ මැෂින් එකට ආයෙත් fonts install කරන්න ඕන. restart කරන්න උනත් කතාව මේකමයි. ආයෙ fonts install  කරන්න ඕන.
4. admin account එක්ක හරියට වැඩ කරන්නේ නැහැ.

මේ අඩුපාඩු නිවැරදි කරන්න හිත හිත ‍ඉන්න කොට මේක Firefox extension එකකට ගන්න පුළුවං වෙයි කියල හිතුනා. මේ ගමන්ම Firefox extension එකක හරි, realtime විදියට හරි විජේසේකර layout එක හදන වැඩෙත් හිතේ කොනක තිබ්බා. එතකොට මම වැඩ පටන් ගත්තා විතරයි. එසැනින් පරිවර්තකයට බාස් වැඩ දිදී ඉන්නකොට ඉසුරුට (මම උසස් පෙල කරන කාලෙ මාත් එක්ක එකට පාඩම් කරපු) කැම්පස් එකේ project එකක් කරන්න අයිඩියාවක් ඉල්ලුවා මගෙන්. මිනිහට දුන්නා නම් වැඩේ ඉක්මනට කරගන්න පුළුවං වෙයි කියල හොඳටෝම දන්න නිසා problem domain එක, requirement එහෙම විස්තර කරලා portable Firefox වල‍ට ආපු ප්‍රතිචාර ටිකකුත් විස්තර කලා. project proposal එකට අනුමැතිය ලැබෙනත් ඉස්සෙල්ලා ඉඳංම ඉසුරු පොඩියට වැඩ පටන් ගත්තා. මම development පැත්තෙන් නං මේකට දක්වපු දායකත්වය 0 යි. මම කලේ අදහස් දීපු එක සහ ටෙස්ටිං පැත්ත.
portable sinhala unicode firefox එක්ක තිබුණු අවුල් සියල්ලම වගේ qsFOX සමඟින් විස‍ඳෙනවා.

qsFOX වැඩ කෑලි.

1. qsfox මඟින් සිංහල යුනිකේත භාවිතයට පරිගනකයේ යුනිකේත ස්තාපිතව තිබීම අනවශ්‍යයයි. firefox තිබ්බාම ඒ හොඳටෝම ඇති. admin බලය අනවශ්‍යයයි.
2. fonts install වීම ස්වයංක්‍රීයවම සිදුවෙනවා.
3. විජේසේකර යතුරු පුවරුවෙන්ම යතුරු ලියනය කරන්න පුළුවන්.
4. විජේසේකර පුරුදු නැති අයට විජේසේකර පුරුදුවෙන්න පොඩි කීබෝඩ් layout එකක් තියෙනවා. විජේසේකර  පුරුදුවෙන අයට මේක අත්වැලක් වෙයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න. යුනිකෝඩ් තිබ්බට කමක් නෑ. ;)
5. සිංග්ලිෂ් ආකාරයෙන් ටයිප්කිරීමටද සහාය දැක්වීම. එසැනින් පරිවර්ථකය වගේ copy, paste කර කර ලියන්න ඕන නැහැ.

ඉතිරියත් කියවන්න qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි. (…)

firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න

මගේ පරිගණකයේ default browser එක firefox. ඒත් දුමේ දාලා තියෙන ie ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ සමහර වෙලාවට බිල් ගේට්ටු මාමාගෙ සයිට් එකෙන් වැඩක් කරගන්නයි online පත්තර කියවන්නයි. ඒත් දැන් මේකට විසඳුමක් තියෙනවා ie වල rendering engine එක firfoxට embed කරන add-on එකක්. සිම්පල් ප්ලෑන් එකක්.  සිංහල අකුරු වෙනුවට වෙන වෙන බහුබූත පෙන්නන සයිට් එකකට ‍ගියොත් ආයේ link එක කොපි කරල ie හොයාගෙන යන්න ඕන නෑ.  status bar එකේ පොඩි icon එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. මේක වැදගත් වෙයි web development කරන අයටත් තමන් හදන සයිට් එක එක browsers වලට support කරන්නෙ කොහොමද කියල එකම browser එකක ඉඳල බලාගන්න.

මෙතැනින් download කරන්න.

ඉතිරියත් කියවන්න firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න (…)

සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා

සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් ‍domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.)  එතකොට කොහොමද සිංහල ‍domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා  දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.

ඉතිරියත් කියවන්න සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා (…)

සිංහල සමඟින් Firefox portable 3.5

කලින් firefox 3 සඳහා මම නිර්මාණය කල යුනිකේත සමඟ Firefox portable එක අප්‍රේල් 1 වෙනිදා සිට මේ වෙනතුරු download  276 ක්  කරල තියෙනවා. මාස 2කට 276ක් නරකමත් නෑ. :) . මාත් එක්ක තරහ අයත් මේක පාවිච්චි කරනව කියල දැනගන්න ලැබුනා. ;) . හා හා කමක් නෑ ඒකට මොකෝ. :)

Firefox 3.5 ඇවිත් ටිකක් කල් උනාට එක එක වැඩ නිසා සිංහල යුනිකේත එකතු කල portable firefox 3.5 හදන වැඩේ ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න හොඳේ. මේ පාර test කරන වැඩේ හරියට බැරි උනා. යුනිකෝඩ් නැති මැෂිමක් නෑනේ හොයාගන්න බෙහෙතකටවත් :) . අතපසුවීමක් උනොත් සමාවෙන්න. මේපාර ඉස්සෙල්ල තිබ්බ ඉස්කෝලෙ පොත font එක ‍විතරක් නෙවෙයි මලිති,දිනමින, කපුටා කියන fonts ටිකත් register වෙන විදියට සැකසුවා.

ඔන්න එහෙනං මෙතැනින් ගන්න. මේපාරත් අන්තිම මොහොතේ හරිම අමාරුවෙන් බින්කුවාව අල්ලගෙන testing කෙරෙව්වා. වැරදි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. පරණ version එක ඕන අය   මෙතැනින් ගන්න.

pen drive එකකට දාලා යන යන තැන අරන් යනව නං Register_unicode_fonts.bat එක run කරලම Firefox open කරන්න.

ආ‍ මේක ගොඩාක් වැදගත්, admin බලය තියෙනව නං මේක දාන්න එපා. admin account එකකට දැම්මොත් අවුල් යන්න ඉඩතියෙනව. ඇඩ්මින් තියෙනව නං කම්මැලි නැතුව යුනිකේත දාගන්න හොදේ.(‍ඒක වැරදීමක් නෙවෙයි මං හිතලමයි කලේ හො‍ඳේ ;) )

විභාගේ/අභාගේත් ළඟයි. :( මම යනවා පාඩම් කරන්න. ටටා. :D

පසුව ලියමි : Unicode font register වුනේ නැත්තම් මේ ක්‍රමය අනුගමනය කරන්න. (කොටින්ම කිව්වොත් ඕක වැඩ නොකලොත් අතන මෙතන screenshots දාන්නෙ නැතිව :D )ටිකක් දිග වැඩි හින්දයි font register කරන්න tool එකක් යොදා ගත්තේ.

important: if you still cant read sinhala after using this tool try install fonts manually. to install fonts without admin privileges please follow this guide.